පිතිකරණය, තමුන්ට හරියන දෙයක් නෙමෙයි..

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගේට්ටු විවෘත කිරීමටත් පෙර එක් 14 හැවැරිදි කොළු ගැටයෙක්  ක්‍රීඩාංගණය අසළට පැමිණියේ විශේෂ කටයුත්තක් සඳහා..

තම ගමන් මල්ලේ, බූට් සපත්තු, සුදු පැහැති දිගු කලිසම සහ ක්‍රීම් පැහැති කමිසය ඇත්දැයි සැකහැර දැනගැනීමට ඔහු ගමන් මල්ල දෙස නැවත බැලුවා..

ගේට්ටු විවෘත කිරීමට තවත් පැයක කාලයක් බලා සිටි ඔහු ඒ අතරතුර ගල් කැට කිහිපයක් ගෙන ඈතට විසි කළේ, තම ශක්තිය මැන බැලීමට...

යාර කිහිපයක් ඈත තිබුණු ටින් බෙලෙක්කයකට මාන බැලූ ඔහු, එයට වේගයෙන් ගල් කැටයක් විසි කළා...

සාර්ථකයි... ටින් බෙලෙක්කය විසිවී ගියා...

ඔහු පුන පුනා බලා සිටි මොහොත එළබුණා.. ගේට්ටූ විවෘත වුණා... ඔහු නොඉවසිල්ලෙන් බලා සිටි, ප්‍රබල ක්‍රීඩකයින් වූ දොස්තර විලියම් ගිල්බට් ග්‍රේස්, බොබී අබෙල්, ඇන්ඩෲ ස්ටොඩාර්ට්, බොබී පීල් සහ ජෝර්ජ් ලෝමන් ගෙන් සමන්විත එංගලන්ත පිළ ක්‍රීඩාංගණයට පිවිසුණා..

එවකට 43 හැවැරිදි වියේ පසුවූ දොස්තර ග්‍රේස් එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කළා..
දෙසැම්බර් මස 4 වන දා පැවති මෙම ටෙස්ට් තරගයේ මුල්ම දිනය මෙදා යි.. (1891)
මෙම 14 හැවැරිදි කොළු ගැටයා හා සමානව ඔහුගේ වයසේ තවත් පිරිමි ළමුන් සිටි අතර ඔවුන්ගේ රාජකාරිය වූයේ තරගයට පෙර පුහුණුවීම් වල නිරතව සිටි එංගලන්ත පිතිකරුවන්ගෙන් එල්ලවන පන්දු රැගෙන නැවත විසි කිරීම යි...

දොස්තර ග්‍රේස් ගේ විශේෂ අවධානයට ලක්වන්නට මෙම කොළු ගැටයාට හැකිවුනා. ඔහු අනෙක් ළමුන් මෙන් නොව, පන්දුව නිසි පරිදි රැකගෙන එය වේගයෙන් නිසි එල්ලයට විසි කිරීමට හැකි අයෙක්..

ග්‍රේස්, ඔහුට තම පිත්ත ලබාදුන්නේ පන්දු කිහිපයකට මුහුණ දෙන ලෙස පවසමින්...

මෙදින සිඩ්නි තණතිල්ල වියළි ගිය, තැනින් තැන කුහර සහිත එකක් වුනා. කොළු ගැටයා අපහසුවෙන් පහර කිහිපයක් එල්ල කිරීමට උත්සහ ගත්තා. පන්දුව , වියළි ගිය තණතිල්ලේ ගැටී පිතිකරුවා දෙසට පැමිණෙන්නේ සර්පයෙකු පැමිණෙන්නා සේ ය.

දොස්තර ග්‍රේස් , මෙම කොළු ගැටයා අසළට පැමිණ මෙසේ පැවසුවා.

"කොල්ලෝ.. උඹ නං කදිම පන්දු රකින්නෙක්, හැබැයි උඹට කවමදාකවත් දක්ෂ පිතිකරුවෙක් වෙන්නට නං බැරි වේවී..." ("I'm afraid to say batting is not your forte")

දොස්තර ග්‍රේස්, එය ශබ්ද නගා පැවසුවේ තරමක් සමච්චල් ස්වරූපයකින්..

මෙම වචන ස්වල්පය, මෙම කොළු ගැටයා ගේ මනසේ රැඳුනේ, ඔහු අධෛර්යයට පත්කරමින්.

මෙම තරගයේ ජය හිමිවුනේ දොස්තර ග්‍රේස් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායමට, කඩුලු 4කින්.

මෙය සිදුවී වසර අටකට පමණ පසු ඉහත සඳහන් කළ කොළු ගැටයා ඕස්ට්‍රේලියානු පිළ නියෝජනය කරමින් නොටින්හැම් හි ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා.

මෙම තරගය දොස්තර ග්‍රේස් ගේ අවසන් ටෙස්ට් තරගය වුනා.

එම ටෙස්ට් තරගයේ දී මෙම කොළු ගැටයා අසාර්ථක වුනත් ඉන් පසුව පැවති ටෙස්ට් තරගයේ දී මොහු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනවා.

නොදැවී ලකුණු 135ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු පිළ කඩුළු 10ක ජයක් කරා රැගෙන යාමට සමත් වූ මෙම කොළු ගැටයා ගේ නම ;

"වික්ටර් ට්‍රම්පර්"

ඔහුව අදටත් සැලකෙන්නේ (Best Batsman ever to play on bad wickets) ඉතාමත් අසීරූ තණතීරු මත හොඳින් ලකුණු රැස්කරන්නෙක් ලෙස ට.. 

පසුව:
ඉහත ට්‍රම්පර් ශතකයක් රැස් කළ ටෙස්ට් තරගයෙන් පසුව ඕස්ට්‍රේලියානු පිළ සිටි ක්‍රීඩාගාරය අසළට දොස්තර ග්‍රේස් පැමිණ තිබෙනවා.. ඔහු ට්‍රම්පර් අගයමින් ඔහුට පිත්තක් ලබා දුන් අතර එහි "From the old champion to the future champion" ලෙස සඳහන් කර තිබෙනවා.



ට්‍රම්පර් ගැන වැඩිදුර තොරතුරු :- 


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments