Monday, June 6, 2016

ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ ද්විත්ව ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකිකයා !!!



ද්විත්ව ශතකයක් රැස්කිරීම පහසු කටයුත්තක් නොවේ, එංගලන්තයේදී ආසියාතිකයින් ද්විත්ව ශතක රැස්කර ඇත්තේ ද කිහිප අවස්තාවක දී පමණයි. මේ සියල්ලටම වඩා අපහසු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ ද්විත්ව ශතකයක් රැස්කිරීමයි. මෙවැනි දුර්ලභ අවස්ථාවකට හිමිකම් කියන්නේ ටෙස්ට් තත්වය ලැබීමට පෙර මෙරටින් බිහිවූ අනර්ඝ පාදඟ පන්දු යවන්නෙකු වූ ගාමිණි ගුසේන යි. ගාමිණි ගුණසේන ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයෙක්, වාර්තා රැසකට හිමිකම් කියන ක්‍රීඩකයෙක්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නායකයා ලෙස කලක් කටයුතු කලේ ගාමිණි ගුණසේන යි. එවැනි තනතුරකට පත් ප්‍රථම ආසියාතිකයා වුයේ ද ගුණසේන යි.


ජයග්‍රාහි කේම්බ්‍රිජ් කණ්ඩායම - ගුණසේන , ඩෙක්ස්ටර් සහ ඉයන් පීරිස් තිදෙනාම මෙහි දක්නට ලැබේ .

1957 කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ප්‍රතිවාධි පිල වන ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව ලෝර්ඩ්ස් හිදී ද්විත්ව ශතකයක් (211) රැස්කරන ගාමිණි ගුණසේන පාදඟ පන්දුවෙන් ප්‍රථම ඉනිමේදී කඩුල්ලක් සහ දෙවන ඉනිමේදී ලකුණු 40ක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගන්නේ කේම්බ්‍රිජ් පිලට ඉනිමක සහ ලකුණු 186 ක දැවැන්ත ජයක් ලබාදෙමින්. එකල මෙය වාර්තා වුයේ ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුල විඳගත් දැවැන්තම පරාජය ලෙස යි.



මෙම කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කලේ පසුකලක එංගලන්ත ටෙස්ට් නායකයෙක් ලෙස ප්‍රසිද්ධ වූ සහ ප්‍රථම ජිලට් එක්දින තරඟාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට මඟපාදා දුන් ටෙඩ් ඩෙක්ස්ටර් ය (ඩෙක්ස්ටර් ගේ ටෙස්ට් වාර්තාව - තරඟ 62, ඉනිම් 102, නොදැවී යාම් 8, මුළු ලකුණු 4,502, වැඩිම 205 , සාමන්‍යය 47.89, 100s - 9, 50s - 27). එමෙන්ම පසුකලක සිලෝන් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබූ ඉයන් පීරිස් නමැති දක්ෂ වේග පන්දුයවන්නා ද මෙම කණ්ඩායම නියෝජනය කල අයෙක් විය.

Ted Dexter - www.espncricinfo.com
ගුණසේන එංගලන්තයේ නොටින්හැම්ශයර් පිලට ක්‍රීඩා කිරීමට ද අවස්තාවක් හිමිවූ අතර එහිදී ද තුන් ඉරියව්වෙන්ම දසකම් දැක්වීමට ඔහුට හැකිවිය. පසුකලක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ගුණසේන එහිදී ද ක්‍රිකට් අමතක කිරීමට සුදානම් වුයේ නැත.ඔහු සුප්‍රසිද්ධ නිව් සවුත් වේල්ස් පිල නියෝජනය කරමින් ශේෆිල්ඩ් ශීල්ඩ් තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීය.

#DON
06.06.2016

No comments:

Post a Comment