Thursday, June 23, 2016

ද්වී කඩුලු ලෝක ශූරතාවය



තරමක වෙනස්ම මුහුනුවරක පවත්වන ලද තරඟාවලියක් පිළිබඳවයි මේ ලිපිය. 2003  ශාන්ත ලුසියා හිදී පැවති මෙම තරඟාවලියට රටවල් 8ක ක්‍රීඩකයින් සහභාගී විය. මෙහි විශේෂත්වය වුයේ කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනකුගෙන් පමණක් සමන්විත වීමයි. මෙම තරඟාවලියට සහභාගී වූ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් පහත දැක්වේ.

ඔස්ට්‍රේලියාව - ග්‍රෙග් බ්ලෙවෙට් සහ ජෝන් ඩේවිසන් 
එංගලන්තය - ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ ඇඩම් හොලිඔක් 
නවසීලන්තය - ජේකබ් ඕරම් සහ ඩැනියල් විටෝරී 
පකිස්තානය - ෂහිඩ් අෆ්රිඩි සහ වසීම් අක්‍රම් 
දකුණු අප්‍රිකාව - ඇලන් ඩොනල්ඩ් සහ ස්ටීව් එල්වර්ති 
ශ්‍රී ලංකාව - අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන 
බටහිර ඉන්දීය කොදෙව් - ක්‍රිස් ගේල් සහ කාල් හූපර් 
සිම්බාබ්වේ - ඇලිස්ටෙයාර් කැම්බෙල් සහ ගයි විටෝල් 

 මෙම තරඟාවලියේ නීති රීති පහත වේ.

  • පිලකට ඕවර 8ක් ලැබේ.
  • අවසන් පූර්ව තරඟ සඳහා ඕවර 10ක් දක්වා දීර්ඝ වන අතර අවසන් තරඟය සඳහා ඕවර 12 කි.
  • ක්‍රීඩකයින් දෙදෙනා පන්දුවාර සියල්ලම යැවිය යුතුයි.
  • පන්දු රකින්නන් ආරාධිත ක්‍රීඩකයින් වන අතර ඔවුන්ට පිතිකරණයට සහ පන්දු යැවීමට අවස්තාවක් නොලැබේ.
  • පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයෙකු දැවී ගියහොත් කණ්ඩායමෙන් ලකුණු 10 බැගින් අඩු වේ. ක්‍රීඩකයන් දෙදෙනාම පන්දුවාර සියල්ලම අවසන් වන තෙක් පිතිකරණයේ යෙදිය හැක.
දින තුනක් තිස්සේ බියෝස්ජෝර් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සඳහා තේරී පත්වුයේ නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාවයි. නවසීලන්තය එංගලන්තය ලකුණු 53කින් පරදා අවසන් තරඟයට තේරී පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 3කින් පරදා ශ්‍රී ලංකාව ද අවසන් තරඟයට තේරී පත්විය. 

නවසීලන්තය - 93 (ඕවර 10යි)
ඕරම් - 52
විටෝරි - 36
හොලිඔක් - 2/41
ෆ්ලින්ටොෆ් - 0/70

එංගලන්තය - 40 (ඕවර 10යි)
හොලිඔක් - 25
ෆ්ලින්ටොෆ් - 9
විටෝරි - 7/59
ඕරම් - 2/70

..................................

බ.ඉ.කොදෙව් - 68 (ඕවර 10යි)
ගේල් - 46
හූපර් - 17 
මහේල - 1/60
අරවින්ද - 2/35

ශ්‍රී ලංකාව - 71(ඕවර 10යි)
අරවින්ද - 24
මහේල - 42
ගේල් - 0/40
හූපර් - 0/39

අවසන් තරඟයේ දී නවසීලන්තය ලකුණු 79කින් ශ්‍රී ලංකාව පරදා ශූරතාවය ජයග්‍රහණය කරගන්නා ලදී. එහිදී ඕරම් ගෙන් ශතකයක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමක් විය.



ශ්‍රී ලංකාව - 70 (ඕවර 12 යි)
මහේල - 22
අරවින්ද - 47
විටෝරි - 2/49
ඕරම් - 1/50

නවසීලන්තය - 149 (ඕවර 12 යි)
ඕරම් - 106
විටෝරි - 37
අරවින්ද - 0/80
මහේල - 2/84


සියලුම තරඟ වල ලකුණු සහ අනෙකුත් විස්තර - මෙතැනින්


#DON 
23.06.2016

No comments:

Post a Comment