Thursday, October 22, 2015

හයිඩ් ඇන්ඩ් සික්


3මාන්න ට හිමි එකම ටෙස්ට් අසුන ඉවත් කල යුතු බව සියල්ලන්ටම තේරුනේ පසුගිය වසරේ එංගලන්ත සංචාරයේදී යි. කෙසේ වෙතත් වසර එකහමාරකට පසු ඔහුට එම ආසනය අහිමි වූ අතර මේ වනතෙක් කණ්ඩායම වෙනුවෙන් සිදුකල එකම සේවය පන්දුයවන්නා ගේ තොප්පිය විනිසුරුවරයා ගෙන් රැගෙන ඔහුට ලබාදීම හෝ පන්දුයවන්නා ගේ තොප්පිය පන්දු ඕවරයක් ආරම්භයේදී විනිසුරුවරයාට ලබා දීමයි (මෙය සෑම ටෙස්ට් තරගයක දීම දැකිය හැකි සුලබ දසුනක්. ටීවී එකේ පෙන්නන්නේ නැත) ඔහුගේ ඉවත්වීම තවත් මන්ත්‍රී වරයෙක්ගේ අසුනකට කණකොකා ගැසීමේ වාරය වැඩි ඈතක නොවන බව පෙනුනේ අද උදෑසනයි. ඉදිරිපෙළ අසුනක් හිමි ඔහුට මෙවර බිත්තරයකින් සෑහීමකට සිදුවුනද පසුගිය ඉනිම් සලකා බැලුවිට 3මාන්න නිසා ඔහුගේ අසුන සියල්ලන්ටම නොපෙනීම ආශ්චර්යයකි.

පළමුපෙළ තරඟ තුල නිතරම ලකුණු අතරේ සිටින මෙකී මන්ත්‍රී වරයා ගේ අවාසනාව ආරම්භ වුයේ මෙම ලියුම්කරු SSC යට ගිය එක් අවස්ථාවකදීය. ලකුණු පුවරුවේ කඩුල්ලක් වැටි ඇති බව මේට්ලන්ඩ් පෙදෙසේ පාරේ දීම දැකගත් අතර ඇතුලට ගියවිට සිනාමුසු මුහුණෙන් පුහුණුවීම් සඳහා පැමිණි ඔහු එකවරම වාෂ්ප වු අතර එතැන් පටන් ඔහු ලකුණු රැස්කිරීම කෙසේ වෙතත් ප්‍රතිවාධි පිලේ පන්දුයවන්නන් ගේ මානසික යෝග්‍යතාවය බිඳවැට්ටවීමට සමත්වූයේ ඔහුගේ ප්‍රකට පහරක් වන ලෑල්ල අල්ලිමෙනි. වඩාත්ම සුවිශේෂී කාරණය වන්නේ මොහු නියෝජනය කරන ආසනයේම තවත් ලෑල්ල අල්ලා කප් ගසා ඇති 'ඕල්ඩ්'විතාන නමැති මන්ත්‍රී වරයා ද නියෝජනය කිරීමයි. දෙදෙනාම එකවිට පිතිකරණයේ යෙදුනේ නම් එම කණ්ඩායම ට සොරි ඩොට් කොම් ය.

No comments:

Post a Comment