ලකුණු පුවරුවෙන් බිඳක් - 11
1926 දී පැවති සමර්සෙට් සහ ලැන්කෂයර් අතර තරඟය දෙපිලේම පන්දුයවන්නන් සහ පිතිකරුවන් ගේ දස්කම් මතුවූ අවස්තාවක් විය. ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 255ක් රැස්කළ සමර්සෙට් පිලේ ආරම්භක පිතිකරු ජෝන් ඩැනියල් ගේ (ජෝන් ඩැනියල් එංගලන්තය වෙනුවෙන් රග්බි ක්‍රීඩාවේ ද නිරත වූ දක්ෂ ක්‍රීඩකයෙක්) ලකුණු 78 නොවන්නට සමර්සෙට් පළමු ඉනිම කුඩා ලකුණු ප්‍රමාණයකින් අවසන් වන්නට ඉඩ තිබිණ.
ඩැනියල් ගේ ඉනිමට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පැමිණි නොම්මර 8 පිතිකරු ජී.එෆ්. අර්ල් ගෙන් අගනා වේගවත් අර්ධ ශතකයක් වාර්තා විය. ඒ සඳහා ඔහු වැයකලේ පන්දු 58ක් අතර ඒ සඳහා මිනිත්තු 35ක් ගත විය. ඔහු ලකුණු 54ක් රැස්කර තිබියදී මැක්ඩොනල්ඩ් ගේ පන්දු යැවීමෙන් අර්නස්ට් ටිල්ඩේස්ලි අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේ ය. අර්ල් එම ඉනිමේදී දියත් කල අනර්ඝ ඉනිම අතරතුර දී ලකුණු පුවරුව දැක්වෙන කුටියේ එක් ජනෙල් වීදුරුවක් බිඳ දමමින් හයේ පහරක් එල්ල කලේ ය.
![]() |
| ජී.එෆ්.අර්ල් - |
මෙහි අපූර්වතම සිදුවීම වාර්තා වුයේ එම දිනයේ හවස් වරුවේ දීය. තරඟවාරය තුල සුපිරි පිතිකරණ රටාවක් පෙන්නුම් කල අර්නස්ට් ටිල්ඩේස්ලි තරඟ 7ක් තුල පිට පිට හත්වන ශතකය වාර්තා කල අතර එම ඉනිම අතරතුර දී ඔහු එල්ල කල හයේ පහරක් ජී.එෆ්.අර්ල් විසින් බිඳ දැමු ජනෙල් වීදුරුව තුලින් ලකුණු පුවරුව සහිත කුටියට පතිත විය.
![]() |
| අර්නස්ට් ටිල්ඩේස්ලි - sportsworldcards |
අර්නස්ට් ටිල්ඩේස්ලි දැවී යන්නේ අර්ල් ගේ අතට උඩපන්දුවක් ලබා දෙමිනි. එය ද විශේෂිත අවස්තාවක් විය.
Somerset 1st innings
*J Daniell c RK Tyldesley b Iddon 78
A Young b Sibbles 1
+MD Lyon lbw b RK Tyldesley 34
JCW MacBryan b RK Tyldesley 19
RA Ingle b McDonald 8
JC White c Iddon b McDonald 31
CCC Case st Duckworth b Iddon 2
GF Earle c GE Tyldesley b McDonald 54
CB Godwin c Duckworth b McDonald 5
GE Hunt not out 8
JJ Bridges b McDonald 6
Extras (b 5, lb 4) 9
Total (all out, 91.2 overs) 255
FoW: 1-3, 2-76, 3-104, 4-117, 5-170,
6-179, 7-208, 8-237, 9-247, 10-255.
Bowling O M R W
McDonald 31.2 7 89 5
Sibbles 21 2 62 1
RK Tyldesley 22 8 57 2
Watson 8 0 24 0
Iddon 9 3 14 2
Lancashire 1st innings
JWH Makepeace c Lyon b Bridges 77
C Hallows c & b Bridges 17
GE Tyldesley c Earle b White 126
FB Watson c & b Godwin 1
J Iddon c Earle b White 55
EA McDonald c MacBryan b White 7
RK Tyldesley c Daniell b White 41
*PT Eckersley run out 20
ML Taylor c Hunt b Bridges 22
FM Sibbles not out 14
+G Duckworth c Lyon b Bridges 3
Extras (b 6, lb 1, w 2) 9
Total (all out, 141.5 overs) 392
FoW: 1-33, 2-150, 3-151, 4-277, 5-289,
6-318, 7-339, 8-372, 9-380, 10-392.
Bowling O M R W
Bridges 45.5 11 130 4
Hunt 17 2 44 0
White 54 15 143 4
Godwin 25 3 66 1
#DON
27.06.2016


Comments
Post a Comment