Skip to main content
Search
Search This Blog
ක්‍රිකට් ලෝකයේ සුවිශේෂී සිදුවීම් වාර්තාකරණය
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
Labels
Funny
Miscellaneous
11/18/2018 10:00:00 PM
විනිසුරු බර්ඩ් ගේ රැකියාව මඳකට වෙනස් වූ තරගය
Courtesy: AFP
ඩිකී බර්ඩ් යනු ලෝප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයෙකි. අපුරු සිදුවීම් මෙන්ම අකරතැබ්බ රැසකට සම්මාදම් වූ බර්ඩ් යනු පිටිය මැද විනිසුරු කාර්යය විශිෂ්ට ලෙස ඉටුකරන අයෙක් බවට ද ප්‍රසිද්ධය. 1974 වසරේ දී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී පැවති එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය අතරතුර හිස්වැසුමක් රහිතව පිතිකරණයේ යෙදුනු ඉන්දියාවේ සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් හට නිවැරදිව පන්දුව දැකීමේ අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවුයේ ය. ඊට හේතු වූයේ ඔහුගේ දිගු හිසකෙස් දෙනෙත් ආවරණය වෙමින් පහළට වැටී තිබීම හේතුවෙන්. මේ නිසාම ඔහු විනිසුරු බර්ඩ් අසළට ගොස් ඔහු හට කතුරක් ඇත්ද යන්න විමසු අතර එයට පිළිතුරු ලෙස බර්ඩ් තමන් සතුව කතුරක් නොමැති බවත් නමුත් රැවුල කපන තලයක් ඇති බවත් පවසා ඇත. එය ප්‍රමාණවත් බවත් ඔහුගේ හිසකෙස් කෙටි කළ හැකිදැයි යන්න ගවස්කාර් පැවසු විට බර්ඩ් පුදුමයට පත්වී ඇත. කෙසේවෙතත් බර්ඩ් එම කාර්යය ද ඉටු කර දුන් බවට කියැවේ. එම ඉනිමේ දී ගවස්කාර් හට ශතකයක් ද රැස්කිරීමට හැකිවන්නේ ඩිකී බර්ඩ් ගේ රැවුල් කපන තලයටපින්සිදුවන්නට ය.
Courtesy: Indiatimes.com
@AAQEEEEB
Related Posts:
ක්‍රිකට් වෙළඳ දැන්වීම්
පන්දු 8 පන්දුවාර
පැහැරගැනීමට ලක්වූ ට්‍රිනිඩෑඩ් ක්‍රි...
Related Posts Widget
Comments
Popular Posts
6/11/2015 10:49:00 PM
ලංකා ක්‍රිකට් ඉතිහාසය - පළමු කොටස
3/14/2019 11:06:00 PM
List of Sri Lankan Cricket Jerseys - ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි ලැයිස්තුව
Comments
Post a Comment