Friday, March 6, 2015

යක්ෂයා !!!

යක්ෂයා !!! 


ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් බිහිසුනුම පන්දුයවන්නා කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට පිළිතුරු අනන්තවත් ඇති. 40 දශකයේ ලාවුඩ් සහ බිල් බවුස් , 50/60 දශකයේ ෆ්‍රෙඩ් ට්රූමන්, 70 දශකයේ වෙස් හෝල් සහ චාලි ග්‍රිෆිත්, 80 දශකයේ කොදෙව් සිවු වේගපන්දු බල ඇණිය (රොබට්ස්,හෝල්ඩින්,ක්‍රොෆ්ට් සහ ගානර්), බොබ් විලිස්, සෆ්රාස් නවාස්, ලිලි සහ තොම්ප්සන් , 90 දශකයේ වොල්ෂ්,ඇම්බ්‍රෝස්,වසීම්,වකාර් වැන්නන්ගෙන් සමන්විත වුන ලෝක භයානක වේග පන්දු ලයිස්තුවේ ආරම්භකයා කවුද ? 
ඔහු වෙනකෙකු නොවේ, ඕස්ට්‍රේලියාවේ බිහිවූ දශකයක් තිස්සේ එංගලන්ත පිතිකරුවන් ගේ දක්ෂතා සුනුවිසුනු කර දැමු එරටින් බිහිවූ ප්‍රථම වේග පන්දු විශිෂ්ටයා වන ෆ්‍රෙඩ්රික් ස්පොෆොර්ත්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූ නම් දෙකක් ඇත. පළමුවැන්න ෆ්‍රෙඩ් ස්පොෆෝර්ත් දෙවැන්න 'the demon bowler' යි. ටෙස්ට් තරග 18 කට පමණක් ක්‍රීඩා කලත් ඔහු ඉනිම් 30 කදී කඩුලු 94 කට අධික සංඛයාවක් බිඳ හැලුවා. ඔහුගේ ඉනිමක කඩුලු ලබාගැනීමේ සාමන්‍යය වුනේ 18.41. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය සිඩ්නි හිදී පැවතෙද්දී ඒවනවිට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස මුල් ස්ථානය රැකගෙන සිටියේ ස්පොෆොර්ත් යි.
ස්පොෆොර්ත් ගේ ටෙස්ට් තරග 18 තුල කඩුලු 5 දවාගැනීම් 7ක් සහ තරගයක කඩුලු 10ක් ලබාගැනීමේ අවස්ථා 4ක් වාර්තා වී තිබුනා. ඒවගේම මුල්ම ටෙස්ට් කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවාද ස්පොෆොර්ත් යි. ඔහුට demon හෙවත් යක්ෂයා කියන නම වැටුනේ ඔහුගේ කඩුලු ලබාගැනීමේ දක්ෂතාවය සහ ඔහුගේ ස්වරූපය නිසා. වක්වී ඇති දිගැටි නාසය, ඔහුටම අනන්‍ය වූ උඩු රැවුල, ඔහුගේ උස (6' 2" ) සහ ඔහුගේ මුහුණ ඉහත නාමය ඔහුට හිමිවීමට වැඩි වශයෙන් හේතුකාරකයන් වුනා.
I met Spofforth in after years and he had rather the type of countenance which one associates with the Spirit of Evil in Faust. A long face, somewhat sardonic; piercing eyes; a hooked nose; and his hair, parted in the middle, giving the impression of horns. He was also immensely tall, sinewy and loose limed with long thin arms; he would have looked the part of the stage-demon.” - Rev. RL. Hodgson
ස්පොෆොර්ත් ගේ demon කියන නාමය කොතරම් ප්‍රසිද්ධ වුවේද යත් එය ඔහුගේ මැද නම ලෙස එනම් ෆ්‍රෙඩ් demon ස්පොෆොර්ත් ලෙස පවසන්නට සියල්ලන්ම වගබලා ගත්තා. ඔහුගේ පන්දු යැවීමේ වේගය පිළිබඳව 1890 දශකයේ අග භාගයේ පිත්තෙන් සහ පන්දුව දමා ගැසීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ CB ෆ්‍රයි පැවසුවේ ස්පොෆොර්ත් පන්දු යැවීම සදහා ඉතා දිගු දුරක සිට දිව එමින් ඔහුගේ දිග අත් භාවිතා කර ඉතාමත් වේගයෙන් පන්දුව පිතිකරුවා වෙත මුදාහැරු බවයි. ඔහු පන්දුව යැවූ පසු අත පොලව මත ගෑවී නොගෑවී යන බවද පැවසුවා.

The Demon >>>>
Not even GRACE, of matchless skill
(No worthier in the land),
The ‘Demon’s’ onslaughts could resist,
His awful speed withstand;
By lightning smit, as falls the oak,
The wickets fell beneath the stroke!




(ටෙස්ට් තරග අතරින් වඩාත් සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ 1882 ඕවල් ටෙස්ට් තරගයේදී සුපිරි දස්කම් දැක්වූ ෆ්‍රෙඩ් demon ස්පොෆොර්ත් ලකුණු 90 කට කඩුලු 14ක් ලබාගනිමින් එංගලන්තයට ඉතාමත් තියුණු ලකුණු 7ක පරාජයක් හිමිකර දුන්නා. මෙය අළු බඳුන තරගාවලියට පදනම වැටුණු තරගයයි. 1882 සිට අදවනතෙක් සෑම වසරකම අළු බඳුන තරගාවලියක් පැවැත්වීම අනිවාර්ය අංගයක් වී අවසන්, ටෙස්ට් තරග අතුරින් ලොව වඩාත්ම කතාබහට ලක්වෙන්නෙත් අළු බඳුනයි. ඉහත කවිය 'punch' නමැති සඟරාව පල කල එකකි)
©
06.02.2015

No comments:

Post a Comment