ආතර් කොනන් ඩොයිල් ගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

ක්ලිෆර්ඩ් ජිගන්ස් ගේ එක්තරා ලිපියක, ඔහු සඳහන් කරනවා සුප්‍රකට ශර්ලෝක් හෝම්ස් කතෘ ආතර් කොනන් ඩොයිල් විසින් භාවිතා කරන ලද බොහෝමයක් චරිත සඳහා ඔහු ගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයින් ගේ නම් භාවිතා කර ඇති බව...

ආතර් කොනන් ඩොයිල් විසින් පෞද්ගලිකව තහවුරු කරන ලද ප්‍රධානතම නම් වූයේ;
ශර්ලොක් හෝම්ස් : ෆ්‍රෑන්ක් ශැක්ලොක් (ඩර්බිශයර් ප්‍රාන්තය) සහ මොර්ඩෙකායි ශර්වින් (නොටින්හැම්ශයර්), හෙන්රි හෝම්ස් (හැම්ප්ශයර්)
මයික්‍රොෆ්ට් හෝම්ස් : තෝමස් සහ විලියම් මයික්‍රොෆ්ට් (අර්ධ සොහොයුරන්) (ඩර්බිශයර්).


මීට අමතරව, ඉහත ලිපිය පළකල ක්ලිෆර්ඩ් ජිගන්ස් ;
දොස්තර වොට්සන් ගේ නම එකල ක්‍රීඩා කරන  ලද එම වාසගම සහිත ක්‍රීඩකයින් 5කින් අයෙක් විය හැකි බවත් එයිනුත් වැඩි සම්භාවිතාවයක් ඇත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ක්‍රීඩා කළ දොස්තර ජෝසෆ් වොට්සන් හෝ ලැන්කශයර් ප්‍රාන්තයේ ඇලෙක් වොට්සන් විය හැකි බවට, පවසනවා.



The missing three-quarter (රගර් ක්‍රීඩකයා ගේ කථාන්තරය - මහ රෑ ආ මාරයා, චන්දන මෙන්ඩිස් මහතා ගේ පරිවර්තිත කෘතිය) , නම් කෙටි කතාවේ, සඳහන් නම් 9ක් 1902 වසරේ එංගලන්තයට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ට සමාන වන බවටත් ක්ලිෆර්ඩ් ජිගන්ස් පවසනවා.

1) ආම්ස්ට්‍රොන්ග් - වෝර්වික් ආම්ස්ට්‍රොන්ග්
2) ඩික්සන් - ජේ.ඒ. ඩික්සන් 
3) හොප්කින්ස් - ඒ.ජේ.වයි. හොප්කින්ස්
4) මුවර්හවුස් - එකල මෙම වාසගම සහිත ක්‍රීඩකයින් තිදෙනෙක් සිට ඇති අතර එයින් ෆ්‍රෙඩ් සහ රොබර්ට් සහෝදරවරුන් වෝර්වික්ශයර් සහ යෝර්ක්ශයර් ප්‍රාන්ත වලට ක්‍රීඩා කළා..
5) මෝර්ටන් - ආතර් මෝර්ටන් (ඩර්බිශයර්)
6) ඕවර්ටන් - විලියම් ඕවර්ටන් (මාර්ලිබෝන්)
7) ස්ටෝන්ටන් - හාර්වි ස්ටෝන්ටන් (නොටින්හැම්ශයර්)
😎 ජොන්සන් - පීටර් ජොන්සන්
9) ස්ටීවන්සන් - හෙන්රි ජේම්ස් (මාර්ලිබෝන්) හෝ ජෝර්ජ් (ඩර්බිශයර්)

The Hound of the Baskerville (බැස්කවිල් රුදුරු බල්ලා) හි නම් 14ක් එකල ක්‍රීඩකයින්ට සමාන බවට ක්ලිෆර්ඩ් ජිගන්ස් සොයාගෙන තිබෙනවා. (කාර්ට්රයිට්, ක්ලේටන්, ජොන්සන්, ලයන්ස්, මෝර්ටිමෝර්, පර්කින්ස්, ස්ටේප්ල්ටන්, ඇන්තනි)

මීට අමතරව හොබ්ස් (ජැක් හොබ්ස්), වෝනර් ('ප්ලම්' වෝනර්), මැක්ලරන් (ආර්චි මැක්ලරන්) වැනි නම්/ස්ථාන ශර්ලොක් හෝම්ස් කතන්දර තුළින් දැකගන්නට ලැබෙනවා.

ආතර් කොනන් ඩොයිල් පළමු පෙළ තරග ක්‍රීඩා කර ඇති අතර වරෙක ඔහු දොස්තර විලියම් ග්‍රේස් ගේ කඩුල්ල දවා ගෙන තිබෙනවා.

ආතර් කොනන් ඩොයිල් ගේ මරණයෙන් පසු වෙනත් රචකයින් ශර්ලොක් හෝම්ස් චරිතය ඇසුරින් වෙනත් කෙටිකතා පළ කළ අතර එයින් ක්‍රිකට් හා සම්බන්ධ කෘතියක් පළ කිරීමට ස්ටෑන්ලි ශෝ ට හැකිවනවා. එය නම් කර තිබෙන්නේ "Sherlock Holmes at the 1902 Fifth Test". 


Images:
1) තෝමස් මයික්‍රොෆ්ට් (Source: Roger mann)
2) ඇලෙක් වොට්සන් (Source: Roger mann)
3) ස්ටෑන්ලි ශෝ විසින් රචිත 1902, පස්වන ටෙස්ට් තරගය (Source: Amazon)


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments