විනිසුරුවරු සුදු පැහැති කබායක් පැළඳීමට බලපෑ සිදුවීම

ක්‍රිකට් ක්‍රීඩාවේ, පන්දු යැවීමේ ශෛලිය වරින් වර වෙනස් වී නීතිගත වූ අවස්ථා ගැන මීට පෙර ඔබ කියවලා ඇති. ඉන් එක් ප්‍රබල වෙනස්කමක් වූ ඕවර් ආර්ම් (Over Arm) ශෛලිය නීත්‍යානුකූල වීමට පෙර භාවිතා වූයේ රවුන්ඩ් ආර්ම් පන්දු යැවීමේ ශෛලියයි. ඒ 1860 ට පෙරයි.
 
රවුන්ඩ් ආර්ම් (Round Arm) පන්දු යැවීමේ ශෛලිය, එහෙමත් නැත්නම් ලසිත් මාලිංග ගේ පන්දු යැවීමේ ශෛලියට සමාන පන්දු යැවීම එදා ඉතාමත් සුලභ දසුනක් වුනා. බෙල් ඔෆ් ලයිෆ් (Bell of Life) නමැති සඟරාවේ 1859 දි ලිපියක් පළවෙන අතර එහිදී එම ලිපිය ලියූ තැනැත්තා පවසා ඇත්තේ පන්දු යවන්නන් Round the Wicket ආකාරයෙන් පන්දු යැවීම වෙනුවට Over the Wicket ආකාරයෙන් පන්දු යැවීම පිතිකරුවන් අසීරුතාවයට පත්වන බවයි. 

එයට හේතුව විදිහට ඔහු පැහැදිලි කර ඇත්තේ, Over the Wicket ආකාරයෙන් පන්දු යවන විට, රවුන්ඩ් ආර්ම්  ශෛලිය නිසා කඩුල්ල පසුපස ස්ථානගතව සිටින විනිසුරුගේ ගේ වර්ණවත් කබාය හේතුකොටගෙන පන්දුව නිසි පරිදි නිරීක්ශණය කිරීමට නොහැකි බවයි. 
මේ සඳහා විවිධ පුද්ගලයින් ප්‍රධාන විසඳුම් දෙකක් ගෙනහැර පෑවා. 

1. Over the Wicket ආකාරයෙන් පන්දු යැවීම තහනම් කිරීම.

2. විනිසුරුවරුන් හට සුදු පැහැති කබායක් පැළඳ රාජකාරියේ නිරත විය යුතු බව.

පළමු විසඳුම ප්‍රායෝගික නොවන නිසා, 1861 වසරේ දී United England Eleven සහ 16 Free Fosters අතර තරගය සඳහා විනිසුරුවරුන් සුදු පැහැති කබායක් පැළඳ ක්‍රීඩා පිටියට පැමිණීමෙන් මෙම සම්ප්‍රදාය ආරම්භ වුනා. 


ඉන් වසර 145කට පසු සීමිත ඕවර තරග තුළ දක්නට ලැබෙන ඉතාමත් දුර්ලභ පන්දු යැවීමේ ශෛලියක් හිමි (19 වන ශතවර්ෂයේ ඉතාමත් සුලභ පන්දු යැවීමේ ශෛලිය) ලසිත් මාලිංග යොමුකරන පන්දුව නිරීක්ශනය කිරීමට අපහසු බව පිතිකරුවන් චෝදනා කිරීම නිසා සීමිත ඕවර තරග තුළත් විනිසුරුවරුන් වසර ගණනාවක් තිස්සේ රැකගෙන සිටි සාම්ප්‍රදායික සුදු කබාය හෝ ලා වර්ණ පැහැති ඇඳුම් අත් හැර දමා වර්ණවත් ඇඳුම් පැළඳීමට තීරණය කළා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments