Friday, October 9, 2015

ලයනල් මෙන්ඩිස් සමුගනියි...

                                                                     Image Courtesy - www.flickr.com

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ පුහුණුකරු ලෙස කටයුතු කල ලයනල් මෙන්ඩිස් පෞද්ගලික රෝහලක දී මියගිය බවට වාර්තා පල විය. මිය යනවිට 80 හැවරිදී වියේ පසුවූ මෙන්ඩිස් මහතා රණතුංග සොහොයුරන්, මහේල ජයවර්ධන,  කුමාර් ධර්මසේන, නවීඩ් නවාස්, අවිශ්ක ගුණවර්ධන සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ගේ ක්‍රිකට් ගුරුවරයා විය.

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඔහු 1959 දී කරන්දෙණිය මැදි විදුහලේ විද්‍යාව සහය ගුරුවරයෙක් ලෙස පත්වීම් ලබාගත් අතර පසුකලක වෘර්තීය ගුරුවරයෙක් ලෙස සුදුසුකම් ලබාගන්නා ලදී. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සහ ක්‍රිකට් පුහුණුකරුවෙක් වශයෙන් දෙවන ඉනිම ආරම්භ කරන ලයනල් මෙන්ඩිස් මහත්මයා 1969 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙක් ලෙස පත්වීමක් ලබාගනියි. එමෙන්ම එහි ක්‍රිකට් පුහුණුකරු ලෙස ක්‍රියාකරන ඔහු 1973 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්විය. පසුකලක NCC ක්‍රිකට් සමාජය හා අනුබද්ධව කටයුතු කල ඔහුගේ ගුරුහරුකම් මධ්‍යයේ ජාතික කණ්ඩායම ට පැමිණි ක්‍රීඩකයින් බොහොමයක් විය. 

2000 වසරේ දී 'ක්‍රිකට් හුරුව' නමැති කෘතිය එළිදක්වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කල අමිල සේවය හේතුවෙන් වර්ෂ 2009 දී අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ සියවස සම්පූර්ණ කිරීම නිමිති කොට ගෙන සම්මානයක් ද ප්‍රධානය කෙරිණි. 

                                                                                     Image Courtesy -   www.groupcard.com
                                                                     



#DON

09.10.2015

No comments:

Post a Comment