Tuesday, October 6, 2015

අසලංක ගේ වාර්තාව !






ඉම්රාන් රාෆික් ගේ නායකත්වයෙන් යුත් පකිස්තාන 19න් පහල කණ්ඩායම මෙරටට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි. ඒ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම සමඟ යොවුන් ටෙස්ට් තරඟ 2 කට සහ එක්දින තරඟ 5 කට ක්‍රීඩා කිරීම උදෙසා යි. කෙසේ වෙතත් දෙපිලම මීට පෙර ටෙස්ට් තරඟ 4කට පමණක් හමුවී ඇති අතර සියලුම තරඟ ජය පරාජයකින් තොරව නිමාවීම සුවිශේෂීයි. දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2003 දී පැවති අතර ඉන් පසුව තරඟයක් පැවැත්වුයේ 2005 දීයි. ඒ අනුව වසර 10 ක නිහඬතාවයක් අවසන් කරමින් දෙපිල අතර ප්‍රථම තරගය පසුගිය 4 (04.10.2015) වනදා ආරම්භ විය.

පකිස්තාන පිලට එරෙහිව වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවන් පහත වේ.














මේ අතුරින් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් අහිමිවූ/තවමත් හිමි නොවූ පිතිකරුවන් වන්නේ චරිත් අසලංක, හර්ෂ විතාන සහ ගංගානාත් රත්නායක වේ. 
ශ්‍රී ලංකා පිලට එරෙහිව පකිස්තානු පිතිකරුවන් ගේ දක්ෂතාවය පහත පරිදි ය.

















Overall figures
Nasir Jamshed2005-200524026620466.50100
Fawad Alam2005-200524223175115.50030
Adnan Raza2005-20052301488149.33020
Jahangir Mirza2003-200547114256*23.66011
Fahad Iqbal2005-20052401107527.50010


ඉහත දත්ත සලකා බැලුවිට වර්තමාන පකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරන නසීර් ජම්ශේඩ් පකිස්තානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තාවක් පිහිටුවා ඇත. 4 වනදා ආරම්භ වූ ටෙස්ට් තරඟය අද නිමා වෙන විට ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක වාර්තා රැසක් බිඳහෙලීමට සමත් වුනේ සුපිරි පිතිකරුවෙකුගේ ආගමනය සනිටුහන් කරමිනි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නායකයා වන චරිත් අසලංක වසර ආරම්භයේ (2015) පළමුපෙළ තරඟාවලියේ දෙවන කාණ්ඩයේ පැවති 2016 පළමුපෙළ තරඟාවලියේ පළමු කාණ්ඩය ට සුදුසුකම් ලැබීමේ තරඟයේදී ශතකයක් වාර්තා කරන අතර එය ඉතිහාසගත වුයේ පළමුපෙළ ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසටයි. එයින් නොනැවතුණු අසලංක වසර මැද පැවති 23න් පහල තරඟාවලියේදී SSC කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 126ක් රැස්කරන ලදී.

චරිත් අසලංක නැවත පුවත් මවන්නේ ඊයේ දිනයේදී (05.10.2015) ප්‍රබල පකිස්තානු පන්දුයවන්නන් ට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කිරීමෙන්. 19න් පහල ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා වුයේ අසලංක යි.


Overall figures
AKKY Lanka2010-201135035421370.80121investigate this query
KIC Asalanka2015-201533025320084.33100investigate this query
LD Chandimal2007-200959151718464.62211investigate this query
AP Gurusinha1984-1986711136216136.20101investigate this query
PBB Rajapaksa2009-2011610052214952.20211investigate this query

එංගලන්තය ට එරෙහිව රැස්කළ ලකුණු 213 වාර්තා වුයේ තවමත් ජාතික පිල නියෝජනය කිරීමට අවස්තාවක් නොලැබූ යශෝධ ලංකා යි. එමෙන්ම අසලංක ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් 19න් පහල ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍ය හිමිකරගත් අතර ලොව අන් රටවල් හා සැසඳීමේදී ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන නායකයා ද අසලංක වේ.


Overall figures
K Sharp (EngYC)1978-1978351407260*101.75111investigate this query
KIC Asalanka (Sri19)2015-2015220216200108.00100investigate this query
Basit Ali (Pak19)1989-198947027818939.71102investigate this query
Hasan Raza (Pak19)1999-1999342324188*162.00120investigate this query
BB McCullum (NZ19)2001-2001341455186151.66300investigate this query
LD Chandimal (Sri19)2009-200924128818496.00111investigate this query



#DON

06.10.2015




























































No comments:

Post a Comment