තරග පාවා දුන් තුන්කට්ටුව - 15

හැන්සි, චව්ලා හවුල

....................................

පොලිස් සහකාර කොමසාරිස් ප්‍රදීප් ශ්‍රිවස්තවා, රෙඩිෆ් ආයතනය හා කළ සම්මුඛ සාකච්ඡාව, පහත පරිදියි . 

ප්‍රදීප්: අසාධාරණ මුදල් ගණුදෙනුවක් පිළිබඳව අපිට දිල්ලියේ ව්‍යාපාරිකයෙක් ගෙන් පැමණිල්ලක් යොමු වුනා. එම කටයුත්ත සෙවීමට, අපට සමහර පුද්ගලයන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් දෙන්නට, අපට රජයෙන් විශේෂ අවසරයක් හිමිවුණා. ඒ ගැන සෙවීමේදී තමයි මේ තරග වලට ඔට්ටු දාන සිදුවීම් දාමය ගැන සොයාගන්නට හැකිවුණේ. හැන්සි ක්‍රොන්යේ , මේ සිදුවීමට හසුවීමට ප්‍රබලතම හේතුව, ඔහු විසින් භාවිතා කළ, ඔහුට ලැබී තිබු ජංගම දුරකථනය.


රෙඩිෆ්: ඔහුගේ හඬ , තහවුරු කරගත්තද ?

ප්‍රදීප්: ඒ තොරතුරු තවමත් හෙළිකරන්නට මට අවසර නෑ. නමුත් අපි නිවැරදි මාර්ගයේ ගමන් කරනවා.

රෙඩිෆ්: මාධ්‍යයට නිකුත් කළ, හැන්සි සහ සංජීව් චව්ලා අතර කතාබහ තුළ සමහර තොරතුරු අඩුවක් අපිට දකින්නට ලැබෙනවා. මේ සිදුවීම් වලට ඉන්දීය ක්‍රීඩකයින්ගේ සම්බන්ධයක් නොමැති වීම තරමක ගැටළුවක් ,  මේ හඬපට වලින් ඔවුන්ගේ සම්බන්ධතාවය කපා දමන්නට ඔබලා ක්‍රියා කළා ද ?

ප්‍රදීප්: ඒ සියලු ගැටළු නිරාකරණය කරන්නට අපි කටයුතු කරමින් පවතිනවා, මෙයට විදේශීය මුදල් ගණුදෙනු සහ විදේශීය පුද්ගලයින් ද සම්බන්ධ නිසා ඉන්ටර්පෝල් සමඟ එක්ව මෙය විසඳීමට කටයුතු කරනවා .  මෙයට පූර්ණ සහයෝගය ඉන්දීය ආයතනය විසින් අපිට ලබාදෙන්නට එකඟව සිටිනවා. ඉන්දියානු ක්‍රීඩකයින් ගැන නම් අපි කිසිම තොරතුරක් හංගන්නට ක්‍රියා කලේ නෑ, නමුත් විවිධ කණ්ඩායම් මේ සිදුවීම් වලට සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා .

රෙඩිෆ්: බුකී කරුවන්ගෙන් මේ සිදුවීම් වලට සම්බන්ධ ප්‍රධානතම සැකකරුවා කවුද ?

ප්‍රදීප්: සංජීව් චව්ලා

මේ අතර ලන්ඩනයේ සිටි 32 හැවරිදි සංජීව් චව්ලා , තම නීතිඥවරයා වන නීල් ඕ මේ හරහා පැවසුවේ, තමන් හැන්සි ක්‍රොන්යේ සමඟ කිසිදාකවත් කතාබහ කර නොමැති බවට.

සංජීව් චව්ලා - Illustration: C R Sasikumar

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර වන්කඩේ හි දී පැවති ප්‍රථම ටෙස්ට් තරගය පෙබරවාරි මාසයේ දී ආරම්භ වූ අතර ඒ අතරතුරම සංජීව් චව්ලා ලන්ඩනයේ සිට පැමිණ ඉන්දියාවේ ටාජ් හෝටලයේ නවාතැන් ගත්තා. ප්‍රකට ටී සිරිස් සම අයිතිකරු ගුල්ශාන් කුමාර් ගේ සහෝදරයා වූ බොලිවුඩ් හි සක්‍රිය දායකත්වයක් දැක්වූ නළුවෙක් වූ කිෂාන් කුමාර් ගේ ජංගම දුරකථනයක් සංජීව් චව්ලා ට ලබාදෙන්නට කුමාර් තීරණය කළේ ඔවුන් සියල්ලන්ම ක්‍රීඩාවේ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසාවෙන්. එවකට ගුල්ශාන් කුමාර් ගේ මරණයට පාතාල කණ්ඩායම් විසින් කළ බවට පොලිසිය සැක කිරීම නිසා ඔවුන් කිෂාන් කුමාර් ගේ සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටියා.

මේ තරගාවලිය අතරතුර විදේශිකයෙක් , කිෂාන් කුමාර් විසින් ලබාදුන් ජංගම දුරකථනය පරිහරණය කළ සංජීව් චව්ලා සමඟ කළ සංවාදය පොලිසියේ විශේෂ අවධානය යොමුවීමෙන් හැන්සි ක්‍රොන්යේ ඉහත සිදුවීම් දාමයට හසුවීමට ප්‍රබලතම කාරණාව බවට පත්වුනා.

දිල්ලි පොලිසිය විසින් පටිගත කළ කුප්‍රකට සංජීව් චව්ලා සහ හැන්සි ක්‍රොන්යේ අතර සංවාදය පහත පරිදියි (මෙය මාර්තු මාසයේ පැවති පෙප්සි කුසලානය අතරතුරදියි);

චව්ලා: හෙලෝ.

හැන්සි: හෙලෝ.

චව්ලා: හායි හැන්සි.

හැන්සි: හායි.

චව්ලා: මං හෝටල් ලොබියේ ඉන්නේ දැන්. මට මිනිත්තු කිහිපයකට හමුවෙන්න පුළුවන් ද ?

හැන්සි: කොහෙද ඉන්නේ ? ලොබියේ ද ?

චව්ලා: ඔව්.

හැන්සි: මෙහෙට එන්න පුළුවන් (හෝටල් කාමරය)

චව්ලා: මට එන්න පුළුවන් ද ?

හැන්සි: ඔව් ,  346 වෙනි කාමරය

චව්ලා: හරි .  මිනිත්තු දෙකෙන් එන්නන්.

හැන්සි: හරි. 

පොලිස් පරීක්ෂණ ඔස්සේ සංජීව් චව්ලා සහ හැන්සි ක්‍රොන්යේ සංවාද තහවුරු කරමින් පවතින අතරතුර මාර්තු මාසයේ දී සංජීව් චව්ලා ලන්ඩනය බලා පිටත්ව යනවා.

ඉන් අනතුරුව හැන්සි සහ සංජීව් අතර ඇතිවූ සංවාදය පහත පරිදියි.

හැන්සි: ආයෙත් ලන්ඩන් වලට ගියාද ?

චව්ලා: ඔව් ,  දැන් ලන්ඩන් වල 

හැන්සි: අද තණතිල්ල ගොඩක් දුරට , පන්දුව වැඩියෙන් දඟ කැවෙන්න ගනියි.

චව්ලා: ලොකුවට දඟ කැවෙයි.......... ??, ස්ට්‍රයිඩම් ක්‍රීඩා කරයිද ?

හැන්සි: ඔව්.

චව්ලා: බෝයේ ?

හැන්සි: බෝයේ ක්‍රීඩා කරනවා.

චව්ලා: තව කවුද ? ගිබ්ස් ?

හැන්සි: ගිබ්ස් ,  මම

චව්ලා: තව කවුද ?

හැන්සි: තව විස්තර කියන්න මට අමාරුයි.

චව්ලා: තව විස්තර හොයාගන්න බැරි වේවිද ?

හැන්සි: බැරි වේවි.

චව්ලා: එතකොට හතර දෙනෙක් විතරද ඉන්නේ ,  වෙන කවුරුත් නැද්ද ?

හැන්සි: නෑ.

චව්ලා: ක්ලුස්නර් , අනිත් අය ?

හැන්සි: නෑ නෑ. ඒක නං කරන්නම බැරි වැඩක්. ඒ අය කිව්වා ,  කෝචින් වල දී ඒක කළා කියලා. අනිත් අය මාත් එක්ක තරහ වෙලා ඉන්නේ ඒ අයගේ සල්ලි , මට ලැබුනේ නැති නිසා.

චව්ලා: එත් ,  මන් ඔයාට කලින් කිව්වා ,  එයාට 60ක් දුන්නා කියලා.

හැන්සි: හරි.

චව්ලා: හෙට මට බැංකු ගිණුමට සල්ලි දාන්න පුළුවන් වේවි.  වෙලාව වෙනස ගැටළුවක් වෙන එකක් නෑ.

හැන්සි: හරි . හැමදේම හරි. ගිබ්ස් ,  විලියම්ස් , ස්ටර්යිඩම් ට කතා කරලා තියෙන්නේ. හැමදේම හරි. 

චව්ලා: ගිබ්ස් ලකුණු කීයක් ද ?

හැන්සි: 20ට අඩුයි.

චව්ලා: 20ට වඩා අඩු ද ?

හැන්සි: ඔව්.

චව්ලා: ඔයා 270 ට වඩා ගැහුවොත් ඒක වලංගු නෑ.

හැන්සි: හරි .  කට්ටියට 25 (ඩොලර් 25,000) ගානේ ලැබෙන්න ඕනේ.

චව්ලා: හරි .  ප්‍රශ්නයක් නෑ.

හැන්සි: ඒ කියන්නේ ,  තුන්දෙනාට 75යි .  මට කීයක් දෙනවද ?, මට කීයක් දෙනවද කියලා මං දන්නේ නෑ.

චව්ලා: ඔයා කියන්න.

හැන්සි: ඔක්කොම 140ක් දෙන්න.

චව්ලා: 140ක් හැමෝටම ?

හැන්සි: ඔව්.

චව්ලා: හරි .  ප්‍රශ්නයක් නෑ.

හැන්සි: හරි .  එහෙනං අපි වැඩේට ලෑස්තියි.

චව්ලා: හරි. තව එකක් කියන්න තියෙනවා. ඉන්දියාව මුලින් පිතිකරණයේ යෙදුනොත්, ඒ අය 250 ට වඩා අඩුවෙන් දැවී ගියොත්, ඔයා දෙවැනියට පිතිකරණයේ යෙදෙන්න ආවොත්, ඔයාට පුලුවන්ද ගිබ්ස්ට කියන්න දැවී යන්න කියලා. එතකොට හෙමින් ලකුණු රැස්කරොත් , ඔයා දන්නවනේ, අපිට වැඩේ කරගන්න පුළුවන් වේවි.

හැන්සි: හරි මං එයාට (ගිබ්ස්) කියන්නන්.

චව්ලා: දන්නවනේ ,  එයා ලකුණු ගහගෙන ගියොත් අපිට වැඩේ කරගන්න බැරිවෙනවා.

හැන්සි: හරි.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments