Saturday, February 4, 2017

නාසීන් ගේ රටට ගිය එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම

ක්‍රිකට් ක්‍රීඩාවේ සැඟවුණු තොරතුරු රාශියක් ඇත. එවැන්නක් ඩෑන් වැඩල් විසින් ඔහුගේ ෆීල්ඩ් ඔෆ් ශැඩෝව්ස්
(Field of Shadows: The Remarkable True Story of the English Cricket Tour of Nazi Germany 1937) කෘතියේ විස්තරාත්මකව සඳහන් කර ඇත. හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් ලෙස කටයුතු කරමින් සිටි සමයේ දී එනම් 1937 වසරේ දී මෙම තරඟය පැවැත්වූ බව සඳහන් වේ. වඩාත් විශේෂිත කාරණය නම් හිට්ලර්, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව යම් ලැදිකමක් තිබුනද ඒ වෙනුවෙන් විශේෂිත උද්‍යෝගයක් නොතිබීමයි. එයට ප්‍රබල ලෙස බලපෑවේ එම ක්‍රීඩාව ජර්මානු නොවන එකක් වීමයි.

මෙම තරඟය පවත්වාගැනීමට මුලිකව කටයුතු කලේ ෆෙලිස් මෙන්සෙල් (Felix Menzel) නමැත්තෙකි. ඔහු නාසි නිලධාරින් ගේ අවසරය මත එංගලන්තයේ වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්තයේ ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් ලෙස කටයුතු කල 51 හැවරිදි මොරිස් ජෙවෙල් ගේ නායකත්වයෙන් ජර්මනියට පැමිණෙන්නේ තරඟ තුනක් සඳහා ය. මොරිස් ජෙවෙල් එකල ජර්මනියේ ක්‍රීඩා අමාත්‍යවරයා පෙර අවස්තාවක දැන හඳුනාගැනීම නිසා මෙම තරඟාවලිය පැවැත්වීමට ඉඩකඩ විවර කරගැනීමට පහසු විය. 

මෙන්සෙල්, (වම්පස) පිතිකරණ සහය අන්තයේ සිට. Credits - The Telegraph

ක්‍රිකට් නීති සම්පාදනය කරන ප්‍රකට MCC ආයතනය විසින් මේ "එංගලන්ත මහත්වරුන්ගේ" කණ්ඩායම (ජර්මනියට සංචාරය කල කණ්ඩායමේ නම, එමෙන්ම මේ කණ්ඩායම වාර්තා අතර රැඳෙන්නේ තවමත් සක්‍රියව කටයුතු කරන පැරණිතම ක්‍රිකට් පිල ලෙසයි. ) ට අවවාද කලේ කිසිදු තරඟයක් පරාජය නොවන ලෙසටයි. එය එසේම සිදුවිය. 

මෙම තරඟය පැවැත්වුයේ ජර්මනියේ පාපන්දු ක්‍රීඩාංගනයක ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු අයුරින් යම් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුවයි. එංගලන්ත මහත්වරුන්ගේ පිලේ නායක මොරිස් ජෙවෙල් ප්‍රථම තරඟයේ දී හතරේ පහර තුනක් සමඟ ලකුණු 140ක් වාර්තා කරන ලදී. තණතිල්ල ලකුණු රැස්කිරීමට සුදුසු නොවිය.


Via Twitter




තරඟය පැවැත්වන අතරතුර ජර්මන් නායක ජෙර්හාර්ඩ් තේමර් පන්දුයවන සෑම අවස්තාවකදීම පන්දුරකින්නන් අත්හරින උඩපන්දු වලින් කෝපාවිෂ්ට වූ අතර ඔවුන්ට පහරදීමට ද නොපැකිලි විය. එමෙන්ම ඔවුන් එතරම් ක්‍රිකට් හි නීති සමඟ සමීප නොවූ නිසා නිරවද්‍ය ලෙස තරඟය පැවැත්වීමට නොහැකි වුවත් දෙපිලම සහයෝගයෙන් දින 10ක් ඇතුලත තරඟ සියල්ලම කිසිදු බාධාවකින් තොරව පවත්වාගැනීමට සමත් විය. එකල ජර්මනියේ දේශපාලනිකව සිදුවූ වෙනස්වීම් , අකටයුතුකම් මෙම තරඟාවලියට කිසිසේත්ම බාධාවක් නොවී ය.

කෙසේ වෙතත් ඉහත තරඟ පැවැත්වීමට පෙර එංගලන්තයේ මහත්වරුන්ගේ කණ්ඩායමට නාසින්ගේ සම්මත ආචාර කිරීම කරන්නට සිදුවිය. මෙම එංගලන්ත පිලේ රොබින් වෙදර්ලි නමැති ක්‍රීඩකයා කිසිදු අයුරකින් වොර්සේස්ටර්ශයර් ප්‍රාන්තයට අදාළ ක්‍රීඩකයෙක් නොවිය. අදටත් විශ්වාසකරන පරිදි ඔහු එම කණ්ඩායමට ඈදා ගත්තේ රහස්‍ය අයුරින් ජර්මනියේ තත්වය, තරඟ අතරතුර සිදුවන සිදුවීම් වාර්තා කිරීම සඳහා බවයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ඉතාමත් චතුර ලෙස ජර්මන් බස හැසරවීමට ද සමත්කම් දැක්විය. 

Credits - The Telegraph


ජර්මන් ක්‍රීඩකයෝ, පා ආවරණයේ වැදෙන සෑම අවස්ථාවක දිම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීම් කළහ. එය එංගලන්ත මහත්වරුන්ගේ පිලේ නොසතුටට කාරණයක් විය. මෙම තරඟාවලියට ලකුණු සටහන් කිරීම සඳහා එංගලන්තයෙන් ගෙන්වාගත් 16 හැවරිදි පීටර් රොබින්සන් ට ද මෙම තරඟාවලියේ සියලුම තරඟ ක්‍රීඩා කිරීමට අවස්තාවක් උදාවිය. ඊට හේතුවුයේ එම පිලේ එක් ක්‍රීඩකයෙක් නිව්මෝනියාව හේතුවෙන් අසාධ්‍යය වීමයි. 

ඉහත තරඟාවලියේ දී තරඟ විස්තර The Cricketer සඟරාවට යැවීම සඳහා දායක වූ වාර්තාකරුවෙකු වන ටෙරන්ස් ප්‍රිටි ගේ විස්තර අඩංගු පාර්සලය පරික්ෂා කර බැලූ ජර්මන් නිලධාරියෙක් එහි O.M.W.R.A යනුවෙන් සටහනක් තිබු නිසා එය සැකකටයුතු එකක් බවට තීරණය කරන ලදී. කෙසේ වෙතත් නාසින්ට සහය දැක්වූ බ්‍රිතාන්‍යය නිලධාරියෙක් ඒ සඳහන් කර තිබෙන්නේ Overs, Maidens, Wickets, Runs, Average බවට තහවුරු කලේ ය. 

Via Twitter

උපුටා ගැනීම් :
1. http://www.telegraph.co.uk/men/thinking-man/10808778/When-Englands-cricketers-took-on-the-Nazis.html
2. http://www.dailymail.co.uk/home/books/article-2623741/Howzat-Hitler-We-beat-cricket-too.html
3. http://www.alloutcricket.com/features/in-search-of-felix-menzel

#DON
04.02.2017 






No comments:

Post a Comment