Sunday, June 19, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 4

50 Vs 11

ක්‍රැන්බරි පාර්ක් වතුයාය  

බ්‍රිස්ටල් සහ බටහිර සුපර් මේයර් ප්‍රදේශ අතරට මැදිව පවතින තරමක් සීතල කාලගුණයක් සහිත අලංකාර ගමක් වන යැටන් (Yatton) හි 1887 ඔක්තෝම්බර් 14 වන සිකුරාදා අපූරු තරඟයක් පවත්වා ඇත. ටැන්කර්විල් චැම්බර්ලේන් කියන පුද්ගලයාගේ (පසුකලක දේශපාලනයට ද පිවිසි අයෙක්) සුප්‍රසිද්ධ ක්‍රැන්බරි පාර්ක් වතුයායේ පැවතී මෙම තරඟය නැරඹීමට බොහෝ පිරිසක් ඒ වනවිටත් එක්රොක් වී සිටියෝ ය. මෙම තරඟය සාමන්‍ය ක්‍රිකට් තරඟයක් හා වෙනස් වෙන්නේ පිලකට සිටි ක්‍රීඩකයින් ගණනෙනි. යැටන් කියන කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 කින් සමන්විතව සිටි අතර ඔවුන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් විය. අනෙක් පස යැටන් ගමේ ගොවියන්ගෙන් සමන්විතව සිටි අතර ඔවුන් ක්‍රිකට් හි අත්දැකීම් නොලද අයවලුන් විය. එම කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් ගණන 50ක් හෝ ඊට මදක් වැඩි විය. 


ටැන්කර්විල් චැම්බර්ලේන් 

යැටන් කණ්ඩායමේ යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ අතර එම ගමේ ගොවියන්ගෙන් සමන්විතව සිටි කණ්ඩායමේ පිතිකරුවන් 23 දෙනෙකුට කිසිදු ලකුණක් රැස්කිරීමට සමත් නොවූ අතර යැටන් කණ්ඩායමේ රැඩ්ක්ලිෆ් නමැති පන්දුයවන්නා කඩුලු 11ක් දවා ගන්නා ලදී. එමෙන්ම චැම්බර්ලයින් සහ ගේජ් කඩුලු 5 බැගින් ද බ්ලෙව් සහ ශයිනර් කඩුලු 4 බැගින් ද දවා ගන්නා ලදී. යැටන් කණ්ඩායම පිළිතුරු ඉනිම සඳහා ලකුණු 75ක් රැස්කරගත් අතර ඒ සඳහා ඔවුන්ට වැයවුයේ කඩුලු 6ක් පමණි. එයිනුත් දෙදෙනෙක් ඔවුන්ගේ ඉනිම අත්හිටුවා කණ්ඩායමේ අනිත් සඟයින්ට අවස්තාවක් ලබා දෙන ලදී. මෙම තරඟය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර වාර්තා පවසන් අන්දමට ප්‍රතිවාධි පිලේ ක්‍රීඩකයින් 50 ම පන්දු රැකීමට පැමිණ නැත. මෙවැනි අසාමාන්‍ය තරඟ එම කාල වකවානුව තුල පවත්වා ඇති අතර මෙම තරඟය සුවිශේෂී වන්නේ ක්‍රීඩකයින් 50 ක්ම ක්‍රීඩා කිරීමයි. 

ලකුණු පුවරුව පහත දක්වා ඇති අතර, එහි යැටන් හි ගොවියන්ගේ පිලේ දැක්වෙන්නේ පිතිකරුවන් 41ක් පමණි. ඊට හේතුව ලකුණු පුවරුව සැකසු පුද්ගලයාගේ නොසැලිකිලිමත් බව හෝ වෙනත් හේතුවකට විය හැක.

THE FARMERS
B Marshall b Chamberlayne 20
B Burgess run out 1
C Hawkins b Radcliffe 0
J Pavey run out 0
J Hill b Radcliffe 0
S B Griffin run out 2
J Edgell c Clapp b Radcliffe 2
A Williams c and b Radcliffe 4
T Price c and b Radcliffe 0
A Osmond b Chamberlayne 0
T Champion b Radcliffe 0
W Cavill b Chamberlayne 0
H Wall b Gage 0
W Marsh b Radcliffe 0
R Wilcox b Gage 0
M H Thatcher b Winter 0
W Gill b Clapp 11
J Wallis b Winter 0 
W Hennessy b Gage 0
R Harding b Blew 0
F W Willis run out 1
C Burgess b Clapp 0
J Gage b Clapp 10
G Hardwick b Blew 3
W Luff b Blew 0
B Badman b Blew 0
S M Harding run out 2
A Batt b Radcliffe 4
T Pearce b Shiner 12
C Griffin b Radcliffe 0
H Morgan b Shiner 0
T Nicholls b Radcliffe 2
A Hardwick b Shiner 0
A Williams b Radcliffe 1
C Sayer b Atherton 2
J Bisder b Shiner 2
C Young b Atherton 0
H Macey b Atherton 0
W Petheran b Gage 4
J H Fowler b Gage 0
S Hurley not out 1
Extras 8
Total runs 92

YATTON
C Knowles b Luff 7
A E Clapp retired 20
E W Blew c Gill b Luff 18
H Gage retired 23
T Chamberlayne b Luff 0
W A Winter run out 3
W H Shiner not out 1
Extras 3
Total runs 75 for six wickets

#DON
19.06.2016

No comments:

Post a Comment