Saturday, May 16, 2015

ටයිටැනික් සමඟ මුහුදුබත් වූ ක්‍රිකට් ක්‍රීඩකයා




1912 අප්‍රේල් 10 වන දින, එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මුණු ටයිටැනික් නෞකාව ගමනාන්තය වූ නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිතව සිටියත් අප්‍රේල් මස 15 වන දින පුද්ගලයින් 1500 කට අධික ප්‍රමාණයක් සමඟ අත්ලාන්තික් සාගරයෙදී මුහුදුබත් වීම හේතුවෙන් නාවික ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් බවට එය පත්විය. පලමුපන්තියේ ටිකට් පත් ඇතිව මංගල ටයිටැනික් ගමනට එක්වූ ජෝන් බොර්ලන්ඩ් තයර්, ඔහුගේ බිරිඳ මේරියන් ලෝන්ග්ස්ට්‍රෙත් තයර් සහ එම දෙපලගේ පුත් ජෝන් "ජැක්" බොර්ලන්ඩ් තයර් (කනිෂ්ට) මේ බිහිසුණු අත්දැකීමට මුහුණදුන් පිරිසෙන් එක් කුඩා පවුලක් පමණයි.


ජෝන් බොර්ලාන්ඩ් තයර් ඉහත අනතුර වනවිට ඇමෙරිකාවේ පෙනිසිල්වේනියාවේ දුම්රියමාර්ග කටයුතු පිලිබඳ උප සභාපති ධූරය දරමින් සිටි අයෙක්. වර්ෂ 1862 දී උපත ලබන තයර් ඇමෙරිකාවේ මේරියන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් තරඟ වෙත යොමුවීය. 1884 වසරේදී එංගලන්තයේ තරඟ සංචාරයක යෙදුනු ප්‍රකට ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමක් වන ෆිලඩෙල්ෆියන් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු එම තරඟාවලිය තුල කඩුලු 22ක් දවාගැනීමට සමත්විය. තයර් ගේ ක්‍රිකට් දිවිය තුල පළමුපෙළ මට්ටමේ තරඟ 7ක් ඇතුලත්ව තිබෙන අතර එයින් 3ක් ෆිලඩෙල්ෆියන් පිලටත් ඉතිරි 4 ඇමෙරිකානු ජාතිකයින්ගේ පිලට ත් වේ. එමෙන්ම පළමුපෙළ දිවිය තුල කඩුලු 6ක් සහ ලකුණු 138ක් රැස්කරගෙන තිබෙන තයර් නිල නොවන තරඟ රැසකදීම ශතක වාර්තාකර ඇති දක්ෂ ක්‍රීඩකයෙක් වේ. 

" Bats in finished style, and, with more patience, would be the best in the team in that department. Can hit hard, and is a dangerous man when once well in. Bowls medium round-arm with good command of the ball and a break both ways. Is a splendid mid-off, and shows fine fielding whenever he is placed either at the boundary or close to the wicket." - විලියම් ලිලිවයිට් (උපුටාගැනීම - විස්ඩන් සඟරාව 1913 ) 

1912 අප්‍රේල් මස 15 වන දා ටයිටැනික් නෞකාව අත්ලාන්තික් සාගරයේදී අයිස්පරයක ගැටෙන මොහොතේදී තයර් පවුල රාත්‍රී නින්දට සුදානම් වෙමින් සිටි අතර ගැටීමෙන් ඇතිවූ කම්පනයේදී ජෝන් තයර් ගේ පුත් ජැක් අනතුර කුමක් දැයි අනාවරණය කිරීමට නෞකාවේ ඉහල මාලයට ගොස් සිදුවූ දෑ ඔවුන්ට වාර්තා කිරීමෙන් පසු ජෝන් තයර් ඔහුගේ බිරිඳ සහ පුතු ආරක්‍ෂිත බෝට්ටු වෙත යැවීමට පියවර ගන්නා ලදී. එහෙත් තයර් ඇතුළු ඔහුගේ මිතුරන් කිහිපදෙනෙක් නැවෙන් පිටවීමට කැමැත්තක් නොදැක්වුයේ නෞකාවේ සිටින පිරිසට අනුපාතිකව ආරක්‍ෂිත බෝට්ටු නොමැතිවීමත් කාන්තාවන් සහ ළමයින් මුලින්ම පිටකලයුතු බවට ඔවුන් සිටි මතය නිසාත් බව විවිධ වාර්තා පලවිය. 

ජෝන් තයර් ගේ මරණය සියැසින් දැකගත් ගත් අයෙක් පැවසුවේ ඔහුට ආරක්‍ෂිත බෝට්ටුවකට පැමිණන ලෙස පැවසුවත් ඔහු ඇතුළු සුළු පිරිසක් එයට එකඟ නොවී කුඩා පහුරක ඔවුන්ගේ අවස්තාව එනතුරු බලාසිටි බවය. එහෙත් සුළු වෙලාවකට පසු පහුර දෙකඩ වීම හේතුවෙන් තයර් මුහුදට විසිවී නොපෙනී ගිය බව ඉහත පුද්ගලයා වාර්තාකරුවන්ට පවසන ලදී. 

©

‪#‎DON‬
16.05.2015


No comments:

Post a Comment