Monday, March 13, 2017

ලකුණු පුවරුවෙන් බිඳක් - 12

කුමාර් සංගක්කාර පකිස්තානුවන්ට එරෙහිව 2012 වසරේ දී ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් තරඟයේ නොදැවී ලකුණු 199ක් රැස්කර සිටි අවස්ථාවේ දී පිතිකරණයේ යෙදී සිටි නුවන් ප්‍රදීප් අවසන් කඩුල්ල ලෙස දැවී යාම නිසා සංගක්කාර හට ඔහුගේ නමවන ද්විත්ව ශතකය අහිමි විය. එවැනි අවාසනාවන්ත සිදුවීමක් මෙරට දේශීය තරඟයක දී ද වාර්තා විය. ඒ 2013 වසරේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟයේ දී යි. 

Janaka Gunaratne - SportNetwork.net

ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මුවර්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා පිලේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පැමිණිය හ. කෙසේ වෙතත් ගුවන් හමුදා පිලේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ මුවර්ස් පිලේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙමින් සිටිය දී නොම්මර 6 පිතිකරු ලෙස දේශීය පළමුපෙළ තරඟ තුල විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිත ජනක ගුණරත්න සහ නොම්මර 8 පිතිකරු රජිත වික්‍රමආරච්චි විසින් මුවර්ස් ඉනිම ක්‍රමයෙන් ගොඩනගන්නට සමත් වුහ. හත්වන කඩුල්ල ට වාර්තාගත ලකුණු 224ක් රැස්කර දීමට මේ පිතිකරුවන් දෙපල ට හැකිවුවත් 88 වන ඕවරයේ දී දුවද්දී දැවියාමකට හසුවීමට මුවර්ස් පිලේ කඩුලු රකින පිතිකරු රජිත වික්‍රමආරච්චි ට සිදුවිය. ඒ අනුව ඔහුට පිටියෙන් නික්මෙන්නට සිදුවුයේ ලකුණු 99ක් රැස්කිරීමෙන් අනතුරුවයි. 

ඔහුගේ දැවියාමෙන් අනතුරුව ජනක ගුණරත්න හුදෙකලා ඉනිමක් දියත් කලේ ප්‍රහාරක වේගය 90 හි රඳවා ගෙන වීම විශේෂත්වයකි. 9 වන කඩුල්ල ලෙස මලින්ද පුෂ්පකුමාර දවාගැනීමට ගුවන් හමුදා පිලේ බුද්ධික සඳරුවන් ට හැකිවූ අතර ඉන් අනතුරුව අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසියේ විමුක්ති පෙරේරා යි. ඒ වනවිට ජනක ගුණරත්න ඔහුගේ මංගල ද්විත්ව ශතකය අභියස සිටියේ ය. බුද්ධික සඳරුවන් පිතිකරණයේ යෙදී සිටි විමුක්ති පෙරේරා ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දවා ගැනීමට සමත් වූ අතර ජනක ගුණරත්න ගේ ද්විත්ව ශතක සිහිනය ද බොඳ විය. නොදැවී ලකුණු 199 කින් සෑහිමකට පත්වන්නට ඔහුට සිදුවිය. 

Moors Sports Club 1st inningsRB4s6sSR
View dismissalMRM Imrazc †Ratnayake b Karunaratne322560128.00
View dismissalMI Ghousec de Silva b Rukmal5161031.25
View dismissalNHG Coorayc Nadeera b Eranga34763144.73
View dismissalSI de Saramlbw b Isanka8879121111.39
View dismissalAVS Nikethanac †Ratnayake b Sandaruwan9421021.42
LJP Gunaratnenot out199208151195.67
View dismissalLHD Dilhara*c †Ratnayake b Sandaruwan11232047.82
View dismissalRS Wickramarachchirun out (Isanka)9912512179.20
View dismissalAU Katipiarachchic Isanka b Sandaruwan29375078.37
View dismissalPM Pushpakumaralbw b Sandaruwan1100010.00
View dismissalNVR Pererab Sandaruwan02000.00
Extras(b 4, lb 3, w 2, nb 3)12
Total(all out; 106.5 overs)519(4.85 runs per over)

BowlingOMRWEcon
View wicketKL Rukmal1919515.00(1w)
View wicketDMAD Karunaratne1124814.36(2nb)
T Nadeera1105905.36(1w)
View wicketsPWB Sandaruwan25.5011354.37
View wicketDHA Isanka27212414.59
View wicketWA Eranga1115615.09
KA Kumara1010010.00
JRG Namal10707.00

13.03.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png

No comments:

Post a Comment