Sunday, September 27, 2015

Frank 'Typhoon' Tyson (1930 - 2015)





1950 - 1970 දශක දෙක අතර කාලය තුල සිටි වේගවත්ම පන්දුයවන්නෙක් ලෙස සැලකු එංගලන්තයේ ෆ්‍රෑන්ක් ටයිසන් නමැති අසාහය ක්‍රීඩකයා අද දහවල් මිය ගිය බවට ගොල්ඩ්කොස්ට් හි රෝහලකින් වාර්තා විය. ටෙස්ට් තරඟ 17කට පමණක් ක්‍රීඩාකළ නමුත් කඩුලු 76 ක් දවාගත් ඔහුගේ පන්දුයැවීමේ සාමන්‍යය 18.56ක් වැනි විශිෂ්ට අගයක් වීම ඔහුගේ පන්දුයැවීමේ හැකියාව පැහැදිලි කරයි. ෆ්‍රෑන්ක් ටයිසන් යන නාමයට වඩා ඔහුට පටබැඳි 'ටයිෆූන්' හෙවත් සුළි සුළඟ යන්න වඩාත් ප්‍රසිද්ධ වූ එකක් විය.

ඔහුගේ ක්‍රිකට් දිවියේ වඩාත් සුවිශේෂිතම වසර වුයේ 1954/55 අළුබඳුන තරඟාවලියයි. එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙදීම ටෙස්ට් තරඟාවලි ජයක් ලබාදීමේ පුරෝගාමී වූ පන්දුයවන්නා වුයේ ඔහුයි.

ටයිසන් පන්දු යැවීම සඳහා දිව ආ දුර ප්‍රමාණය කෙටි කරගැනීමෙන් පසු ඔහුගේ පන්දුයැවීම් පෙරටත් වඩා භයානක වූ අතර ඔහුගේ ටෙස්ට් දිවිය තුල යැවූ හොඳම පන්දුයැවීම වාර්තා වුනේ ද ඉන් පසුවයි. සිඩ්නි හිදී කඩුලු 10ක් බිඳ දැමු ටයිසන් මෙල්බර්න් හිදී තවත් කඩුලු 9ක් දවාගන්න සමත් විය. එයට ඔහුගේ පන්දු යැවීම වූ 7/27 ද ඇතුලත්විය. එම පන්දුයැවීම සියැසින් දැකගත් ප්‍රේක්ෂකයින්, විචාරකයින් පවසන්නේ එතෙක් මෙතෙක් ටෙස්ට් තරගයක පන්දුයවන්නෙක් යැවූ වේගවත්ම පන්දු ඕවර කිහිපය අතරින් එකක් ලෙසයි.



ටයිසන් එවකට සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ද දෙවරක් තරඟ කර ඇති අතර එම දෙවාරයේම ඔහු නියෝජනය කලේ සුප්‍රකට MCC පිලයි.

1954 - at Colombo Oval
http://cricketarchive.com/Archive/Scorecards/114/114890.html

S.S. Perera විසින් රචිත The Janashakthi Book of Sri Lanka Cricket හි ටයිසන් ගැන මෙසේ පවසා ඇත.

"Tyson who bowled seven overs with his full run up did not show the pace that was to terrorise the Australians one month later. The MCC opened the attack with Tyson and stathem, followed by P.J. Loader and J.H. Wardle".

1958 - at SSC
http://cricketarchive.com/Archive/Scorecards/137/137677.html

ආබාධ නිසා වයස 30 දී ටෙස්ට් දිවියෙන් සමුගන්නට සිදුවූ ටයිසන් පසු කලක ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගන්නා අතර එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිය ප්‍රයෝජනයට ගනිමින් මෙල්බර්න් හි පාසලක ඉංග්‍රීසි, ප්‍රංශ සහ ඉතිහාසය යන විෂයයන් ත්‍රිත්වය ඉගැන්විය. ක්‍රිකට් දිවියෙන් විශ්‍රාමගත් ටයිසන් ඔහුගේ දෙවන ඉනිම ලෙස ක්‍රිකට් දිවිය ආරම්භ කලේ විස්තර විචාරකයෙක් ලෙස සහ වික්ටෝරියා ප්‍රාන්ත පුහුණුකරුවෙක් ලෙසයි. හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙක් සහ විස්තර විචාරකයෙක් ලෙස නමක් දිනාසිටි අභාවප්‍රාප්ත රිචි බෙනෝ පැවසුවේ ටයිසන් යනු ඔහු දකින ලද වේගවත්ම පන්දුයවන්නා ලෙසයි.

ටයිසන් ගේ මියයාම ක්‍රිකට් ක්‍රීඩාවේ වේගපන්දු ඉතිහාසයේ එක යුගයක අවසානය සනිටුහන් වූ බව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය දැක්වූ ප්‍රේක්ෂකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රතිචාරය දැක්වුයේ මේ අයුරින්. 







#DON
27.09.2015

No comments:

Post a Comment