Friday, April 10, 2015

ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අප්‍රකට ක්‍රිකට් සහෝදරවරු !!!



Duleep Samaraweera
දුලිප් සමරවීර - ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 7කට ක්‍රීඩා කල දුලිප් මෙරටින් බිහිවූ දක්ෂතම මැදපෙළ පිතිකරුවෙක් වන තිලාන් සමරවීර ගේ සොහොයුරා යි. පළමුපෙළ ශතක 16කත හිමි දුලිප් ගේ වැඩිම ලකුණු ගණන 250* වේ.

 ට්‍රෙවින් මැතිව්ස් - වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ගේ වැඩිමල් සොහොයුරු වන ට්‍රෙවින් ක්‍රීඩා කර ඇත්තේ ඒක පළමුපෙළ තරගයක් පමණයි. 

ක්‍රිෂාන් ධර්මසේන - වර්තමානයේ විනිසුරුවරයෙක් වශයෙන්ද 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කල කුමාර ධර්මසේන ගේ සොහොයුරා වන ක්‍රිෂාන් පළමුපෙළ තරඟ 58ක අත්දැකීම් ඇති අයෙක්. පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රිෂාන් NCC පිල නියෝජනය කල ක්‍රීඩකයෙක්.

TN Sampath
තිලකරත්න සම්පත් - හිටපු ටෙස්ට් නායක තිලකරත්න දිල්ශාන් ගේ සොහොයුරා වන සම්පත් දිල්ශාන් මෙන් සියලුම අංශයෙන් දස්කම් පාන්නෙකි. සීමිත ඕවර තරග තුල සුවිශේෂී දස්කම් දක්වා ඇති සම්පත් තවමත් පළමුපෙළ තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.

කෙන් ද අල්විස් - කෙන් ද අල්විස් පළමුපෙළ තරඟ කිහිපයකට පමණක් දායකත්වය සැපයුවද ඔහු දක්ෂ පිතිකරුවෙක් ලෙස ප්‍රකට වී සිටි අයෙක්. වසර දෙකකට පෙර මියගිය හිටපු ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක ගයි ද අල්විස් ගේ සොහොයුරා මොහු වේ. 

චමින්ද හතුරුසිංහ - බංගලාදේශ පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ ගේ සොහොයුරා මොහුයි. පළමුපෙළ තරඟ 94 කට ක්‍රීඩාකළ චමින්ද ඉතාමත් දක්ෂ මඳ වේග පන්දුයවන්නෙකි. කඩුලු 235ක් දවාගෙන ඇති චමින්ද හතුරුසිංහ නියෝජනය කලේ ටැමිල් යුනියන් පිලයි.

Yasas Thilakaratne
යසස් තිලකරත්න - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ගේ සොහොයුරා මොහු වේ. යසස් පළමුපෙළ තරග 74 කදී වමත් පිතිකරුවෙක් ලෙස හා පා දඟ පන්දුයවන්නෙක් ලෙස සුවිශාල සේවයක් කල ක්‍රීඩකයෙකි. වර්තමානයේ පුහුණුකරුවෙක් වශයෙන් සේවයේ යෙදේ. 

රස්මි ජිනාන් - පළමුපෙළ තරඟ 50 කට ක්‍රීඩා කල මොහු සුරාජ් රන්දිව් ගේ සොහොයුරා වන අතර වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයෙකි. වමත් මඳවේග පන්දු යවන්නෙක් ලෙස බ්ලූම්ෆීල්ඩ් පිල වෙනුවෙන් සුවිශේෂ සේවයක් කල රස්මි පළමුපෙළ කඩුලු 124කට හිමිකම් කියන්නෙක්.

වෙන්ඩෙල් ලැබ්රෝයි - දක්ෂ වේග පන්දුයවන්නෙක් සහ පසුපෙළ පිතිකරුවෙක් ලෙස 80 දශකයේ සුවිශේෂී දස්කම් දැක්වූ ග්‍රෙහැම් ලැබ්රෝයි ගේ සොහොයුරා වන වෙන්ඩෙල් NCC හා කොළඹ ක්‍රිකට් සමාජ පිල නියෝජනය කල තවත් මඳ වේග පන්දුයවන්නෙකි. පළමුපෙළ කඩුලු 241ක් බිඳ දමා ඇති වෙන්ඩෙල් ගේ වැඩිම පළමුපෙළ ලකුණු ගණන 101 වේ. 

©

#DON
10/04/2015

Pics -
1. TN Sampath
2. Dulip Samaraweera
3. Yasas Thilakaratne

1 comment:

  1. Hi Aqeeb, What about Wettamuni & Ranatunaga brothers as well as Samarasekara Cusins, Kaluperuma brothers, Rohan & Ajith Weerakkodi?

    ReplyDelete