75 වැනි සංවත්සරය සමරන්නට පෙර ජැක් ඇන්ඩර්සන් ගේ වාර්තාව බිඳ දැමු ඉන්දික ද සේරම්

පාසල් ක්‍රිකට් හි පුරාවෘත්තය ක් බඳු ජැක් ඇන්ඩර්සන් , දැවැන්ත ලකුණු 291ක් රැස්  කරගන්නේ 1918 වසරේ දී යි. එම වසරේ දී පාසල් ක්‍රිකට් වාර්තා රැසක් බිඳ දැමු ඔහු එවකට නියෝජනය කළ පාසල වුයේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයයි.

1993 වසරේ දී එම පාසලේ බලධාරීන් , ජැක් ඇන්ඩර්සන් ගේ වාර්තාවේ 75 වන සංවත්සරය සැමරීමට සැලසුම් කරගෙන සිටි නමුත් මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ නායක, 19 හැවරිදි ඉන්දික ද සේරම්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායමට (මුල් පෙළ) එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී  පන්දු 149 කින් ලකුණු 304ක් රැස් කර එම වාර්තාව බිඳ දැමුවා.


කොකා කෝලා අනුග්‍රහය සහිත 2 වන කොටසේ තරගයක් වූ මෙහි ඉන්දික ද සේරම් හයේ පහරවල් 25ක් සහ හතරේ පහරවල් 19ක් එල්ල කළා. සාන්ත තෝමසුවන් කඩුලු 9ක් දැවී ලකුණු 439ක් රැස්කරගත් අතර සේරම් ට පසුව දෙවැනි වැඩිම ලකුණු ගණන රැස්කළේ  ආර්.සුරංග යි. ඒ ලකුණු 45ක්. 

පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ දේවානන්ද පිල සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 103 ක් සහ 113ක් රැස්කරමින් පරාජයට පත්වුණා.

සේරම්, ඇන්ඩර්සන් ගේ වාර්තාව සම කිරීමට ලකුණු 30ක් පසුපසින් සිටිය දී (නොදැවී 261) , දේවානන්ද පිලේ පිට දඟ පන්දු යැවූ ජනේන්ද්‍ර ට පිට පිට හයේ පහරවල් පහක් එල්ල කළා.

සේරම් ගේ ඉහත වාර්තාවට දින කිහිපයකට පෙර සාන්ත ජෝසෆ් විද්‍යාලයේ පීටර් හාමර් ලකුණු 280ක් රැස් කරමින් එම පාසලේ වාර්තාව බිඳ දැමුවා.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments