Monday, June 20, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 6


2003 සැප්තැම්බර් මස පැවති මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිල සහ නොටින්හැම්ශයර් ප්‍රාන්ත පිල අතර තරඟය අවසන් වුයේ ජය පරාජයකින් තොරවයි. නොටින්හැම් ප්‍රාන්තයේ දෙවන ඉනිම අතරතුර දී එංගලන්ත හිටපු නායක සහ එම තරඟයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිලේ නායක ඇන්ඩෘ ස්ට්‍රවුස් පන්දුයවන්නන් 10ක් යොදාගත්තේ ප්‍රතිවාධි පිල ඉක්මනින්ම දවා ගැනීමටයි. නායක ස්ට්‍රවුස් ද පන්දු යැවූ අතර ඔහු ලබාගත් කඩුල්ල වුයේ පසුකලක ඔහු හා මතභේදාත්මක ගැටුම් රැසකට මුල්වූ හිටපු ටෙස්ට් පිතිකරු කෙවින් පීටර්සන් ය, එය ස්ට්‍රවුස් ගේ ප්‍රථම පළමු පෙළ කඩුල්ල වීමත් විශේෂ සිදුවීමකි.

මෙහි වඩාත් අපූරුතම සිදුවීම වුයේ නායක ස්ට්‍රවුස් ඔහුගේ දසවන පන්දු යවන්නා ලෙස එම තරඟයේ කඩුලු රකින්නා වූ ඩේවිඩ් නෑෂ් ව කැඳවීමෙන්. ඒ වනවිට ලෝර්ඩ්ස් පිටියේ පසක තිබු ඉලක්ට්‍රොනික ලකුණු පුවරුවේ පන්දු යවන්නන් ගේ නම් සඳහන් කරන ස්ථානයේ තවත් අමතර ක්‍රීඩකයෙක් ගේ නමක් සඳහන් කිරීමට ඉඩ කඩ නොමැතිව තිබු හෙයින් ලකුණු පුවරුව සකසන්නා ලකුණු පුවරුවේ ඉහල "SORRY NASHY ! NO MORE ROOM" යනුවෙන් සටහනක් සඳහන් කලේ ය. 

ඩේවිඩ් නෑෂ් 

කෙසේ වෙතත් පන්දු යවන්නන් ලැයිස්තුව 11 දක්වා ඉහල නොයාමට හේතුව වුයේ මිඩ්ල්සෙක්ස් පිල මඳ වේග පන්දුයවන ක්‍රීඩක ටීම් බ්ලූම්ෆීල්ඩ් ආබාධයකට ලක්වීම නිසා එම ඉනිමේ දී පන්දු යැවීමට නොහැකි වීමයි. ලිපිය අවසන් කිරීමට මත්තෙන් තවත් එක් කරුණක්, ඩේවිඩ් නෑෂ් ගේ විවාහය සිදුවුයේ ගාල්ලේ දීය. 


Nottinghamshire 2nd inningsRMB4s6sSR
DJ Bicknelllbw b Dawes42106925045.65
JER Gallian*c Dalrymple b Joyce11627123611049.15
BM Shafayatc sub b Weekes637320018.75
RJ Warrennot out1132381986057.07
KP Pietersenb Strauss686657110119.29
PJ McMahonc †Nash b Koenig3040383078.94
CMW Readnot out3450060.00
Extras(b 10, lb 10, w 1, nb 8)29
Total(5 wickets dec; 109 overs)407(3.73 runs per over)

BowlingOMRWEcon
JH Dawes1324713.61(1w)
CB Keegan1323702.84
PN Weekes2363211.39
JWM Dalrymple2027103.55(2nb)
BL Hutton1007007.00(2nb)
EC Joyce712313.28
OA Shah803604.50
AJ Strauss502715.40
SG Koenig501913.80
DC Nash502505.00

#DON 
20.06.2016

No comments:

Post a Comment