Sunday, June 5, 2016

ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් - 1



කේ.ටී ෆ්‍රැන්සිස් 



ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරඟය විනිශ්වය කරමින් ටෙස්ට් විනිසුරුවරයෙක් ලෙස ප්‍රචලිත වන ෆ්‍රැන්සිස් ඉතාමත් ගෞරවාදාරයට පත්වූ විනිසුරුවරයෙක්. 1996 සහ 1999 ලෝක කුසලාන තරඟ ද විනිශ්වය කිරීමේ භාග්‍ය හිමිකරගත් ඔහු 2013 වසරේ දී අභාවප්‍රාප්ත විය. ෆ්‍රැන්සිස් මහතා ට අනුව ඔහුගේ විනිසුරු දිවියේ විනිශ්වය වඩාත් පහසු කිරීමට දායක වූ විනිසුරුවරුන් තිදෙනෙක් සිටින අතර ඔවුන් ඩේවිඩ් ෂෙපර්ඩ්, ඩැරල් හෙයාර් සහ බ්‍රයන් ඇල්රිජ් වේ. එමෙන්ම ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, සයිඩ් අන්වර්, ජෝන් රයිට් සහ කර්ට්නි වොල්ෂ් විනිසුරු තීරණ වලට නිතරම ගෞරව කල ක්‍රීඩකයන් ලෙස ඔහු පවසා ඇත.

  "Because of cricket I am known today in Sri Lanka and sometimes outside the country. If not for cricket I would have been an ordinary guard in the Railway and would have been a non-entity, nobody would have known me. Cricket has given me so much that I was prepared to undergo everything."

 හර්බි ෆෙල්සින්ගර් 



කේ.ටී.ෆ්‍රැන්සිස් මහතා සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරඟය විනිශ්වය කල අනෙක් විනිසුරුවරයා වුයේ හර්බි ෆෙල්සින්ගර් මහතා ය. ඉතා දක්ෂ විනිසුරුවරයෙකු වන හර්බි වරක් පකිස්තානය සහ ඉන්දියාව අතර එක්දින තරගයක් විනිශ්වය කරමින් සිටින අතරතුර සුප්‍රසිද්ධ ඩිකී බර්ඩ් විනිසුරුවරයා නිවැරදිව පන්දු ඕවරයේ පන්දු ගණන ගණන් නොකිරීම හේතුවෙන් අමතර හත්වෙනි පන්දුවේ දී ඉම්රාන් කාන් ලකුණු 2ක් ලබාගත් අතර එය දත්ත සටහන් කරුවන්ට විශාල ප්‍රශ්නයක් බවට පත්විය. ඩිකී බර්ඩ් ජ්‍යෙෂ්ට විනිසුරුවරයෙක් වුවත් හර්බි එය විසඳනු ලැබුවේ දත්ත සටහන්කරුවන්ට එම ලකුණු දෙක සහ පන්දුව අවලංගු වුවක් ලෙස සලකා තරඟය පවත්වාගෙන යාමට ඉඩකඩ විවර කරදීමයි. මෙය බර්ඩ් විනිසුරුවරයා ඉතාමත් අගය කල සිදුවීමක් වූ අතර හර්බි ගේ විනිසුරු දිවියේ සිදුවූ විශේෂ අවස්තාවක් විය. 

හර්බි ෆෙල්සින්ගර් මහතා ගේ තවත් නිර්භීත විනිශ්වයකට උදාහරණයක් ලෙස 1985 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර SSC පිටියේදී පැවති ටෙස්ට් තරඟය පෙන්නුම් කල හැක. එම තරගයේදී රන්ජන් මඩුගල්ල ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කල අතර ඔහු ලකුණු 40ක් පමණ රැස්කරගෙන තිබු අවස්තාවක ඔහු දුවද්දී දැවී යාමකට හසුවූවාද යන්න ඉන්දියානු ක්‍රීඩකයින් ස්ක්වෙයාර් ලෙග් හි සිටි විනිසුරු හර්බි ගෙන් ඉල්ලීමක් කල අතර ඔහු එය නොදැවී යාමක් ලෙස තීරණය ලබාදෙන ලදී. එයට හේතුවුයේ ඔහුගේ නිරීක්ෂණයට බාධාකරන අයුරින් පන්දුරකින්නෙක් ඔහු ඉදිරියේ ස්ථානගතව සිටි බැවින්. ඔහුට නිවැරදි තීරණයක් ලබාදීමට එය බාධාවක් වූ හෙයින් එය නොදැවී යාමක් බවට පත්විය. එය සියල්ලන්ම පැසසුමට ලක්කළ එකක් විය.

හර්බි විනිසුරුවරයෙක් වීමට පෙර ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙක් ලෙස ප්‍රචලිත වූ අයෙක්. 1952/53 පළමුපෙළ තරඟාවලියේ දී මුවර්ස් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරු වුයේ හර්බි ය. ඔහු සමඟ අනෙක් අන්තයේ ක්‍රීඩා කලේ එකල වේගයෙන් ලකුණු රැස්කිරීමට දක්ෂ මුවර්ස් පිලේ සිටි හොඳම පිතිකරු ලෙස නම් දරා සිටි මකීන් සාලේ ය. මොවුන් දෙදෙනා වාර්තාගත ලකුණු 351ක් පළමු කඩුල්ලට රැස්කළ අතර එය වසර 30ක් නොබිඳී පැවති එකක් විය.

හර්බි මහතා ට අනුව වර්තමාන විනිසුරුවරුන් තාක්ෂණයේ පිහිට නිසා නිවැරදි තීරණ ලබාදීමේ හැකියාව දැඩි ලෙස මොට වී ඇති බවයි. එමෙන්ම බොහෝ විනිසුරුවරුන් වැරදි තීරණයක් ලබාදුන් විට එය පිළිගැනීමට අකමැති වීමත් දැඩිව විවේචනය කල අයෙක් විය.

“They were good umpires (BIRD  & SHEPHERD ) and when they made a mistake they admitted it. Umpires should be very bold in giving decisions. Technology has taken away the pleasure of umpiring.”


#DON
05.06.2016






No comments:

Post a Comment