Friday, April 3, 2015

ලංකාවේදී ලකුණු 20 ට දැවී ගිය ඩොනල්ඩ් බ්‍රැඩ්මන්





ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවූ විශිෂ්ටතම පිතිකරුවයි. පන්දුයවන්නන් ගේ සියලුම ක්‍රමෝපායන් ඉදිරියේ සාර්ථකව මුහුණදුන් බ්‍රැඩ්මන් 1948 වසරේදී මෙරට පන්දුයවන්නන් ඉදිරියේ ලකුණු 20 ට නොසිතුලෙස දැවීයාම මෙරට මාධ්‍යවේදීන්ට මුදල් ගලා එන මාතෘකාවක් බවට පත්වන ලදී. ඒවනවිට බ්‍රැඩ්මන් ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසන් භාගය ගත කිරීම සහ ඔහු පුවත් මවන්නෙක් වීමත් ඕස්ට්‍රේලියානු පිලේ නායකයා ලෙස ඔහු කටයුතු කිරීමත් නිසා ඉහත සිදුවීමට සුවිශාල ප්‍රචාරයක් ලැබුණි.

ඉහත කණ්ඩායම් දෙක සකස් වී තිබුනේ මේ අයුරින්

ඕස්ට්‍රේලියානු පිල - සිඩ්නි බාන්ස්, බිල් බ්‍රවුන්, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, කීත් මිලර්, නීල් හාවී, R.හැමන්ස්, සැම් ලොක්ස්ටන්, R සැගර්ස්, ඉයන් ජොන්සන්, D රිංග් සහ ER ටොෂක්

සිලෝන් පිල - මහේෂ් රොද්‍රිගෝ, S. නාගේන්ද්‍ර, FC ද සේරම්, මහාදේවන් සතාසිවම්, සාගෝ ජයවික්‍රම, BR හේන්, CI ගුණසේකර, S. කුමාරස්වාමි, C. ඇලන්, RL ඩි ක්රෙස්ටර්, බෙන් නවරත්න.

Ceylon team (1948)
තරඟය පැවතුනේ කොළඹ ඕවල් පිටියේදී, රට වටා සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගෙන් පිරි තිබුන මෙය අද මෙන් සුපිරි ගනයේ ප්‍රේක්ෂකාගාර, ආහාර පාන ලබා දෙන කුටි සහිත ඒවා නොවන නිසාත් තරගය බැලීමට ටිකට් අවශ්‍ය නොවන නිසාත් 20,000 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම සුවිශේෂ තරගය නැරඹීම සඳහා ඉඩකඩ වෙන්කරවා ගන්නා ලදී.

ඕස්ට්‍රේලියානු පිල බ්‍රැඩ්මන් විසින් මෙහෙයවද්දී සිලෝන් පිල මෙහෙයවීමේ භාග්‍ය හිමිකරගත්තේ මහාදේවන් සතාසිවම් යන අග්‍රගන්‍ය පිතිකරුවායි. අතිදක්ෂ ක්‍රීඩකයින් ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු පිල සිලෝන් පන්දුයවන්නන් ඉදිරියේ පසුබසිමින් රැස්කරගත්තේ කඩුලු 8ත ලකුණු 184ක් පමණයි. වේගයෙන් පන්දුවට පහරදෙන කීත් මිලර් ලකුණු 46ක් රැස්කරගත් අතර මිලර් ගේ පහර දීමේ වේගයට නොදෙවෙනි ලෙස සැම් ලොක්ස්ටන් ලකුණු 34ක් වාර්තා කලේ ඕස්ට්‍රේලියානු පිතිකරණය ශක්තිමත් කරමින්. සිඩ්නි බාර්න්ස් ලකුණු 49ක් රැස්කරගනිමෙන් පසු ඔහුගේ ඉනිම අත්හිටවුයේ මෙරට කාලගුණික තත්වය නිසා තෙහෙට්ටුවට පත්වීමෙනි.

කුමාරස්වාමි ගේ පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ බිල් බ්‍රවුන් ඉවත්වීමෙන් ලොව විශිෂ්ටතම පිතිකරුවා වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පිටියට පැමිණීමේ අවස්තාව සනිටුහන් විය. ඔහු පිටියට පැමිණෙත්ම ප්‍රේක්ෂකයින් ගේ අත්පොලසන් නාදයෙන් ඕවල් පිටිය වෙලාගත් අතර ඔහු පන්දුවට පහරදෙන සෑම මොහොතක්ම ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී විය. සිලෝන් පන්දුයවන්නන් ගේ කෙටි පන්දුවට බ්‍රැඩ්මන් මුහුණදුන්නේ අපහසුවෙන් වුවත් ලකුණු 20ක් රැස්කරගෙන සිටි අවස්ථාවේදී රසල් හේන් විසින් යැවූ පන්දුව කෙලින්ම ඩි ක්‍රෙස්ටර් ගේ අතට යන්නේ ඔහුගේ ඉනිම නිමා කරමින්. ඔහුගේ ඉනිමට කිසිදු 4 පහරක් හෝ 6 පහරක් අඩංගු නොවීමත් විශේෂයි. බ්‍රැඩ්මන් මෙම තරගයෙන් පසුව පැවසුවේ පහරදුන් තණතිල්ල යාර 20කට පමණක් සීමා වුවක්ය යන්නයි. එය පසුව තහවුරු වුවත් බ්‍රැඩ්මන් ඇතුළු සියල්ලන්ගේම පැසසුම් සිලෝන් පන්දුයවන්නන් හට නිතැනින්ම හිමිවිය. එම ඉනිමෙන් පසු බ්‍රැඩ්මන් ශ්‍රී ලංකාව තුල පිතිකරණ සාමාන්‍යයෙන් ලකුණු 30ට සීමා කිරීමට 1930 සහ 1948 ට පන්දුයවන්නන් හට හැකිවීම අප රට හිමිකරගත් භාග්‍යයක්. (බ්‍රැඩ්මන් ඊට පෙර එනම් 1930 වසරේදී ද සිලෝන් පිලට එරෙහිව පහරදුන් අතර එවර ඔහු ලකුණු 40ක් රැස්කරගෙන තිබුණි. එම අවස්ථාවේදී බ්‍රැඩ්මන් හිට් විකට් අවස්ථාවෙන් දැවී ගිය අතර එය ඔහුගේ ක්‍රිකට් දිවියේ මුහුණදුන් එකම අවස්තාව බව විචාරකයෝ පවසති)

Mahesh Rodrigo
සිලෝන් පිල පිළිතුරු ඉනිම ආරම්භ කරමින් වේගයෙන් පහරදෙන මහේෂ් රොද්‍රිගෝ සහ S නාගේන්ද්‍රන් පිටියට පැමිණි අතර නාගේන්ද්‍රන් ඉක්මනින්ම දැවී ගියේ බාන්ස් ගේ පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්. ඒවනවිට සිලෝන් පිල රැස්කරගෙන සිටියේ ලකුණු 13ක් පමණයි. කෙසේවෙතත් පිටියේ සිටි රොද්‍රිගෝ සමඟ එක්වූ FC ද සේරම් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් ඉදිරියේ සාර්ථකව මුහුණදෙමින් ක්‍රමයෙන් ලකුණු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ලදී.

නායක බ්‍රැඩ්මන් ඒවනවිට පහරදෙමින් සිටි රොද්‍රිගෝ සහ සේරම් දෙපල දවාගැනීමට ලොක්ස්ටන්,බාන්ස්,ඉයන් ජොන්සන්, රිංග් සහ ටොශක් භාවිතා කලත් ඔවුන්ගේ කඩුල්ල ලබාගැනීම යම්තාක් දුරට අපහසුවිය. හොඳින් ලකුණු රැස්කරමින් සිටි මහේෂ් රොද්‍රිගෝ ලකුණු 26ට දැවී ගියේ පන්දුයවමින් සිටි ජොන්සන් ගේ අතටම පන්දුව හරවා යවමින්. ඔහු පිටියෙන් ඉවත්වද්දී පිටිය වටා සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාරයක් එම ඉනිම ට හිමිවිය. රොද්‍රිගෝ ගේ ඉවත්වීමෙන් පසු සිලෝන් පිලේ නායක සතාසිවම් පන්දුවට පහරදීමට පැමිණි අතර ඔහු සේරම් සමඟ පන්දුවට පහරදෙන ලදී. කෙසේ වෙතත් සවස 5.15 ට පමණ වර්ෂාවෙන් තරගයට බාධා වීම නිසා එම තරගය සුවිශේෂ සිදුවීම් රාශියකින් අනතුරුව නිමාවිය.

පහත සඳහන් උපුටා ගැනීම් ටයිම්ස් ඔෆ් සිලෝන් සන්ඩේ පුවත්පතට ජැක් ෆින්ගල්ටන් විසින් ලියන ලද ලිපියෙන් ලබාගත් කෙටි සටහන් වේ.

Ceylon Bowlers Curbed Bradman

The greatest attribute of the local bowling was length and direction. The side did not possess either a Mankad or an Amarnath, but I would say without hesitation that the Ceylonese fielding was immeasurably superior to the Indian fielding we saw in Australia.

Nagendra did not last long, but Rodrigo began to bat as if there was not the slightest venom in the Australian attack. He is a very attractive batsman, this Rodrigo. He uses his feet smartly to get into position and his bat is impeccably straight in defence. He is a good model for the young to follow. Especially as he does not hesitate to give the loose ball all it deserves.

ලකුණු පුවරුව -


©
#DON

03/04/2015

No comments:

Post a Comment