කොන්-ආටිස්ට්

2011 වසරේ දී වූස්ටර්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් වෘත්තිමය ක්‍රිකට් දිවිය අරඹන එඩ්රියන් ශංකර් නමැති ක්‍රීඩකයා හට තරග දෙකකට අවස්ථාව ලබාදීමෙන් පසු (සීමිත ඕවර තරගය සහ පළමු පෙළ තරගය) ඔහුගේ කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නට බලධාරින්ට සිදුවුනා.

ඊට හේතුවුනේ ඔහු, වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් නිලධාරින් මුලා කර ව්‍යාජ තොරතුරු සැපයීමයි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තරගාවලි ක්‍රීඩාකර විශිෂ්ට දක්ෂතා දැක්වූ බවට සහ ඔහුගේ වයස අවුරුදු 26ක් බවට තොරතුරු සපයමින් වූසටර්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ වරම් දිනාගත්තා (ඔහු ඉන් පෙර කේම්බ්‍රීජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයක් ක්‍රීඩා කර තිබුණා)




ඔහු ශ්‍රී ලංකාවේ දී වෙළඳ සේවා තරග කිහිපයකට පමණක් සහ ඔහුගේ නියම වයස 29ක් බවටත් ඔහු විසින් රැස්කර ඇති එකම පළමුපෙළ ශතකය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉතාමත් දුර්වල පන්දුයවන්නන් ඉදිරියේ වාර්තා වූ එකක් බවටත් පසුව අනාවරණය වුනා. එමෙන්ම ඔහු රංගන හේරත් විසින් යොමුකරන ලද පන්දුවාරයක දී හයේ පහරවල් 5ක් එල්ල කළ බවටද වූස්ටර්ෂයර් බලධාරින්ට පවසා තිබෙනවා (රංගන හේරත් පසුව හෙලි කළේ ඔහුගේ ක්‍රිකට් දිවියේ කිසිවෙකුත් එක් පන්දුවාරයක හයේ පහරවල් 5ක් එල්ල නොකළ බවයි). 

ඇලිස්ටෙයාර් කුක් සමඟ බෙඩ්ෆර්ඩ් පාසලේ දී ක්‍රිකට් ක්‍රීඩා කළ ඒඩ්‍රියන් ශංකර් ගේ මුල්ම සීමිත ඕවර (List A) තරගයේ ආරම්භක පිතිකරණ සඟයා වූයේ මොයින් අලි ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ නියම Con-Artist කෙනෙකු වන ඒඩ්‍රියන් ගේ වෘත්තීමය ක්‍රිකට් දිවිය එලෙස අවසන් වූවත් අද ඔහු දක්ෂ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙස සැලකෙනවා.

Read More About Adrian Shankar the "Con-Artist"- 
https://wisden.com/.../the-adrian-shankar-files-part-one...


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments