93 දී හෂාන් ගෙන් 93ක්

"හතුරුසිංහ ගේ ස්ක්වෙයාර් කට් පහර, ගුරුසිංහ අතරින් පතර එල්ල කරපු ඩ්‍රයිව් පහර හැරෙන්නට , මේ දෙදෙනා ක්‍රීඩා කළේ බෙහෙවින්ම ආරක්‍ෂිතව. හොකි ග්‍රිප් එක සේ පිත්ත හසුරුවමින්, අරවින්ද ද සිල්වා, පුල් පහරකින් මිඩ් විකට් එක ඔස්සේ එම්බියුරි ට හයේ පහරක් එල්ල කළා. අර්ජුන හා එක්ව දෙදෙනා පන්දුවාර දෙකකදී ලකුණු 25ක් රැස් කළ අතර ඒ අනුව, නව පන්දුව ගෙන එන්නට එංගලන්ත ක්‍රීඩකයින් තීරණය කළා. නමුත්, මේ ක්‍රීඩකයින් අතරින් අලංකාරම ඉනිම එල්ල කළේ , හෂාන් තිලකරත්න. ඇලෙක් ස්ටුවර්ට් මෙන් ඔහු ද සෑහෙන්න දියුණුවක් අත්කරගෙන තිබෙනවා, කඩුලු රැකීමේ රාජකාරිය අත්හැරීමෙන් පසුව".
Hathurusinghe, apart from his square cut, and Gurusinha, apart from the occasional drive, were mostly defensive. Aravinda de Silva supplied the pulling, whipping Emburey for six over mid-wicket with his hockey grip. He and the ample Ranatunga launched into a two-over spree of 25 runs which prompted the second new ball. But the most polished batting came from. Hashan Tillekeratne, a vastly improved player for having given. up wicket-keeping, as Alec Stewart doubtless noted.

the Cricketer (1993) සඟරාව විසින් හෂාන් ගේ පිතිකරණය වර්ණනා කළේ ඔහුගේ කණ්ඩායමේ සඟයින් දෙවැනි කරමින්. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ජයග්‍රහණය 1993 එස්.එස්.සී ටෙස්ට් තරගය අවසානයේ දී සනිටුහන් වුනා. එහිදී හෂාන් තිලකරත්න, නොම්මර 6 පිතිකරු ලෙස නොදැවී ලකුණු 93කුත් දෙවැනි ඉනිමේ දී ද නොම්මර 6 පිතිකරු ලෙස නොදැවී ලකුණු 36ක් රැස්කළා.

ජයග්‍රාහි ලකුණ වාර්තා වුනේ, සනත් ජයසූරිය ගේ පිත්තෙන්. මුහුණ දුන් මුල්ම පන්දුවෙන් ඔහු හයේ පහරක් එල්ල කළා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments