Tuesday, June 7, 2016

McCullum Apologises - මැකලම් සමාව ඉල්ලයි


Getty Images 
2006 වසරේ පැවති පළමු නවසීලන්ත සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය නිමාවුනේ නවසීලන්ත පිලට කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාදෙමින්. මෙම තරගයේ ලකුණු 52ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම අවසන් වෙන්නේ මුරලිදරන් එවකට කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කල බ්‍රෙන්ඩන් මැකලම් ගේ දුවද්දී දැවී යාමකට හසුවීමෙන්. එහෙත් තරඟය නැරඹු ඕනෑම ප්‍රේක්ෂකයෙක් පිළිගන්නා කරුණක් වන්නේ එය අසාධාරණ දැවී යාමක් ලෙසයි. ඊට හේතුවුයේ සංගක්කාර ලබාගත් ශතකය නිසා ඔහුට සුභ පැතීම සඳහා මුරලි ඔහුගේ අන්තයෙන් ඉදිරියට පැමිණි අවස්ථාවේදී මැකලම් එය ප්‍රයෝජනයට ගෙන ඔහු දුවද්දී දැවී යාමකට හසු කිරීමයි. 



එවකට ටෙස්ට් නායකයා ලෙස කටයුතු කල මහේල ජයවර්ධන මෙම සිදුවීම දැඩිව හෙලා දකිමින් මාධ්‍යට ප්‍රකාශයක් ඉදිරිපත් කල අතර, නවසිලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් එම සිදුවීම සාධාරණිකරණය කරමින් එවැනි දැවීයාමකට ඔහු කනගාටු නොවන බවත් පැවසුවේය.

"The whole team is disappointed, Legally it was run out, the ball was alive but we play in an age where we talk about the spirit of the game. Hopefully it won't happen again. It's not the way to play cricket." 
                                                                           - MAHELA 


මෙම සිදුවීමට වසර 10ක් පමණ ගතවී ඇති මොහතක 06.06.2016 වන දින එනම් ඊයේ එංගලන්තයේ පැවති සුප්‍රසිද්ධ කවුඩ්‍රි දේශනයේ දී ආරාධිත දේශකයා වූ හිටපු ටෙස්ට් නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙම සිදුවීම පිලිබඳ ඉතාමත් කණගාටුවන වන බවත් ඒවෙනුවෙන් සමාව ඉල්ලන බවත් සංගක්කාර ගෙන් සහ මුරලි ගෙන් ඉල්ලා සිටියේ ය. 






" Kumar Sangakkara is here tonight. Sanga, I admire you enormously, I regard you as a very good friend, and I just want to take this opportunity now to apologise to you and Murali for my actions that day "


                                                                               - BAZZ


#DON
07.06.2016


Scorecard - New Zealand v Sri Lanka - 1st Test (2006)











No comments:

Post a Comment