තරග පාවා දුන් තුන්කට්ටුව - 16
පාවා දීම් ගැන තවත් තොරතුරු
...........................................................................
හැන්සි ක්‍රොන්යේ හෙළිදරව්වෙන් පසු තවත් තරග පාවා දීම් සම්බන්ධ තොරතුරු එකින් එක වාර්තා වන්නට පටන් ගත්තා.
අප්‍රේල් මස 17වැනි දින ගාර්ඩියන් පුවත්පත හෙළි කළේ ඉන්දියාවේ පැවති එක්දින තරග පාවා දීම සඳහා හැන්සි බ්‍රිතාන්‍යය පවුම් 85,000 ක අල්ලසක් ගත් බවට සාක්ෂි, ඉන්දීය පොලීසිය සතු බව.
තරග පාවා දීම් පිළිබඳව ජන මාධ්‍යයත්, ක්‍රිකට් ආයතනත්, දිල්ලී පොලීසියත් ප්‍රකාශ නිකුත් කරමින් පුවත් මවමින් සිටින මෙම දින කිහිපය අතරතුර දකුණු අප්‍රිකාවේ, හැන්සි ට අනුග්‍රාහකත්වය සැපයූ ආයතන ඔහුත් සමඟ ඇතිකළ සියලුම ගිවිසුම් අවලංගු කර දැමීමට තීරණය කළා.
ඒවගේම දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයෙක් වන හමීඩ් "බැන්ජෝ" කාසිම් විසින් සංජීව් චව්ලා නමැත්තා දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ හට හඳුන්වා දුන් බවට වාර්තා පළවූ අතර එම චෝදනාව කාසිම් තරයේ ප්‍රතික්ෂේප කළා.
![]() |
හමීඩ් කාසිම් |
දකුණු අප්‍රිකානු පුවත්පතක් , කාසිම් , සචින් ටෙන්දුල්කර් සහ මොහොමඩ් අසාරුද්දීන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවට ලිපියක් පළකළ අතර එය එම ක්‍රීඩකයින් දෙදෙනාම එය අසත්‍යය බවට පැවසුවා.
සචින් පැවසුවේ , එම පුද්ගලයා , කලක් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිර්මාංශ ආහාර පිළියල කල අයෙක් බවටත් එම නිසාම ඔහුව හැඳිනගත්ත ද ඉන් එහා සම්බන්ධතාවයක් පවත්වා නොගෙන ගිය බවට .
I would prefer to be away from all this. If someone says he has met me and has photographed himself with me, it does not mean he is a great pal of mine. He has organized Indian food for the team, especially for the vegetarians. That’s all my relationship with him.”
![]() |
සචින් ටෙන්දුල්කර් |
පොලිස් අත්අඩංගුවට පත් වූ රාජේෂ් කල්රා, අප්‍රේල් මස 16 වැනි දා ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් බඳු වූ ඉන්දියානු ප්‍රේක්ෂකයින්ට දරාගත නොහැකි තොරතුරක් හෙළි කළා. එනම්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් අසරුදීන් ද බොහෝ තරග පාවාදී ඇති බවට. එවකට ආදායම් බදු කොමසාරිස්වරයෙක් වූ විශ්වබන්ධු ගුප්තා පැවසුවේ එක් ඉන්දීය ක්‍රීඩකයෙක් ඉන් මාස දෙකකට පෙර පවුම් මිලියන 2ක අධික මුදලක් හිමිකරගත් බවට තොරතුරු ඇති බවයි.
![]() |
මොහොමඩ් අසාරුද්දීන් |
එමෙන්ම ඔහු වැඩි දුරටත් පැවසුවේ ක්‍රීඩකයින් සහ බොම්බේ හි මාෆියා කණ්ඩායම් සමඟත් සම්බන්ධතා පවත්වාගෙන යන බවත් 1993 බෝම්බ ප්‍රහාර අතරතුර ක්‍රීඩකයින් සහ එම මාෆියා කණ්ඩායම් අතර සිදුවූ සංවාද පටිගත කළ නමුත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂන සිදු නොකළ බවයි.
එවකට හිටපු ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයෙක් වූ ඉන්ද්‍රජිත් සිං බින්ද්‍රා පැවසුවේ තරග පාවා දුන් හා ඔට්ටු ඇල්ලු, ඉන්දීය ක්‍රීඩකයින් ද ඇති අතර ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන් පිළිබඳව දැන සිටියත් ආරක්ෂා කරමින් සිටින බව.. ඔහු, කපිල් දේව් ට මෙම චෝදනාව එල්ල කරමින් වැඩිදුරටත් පැවසුවේ, කපිල් ලක්ෂ 25ක් ප්‍රභාකර් ට ලබා දුන් බවත් එය තරග පාවා දීමක් සඳහා බවයි.
ඉහත චෝදනාවෙන් කෝපයට පත් කපිල් දේව් පැවසුවේ, ඉන්ද්‍රජිත් ට එරෙහිව තමන් නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ මුදල් බලාපොරොත්තුවෙන් නොවන බවට.
පෙර ලිපි:
Comments
Post a Comment