Sunday, August 9, 2015

විශිෂ්ටයෙකුගේ නික්ම යාම ! #BestAfterBradman





ටෙස්ට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් ලැයිස්තුවෙන් මුල්ම ස්ථානය නිතැනින්ම හිමිකරගන්නේ ඕස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අසහාය පිතිකරුව යි. ඔහුට පෙර සහ පසු බිහිවූ පිතිකරුවන් සලකා බැලුවිට ටෙස්ට් තරඟ තුල ග්‍රෙහැම් පොලොක්, ජෝර්ජ් හෙඩ්ලි, හර්බට් සට්ක්ලිෆ් වැන්නන් ඔවුන් නියෝජනය කල එක්එක් කාල සීමාව තුල ක්‍රිකට් පිතිකරණ අංශය නතුකරගෙන සිටි බවට ඔවුන්ගේ වාර්තාවන් පසක් කරයි. 90 දශකයෙන් පසු ටෙස්ට් කරලියට පැමිණි බ්‍රයන් ලාරා, රිකි පොන්ටින්, ජැක් කලිස්, සචින් ටෙන්ඩුල්කාර් , රාහුල් ඩ්‍රාවිඩ්, ඉන්සමාම් උල් හක් වැනි සමකාලීන ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් ලෙස සුවිශාල සේවයක් කල අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන වැනි තාක්ෂණයෙන් සහ හැකියාවෙන් පිරිපුන් ක්‍රීඩකයින් හමුවේ 2000 වසරේදී ටෙස්ට් වරම් දිනා ගන්නා කුමාර් චෝක්ෂනාද සංගක්කාර මෑත කාලීනව ක්‍රිකට් ක්‍රීඩාව තුල වැඩිම බලපෑමක් කල පිතිකරුවා ලෙස සැලකිය හැකියි.

මේ වසරේ අගෝස්තු මාසයේ ඉන්දියාව සමඟ කොළඹ ඕවල් පිටියේ පවත්වන දෙවන ටෙස්ට් තරගයෙන් පසුව  අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා තිත තබමින් විශ්‍රාම ගන්නා බවට කුමාර් සංගක්කාර නිල නිවේදනයක් ලබා දුන්නේ පකිස්තානු තරඟාවලියටත් පෙරය. සංගා ගේ වසර 15 ක ටෙස්ට් දිවිය තුල තබා ඇති දේශීය සහ අන්තර්ජාතික වශයෙන් වාර්තා රැසක් අතරින් තෝරාගත් ටෙස්ට් වාර්තා පමණක් පහත වේ.

  • ලෝක වාර්තා
1. ටෙස්ට් තරඟ 4ක් තුල ලකුණු 150 සීමාව සිවුවරක් පසු කල ප්‍රථම සහ එකම පිතිකරුවා.


200* බංගලාදේශයට එරෙහිව, 2007 
222* බංගලාදේශයට එරෙහිව, 2007 
192 ඔස්ට්‍රේලියාවට එරෙහිව, 2007
152 එංගලන්තයට එරෙහිව, 2007 

2. වැඩිම ටෙස්ට් ඉනිම් ගණනක් තුල පිට පිට අර්ධ ශතක රැස්කිරීමේ වාර්තාව සමකිරිම. 

වීක්ස්, ෆ්ලවර්, චන්ද්‍රපෝල් සහ සංගක්කාර 7 වාරයක් 

3. ලොව වැඩිම 'දෙවන වැඩිම' ලකුණු ගණනේ වාර්තාව.

මහේල ජයවර්ධන ලකුණු 374 රැස්කළ තරගයේදී කුමාර් සංගක්කාර අනෙක් අන්තයේ සිට ලකුණු 287ක් රැස්කරන ලදී. එය මේවනතෙක් ටෙස්ට් ඉනිමක් තුල වැඩිම ලකුණු ගණන රැස්කළ පිතිකරුවාට අමතරව දෙවනුවට රැස්කරන ලද විශාලතම ලකුණු ගණන 287 වේ. 

4. ටෙස්ට් තරඟයක් තුල ත්‍රිත්ව ශතකයක් සහ ශතකයක් රැස්කිරීමේ වාර්තාව.

එංගලන්තයේ ග්‍රෙහැම් ගුච් ගෙන් පසුව 2014 වසරේ දී කුමාර් සංගක්කාර විසින් ඉහත වාර්තාව සමකල අතර ටෙස්ට් තරඟයක් තුල රැස්කරන ලද තෙවනුවට වැඩිම මුළු ලකුණු ගණනේ (319 + 105) වාර්තාව ද ඔහුටම හිමිවිය.  

5. අඩුම ඉනිම් ගණනක් වැයකර ලකුණු 8000, 9000, 10000, 11000, 12000 සීමාව පසු කිරීමේ ලෝක වාර්තාව.

8,000 - ඉනිම් 152 යි
9,000 - ඉනිම් 172 යි.
10,000 - ඉනිම් 195 යි
11,000 - ඉනිම් 208 යි.
12,000 - ඉනිම් 224 යි.

*එමෙන්ම ලකුණු 7000 සීමාව පසුකල සිවුවන වේගවත්ම පිතිකරුවා ද කුමාර් සංගක්කාරයි.

6. සෑම ටෙස්ට් කණ්ඩායමකටම එරෙහිව ලකුණු 150ක් රැස්කිරීම. (ICC ලෝක කණ්ඩායම හැර)

7. ටෙස්ට් ඉතිහාසයේ මෙන්ම පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සම්බන්ධතාවයට දායක වීම. 
2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 624ක් , අනෙක් පිතිකරු මහේල ජයවර්ධන 

8. ඉනිම් 3කදි පිට පිට ශතක 3ක් වාර්තා කල අවස්ථා 3ක් ඇති එකම පිතිකරුවා 

137 ඉන්දියාවට එරෙහිව 2009
103 ඉන්දියාවට එරෙහිව 2010 
219 ඉන්දියාවට එරෙහිව 2010 

142 බංගලාදේශයට එරෙහිව 2013 
105 බංගලාදේශයට එරෙහිව 2013 
139 බංගලාදේශයට එරෙහිව 2013 

319 බංගලාදේශයට එරෙහිව 2014 
105 බංගලාදේශයට එරෙහිව 2014 
147 එංගලන්තයට එරෙහිව 2014 

9. ලකුණු 199ක් නොදැවී රැස්කරගත් ලොව දෙවන පිතිකරුවා කුමාර් සංගක්කාර වේ. 
අනෙක් පිතිකරුවා - සිම්බාබ්වේ පිල නියෝජනය කල ඇන්ඩි ෆ්ලවර් 

10. ද්විත්ව ශතක 11ක් වාර්තා කර ඇති සංගා දෙවැනි වන්නේ බ්‍රැඩ්මන් ගේ ද්විත්ව ශතක 12 ට පමණි.

11. පකිස්තානයට එරෙහිව 2002 වසරේදී රැස්කරගත් ලකුණු 230 ටෙස්ට් ඉතිහාසයේ කඩුලු රකින්නෙක් රැස්කරගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. (ඇන්ඩි ෆ්ලවර් 232*)

12. අවම වශයෙන් ටෙස්ට් ඉනිම් 50ක් හෝ ක්‍රීඩා කල වමත් පිතිකරුවන් අතරින් ඉහලම පිතිකරණ සාමාන්‍යයක් ඇත්තේ ද සංගක්කාරටයි.

13. ටෙස්ට් තරඟ තුල පිතිකරුවෙක් ලෙස පමණක් ක්‍රීඩා කරමින් සංගක්කාර පිතිකරණ සාමන්‍යය 69 ක් ලෙස රඳවා ගෙන ඇති අතර එය දෙවැනි වන්නේ බ්‍රැඩ්මන් ගේ 99.94 ට පමණි.

14. කුමාර් සංගක්කාර තෙවරක් ලකුණු 190 පසුකල ද ඔහුට ද්විත්ව ශතකයක් කරා යාමට නොහැකි වූ නමුත් එය ද ලෝක වාර්තාවකි. සංගක්කාරට අමතරව පකිස්තානයේ මොහොමඩ් යුසුෆ් ටද 190 - 200 අතර ලකුණු සංඛ්‍යා 3ක් ඇත.

15. වසර 138 ක ටෙස්ට් ඉතිහාසය තුල ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් ලයිස්තුවේ 6 වන ස්ථානයේ සිටින්නේ ද කුමාර් සංගක්කාර යි. 

1961D.G. BradmanAUS961 v India, 06/02/1948
2945L. HuttonENG 945 v West Indies, 30/03/1954
3942J.B. HobbsENG942 v Australia, 19/08/1912
3942R.T. PontingAUS942 v England, 01/12/2006
5941P.B.H. MayENG941 v Australia, 23/08/1956
6938C.L. WalcottWI938 v Australia, 11/06/1955
6938I.V.A. RichardsWI938 v England, 27/03/1981
6938G.S. SobersWI938 v India, 13/01/1967
6938K.C. SangakkaraSL938 v England, 01/12/2007

16. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම මුළු ලකුණු රැස්කරගෙන ඇති ක්‍රීඩකයින් අතරින් ඔහු දෙවැනි වන්නේ ඔහුගේ ක්‍රිකට් සඟයා වන මහේල ජයවර්ධනට පමණයි. SSC ක්‍රීඩාංගනය තුල සංගක්කාර ලකුණු 2312 ක් රැස්කර ඇත. 

Most runs on a single ground
PlayerSpanMatInnsNORunsHSAve


DPMD Jayawardene (SL)1997-201427423292137474.89


at Sinhalese Sports Club Ground, Colombo
DPMD Jayawardene (SL)1998-201423373238223770.05


at Galle International Stadium
KC Sangakkara (SL)2000-201422343231228774.58


at Sinhalese Sports Club Ground, Colombo
JH Kallis (SA)1996-201322355218122472.70


at Newlands, Cape Town


  • ශ්‍රී ලංකා වාර්තා 



1. වසරක් තුල වැඩිම ටෙස්ට් ලකුණු රැස්කර ඇති ශ්‍රී ලාංකිකයා කුමාර් සංගක්කාරයි. 2014 වසරේදී ඉනිම් 22කට මුහුණදෙමින් ලකුණු 1493ක් රැස්කරගෙන ඇත. ලෝක ටෙස්ට් ඉතිහාසය තුල එයට වඩා ලකුණු වාර්තා වී ඇත්තේ අවස්ථා 8 කදී පමණයි. 

2. එක්දිනක් තුල වැඩිම ලකුණු රැස්කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව දරන්නේ ද සංගක්කාරයි. ඒ 2007 වසරේ බංගලාදේශයට එරෙහි තරගයේ දී ලකුණු 222ක් රැස්කිරීමෙන්. ආසියානු ක්‍රීඩකයින් අතුරින් ඔහු දෙවැනි වන්නේ ඉන්දියාවේ විරෙන්දර් සෙවාග් ට පමණයි.

3. එක් කණ්ඩායමකට එරෙහිව වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කර ඇති ක්‍රීඩකයින් අතරින් 5 වන ස්ථානයේ සිටින්නේ සංගායි. ඒ පකිස්තානයට එරෙහිව ටෙස්ට් ශතක 10ක් රැස්කරමින්.

Most hundreds against one team
PlayerSpanMatInnsNORunsHSAve100500
DG Bradman (Aus)1928-194837637502833489.7819126
v England
SM Gavaskar (India)1971-1983274862749236*65.451375
v West Indies
JB Hobbs (Eng)1908-193041714363618754.2612153
v Australia
SR Tendulkar (India)1991-2013397483630241*55.0011164
v Australia
KC Sangakkara (SL)2002-201523456291123074.6410122

4. ටෙස්ට් තරඟ තුල ලකුණු 50 ට වඩා රැස්කර ඇති අවස්ථා 90ක් සංගක්කාර සතුව ඇති අතර එය ශ්‍රී ලාංකිකයෙක් විසින් වාර්තා කර ඇති ඉහළතම අගය යි. 

Most fifties (and over)
PlayerSpanMatInnsNORunsHSAve1005050+0
SR Tendulkar (India)1989-20132003293315921248*53.78516811914
JH Kallis (ICC/SA)1995-2013166280401328922455.37455810316
RT Ponting (Aus)1995-2012168287291337825751.85416210317
R Dravid (ICC/India)1996-2012164286321328827052.313663998
S Chanderpaul (WI)1994-20151642804911867203*51.3730669615
KC Sangakkara (SL)2000-2015132229171230531958.0438529011
5. පිට පිට අර්ධ ශතක 9ක් ටෙස්ට් තරඟ 9ක් තුල රැස්කරමින් සංගක්කාර ශ්‍රී ලංකා වාර්තාවක් තබා ඇත. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල එයට වඩා ඉහල දස්කමක් දක්වා ඇත්තේ ක්‍රීඩකයින් 7 ක් පමණයි.

6. කුමාර් සංගක්කාර පිට පිට ඉනිම් 85ක් තුල 0ට නොදැවී සිටිමින් වාර්තාවක් තබා ඇත. 

PlayerInnsFromUntil
DI Gower (Eng)11926 Aug 198226 Dec 1990
RB Richardson (WI)9623 Nov 198425 Jul 1991
SR Tendulkar (India)91*23 Jul 200814 Nov 2013
AR Border (Aus)8926 Nov 19822 Dec 1988
AJ Stewart (Eng)8617 Mar 199428 Nov 1998
KC Sangakkara (SL)8526 Mar 200615 Dec 2011

7. වැඩිම 4 පහරවල් එල්ල කර ඇති ක්‍රීඩකයින් අතරින් සංගක්කාර ට හිමිවන්නේ 6 වන ස්ථානයයි. ඒ 4 පහරවල් 1479 ක් එල්ල කරමින්. 

Most fours
PlayerSpanMatInnsNORunsHSAve1005004s6s
SR Tendulkar (India)1989-20132003293315921248*53.785168142058+69
R Dravid (ICC/India)1996-2012164286321328827052.3136638165421
BC Lara (ICC/WI)1990-2006131232611953400*52.88344817155988
RT Ponting (Aus)1995-2012168287291337825751.85416217150973
JH Kallis (ICC/SA)1995-2013166280401328922455.37455816148897
KC Sangakkara (SL)2000-2015132229171230531958.04385211147951

8. 2014 වසරේ දී ටෙස්ට් ඉනිමක 6 පහරවල් 8ක් එල්ලකරමින් බංගලාදේශයේදී සංගක්කාර ප්‍රථම වරට ලකුණු 300 ක් රැස්කරගත් අතර විදේශීය රටක ත්‍රිත්ව ශතකයක් රැස්කළ ප්‍රථම ක්‍රීඩකයා බවට ඔහු පත්විය. එමෙනම ලාංකීය පිතිකරුවෙක් ඉනිමක රැස්කළ වැඩිම 6 පහරේ වාර්තාව ද ඔහුට නිතැනින්ම හිමිවූ අතර ලකුණු 100 , 200 සහ 300 පිළිවලින් 4 පහර 2ක් සහ 6 පහරක් මගින් වාර්තා වීම සුවිශේෂී සිදුවීමක් විය. 

Most sixes in an innings
PlayerRunsMinsBalls4s6sTeamOppositionGroundMatch DateScorecard
Wasim Akram257*4903632212Pakistanv ZimbabweSheikhupura17 Oct 1996Test # 1336
NJ Astle2222311682811New Zealandv EnglandChristchurch13 Mar 2002Test # 1594
ML Hayden3806224373811Australiav ZimbabwePerth9 Oct 2003Test # 1661
BB McCullum2022791882111New Zealandv PakistanSharjah26 Nov 2014Test # 2147
BB McCullum1952021341811New Zealandv Sri LankaChristchurch26 Dec 2014Test # 2151
WR Hammond336*318-3410Englandv New ZealandAuckland31 Mar 1933Test # 226
CL Cairns12012296109New Zealandv ZimbabweAuckland20 Jan 1996Test # 1323
Inzamam-ul-Haq329579436389Pakistanv New ZealandLahore1 May 2002Test # 1600
TG Southee77*484049New Zealandv EnglandNapier22 Mar 2008Test # 1868
CH Gayle333653437349West Indiesv Sri LankaGalle15 Nov 2010Test # 1977
NS Sidhu12428022398Indiav Sri LankaLucknow18 Jan 1994Test # 1244
AC Gilchrist204*293213198Australiav South AfricaJohannesburg22 Feb 2002Test # 1590
KC Sangakkara319551482328Sri Lankav BangladeshChittagong4 Feb 2014Test # 2117

9. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු, ටෙස්ට් ශතක වාර්තා කර ඇත්තේ කුමාර් සංගක්කාර යි. 

10. ඔස්ට්‍රේලියාවේදී රැස්කළ ලකුණු 192 මෙරට පිතිකරුවෙක් එරටදී රැස්කළ ඉහළතම ඉනිමයි. 

  • පළමුපෙළ වාර්තා 

1. සංගක්කාර නියෝජනය කරන NCC පිලේ ඉනිමක වැඩිම ලකුණු ගණනේ වාර්තාව හිමිවන්නේ සංගක්කාරට යි. ඒ මුවර්ස් පිලට එරෙහිව රැස්කළ ලකුණු 285 යි. වසර 5ක් (2008 - 2013) මෙරට දේශීය පළමුපෙළ තරගාවලි තුල වාර්තා වූ වැඩිම ලකුණු ගණන වුයේ ද එයයි. 

2. ඉහත ද්විත්ව ශතකයත් සමඟ කුමාර් සංගක්කාර සතුව ද්විත්ව ශතක 12ක් ඇති අතර ආසියානු ක්‍රීඩකයින් අතර ද්විත්ව ශතක 12ක් වාර්තා කර ඇති අනෙක් ක්‍රීඩකයා පකිස්තානයේ ජාවෙඩ් මියන්ඩාඩ් පමණයි.

3. පළමුපෙළ මුළු ලකුණු 18039 ක් හිමි කුමාර් සංගක්කාර දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතුරින් වැඩිම මුළු ලකුණු හිමි ක්‍රීඩකයා වන අතර ශ්‍රී ලාංකිකයින් අතරින් දෙවැනි වන්නේ එංගලන්තයේ සසෙක්ස් සහ ලැන්කෂයර් ප්‍රාන්ත පිල් නියෝජනය කල ගිහාන් මෙන්ඩිස් ගේ ලකුණු 21436 ට පමණයි.

4. පිට පිට ඉනිම් දෙකක දී ද්විත්ව ශතක දෙකක් වාර්තා කල ඇති අවස්ථා 55ක් ඇති අතර සංගා ගේ පිත්තෙන් ද එක් අවස්තාවක් වාර්තා වී ඇත.



#DON 09.08.2015

#BestAfterBradman 
#ThankYouSanga

1 comment: