Thursday, June 23, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 10


ද්විත්ව ශතකයක් රැස්කිරීම එතරම් ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. බොහෝ අත්දැකීම් සහිත පිතිකරුවන් ද ලකුණු 190 ඉක්මවා යාමෙන් පසු ක්‍රීඩා කරන්නේ දෙගිඩියාවෙනි. 2005 දී පැවති කෙන්ට් සහ නොටින්හැම්ශයර් ප්‍රාන්ත තරඟය තුල හිටපු එංගලන්ත ටෙස්ට් පිතිකරු ජේසන් ගැලියන් ප්‍රථම ඉනිමේ දී දැවී යන්නේ ද්විත්ව ශතකයකට එක ලකුණක් රැස්කිරීමට මත්තෙනි. දෙහි ගසකින් සමන්විත සුප්‍රසිද්ධ කැන්ටර්බරි පිටියේ පැවති මෙම තරඟයේ දී හතරවන ලකුණ කරා දිව යාමේ දී දුවද්දී දැවී යාමෙන් ගැලියන් ගේ ඉනිම 199න් අවසන් විය. ඒ වනවිට මෙම ඉනිම හතරේ පහර 32 කින් වර්ණවත් වී තිබිණ. 

ජේසන් ගැලියන් 

මෙම ඉනිම සුවිශේෂී වන්නේ ගැලියන් මෙම තරඟාවලිය තුල රැස්කළ දෙවන 199 මෙය වීමයි. මෙය ලෝක වාර්තාවක් විය. ඔහු ඉතිහාසගත වුයේ පළමුපෙළ දිවියේ 199 ද්විත්වයක් රැස්කළ ප්‍රථම පිතිකරු ලෙසයි. එමෙන්ම මෙම අවස්ථා දෙකම දුවද්දී දැවී යාම් වීමෙන් මෙම වාර්තාව දුර්ලභ එකක් බවට නිතැනින් පත් විය.  


 Nottinghamshire 1st inningsRMB4s6sSR
DJ Bicknellb Cook6417013410047.76
JER Gallianrun out19943429432067.68
RJ Warrenlbw b Khan832171047.05
SP Fleming*c Saggers b Khan1760016.66
DJ Husseyc Dexter b Stevens1123272040.74
CMW Readc Fulton b Walker7511311312166.37
MA Ealhamc Khan b Saggers721471229159.01
GP Swannc †O'Brien b Cook2362523044.23
RJ Sidebottomnot out12118005.55
GJ Smithnot out916132069.23
Extras(b 1, lb 9, w 3, nb 10)23
 Total(8 wickets dec; 131.5 overs)486(3.68 runs per over)

 BowlingOMRWEcon 
 MJ Saggers25.5410013.87(2w)
 A Khan31118222.64(4nb)
 SJ Cook25610924.36(1nb)
 NJ Dexter1015505.50(1w)
 DI Stevens1817013.88
 MM Patel1814802.66
 MJ Walker401213.00

#DON
23.06.2016

No comments:

Post a Comment