තරග පාවා දුන් තුන්කට්ටුව - 14

නායකයෙකුගේ කඩා වැටීම

අප්‍රේල් මස 11  වන අඟහරුවාදා පෙරවරු 3.00 ට පමණ අලි බැකර් ගේ දුරකථනය නාද වුනා, "දවස් දෙකකට පෙර මම කියපු දේවල්, බොහෝමයක් අවංකව කියපු දේවල් නෙමෙයි" , මෙලෙස අලි බැකර් ට පැවසුවේ, හැන්සි ක්‍රොන්යේ.

තමන්, ඇමෙරිකානු ඩොලර් 10,000ක් -15,000ක් පමණ ලබාගත් බවත්, එය ඔහුට ලැබුනේ දකුණු අප්‍රිකාවේ බුකී කරුවෙක් සහ ලන්ඩනයේ සිටින ඉන්දීය ජාතික බුකී කරුවෙක් මාර්ගයෙන් බව. නමුත් ඒ මුදල් ලබාගත්තේ තරග පාවාදීමට නොව තරගයේ ප්‍රතිඵලය ඔවුන්ට පෙර දැනුම් දීමක් සඳහා පමණයි බවට. එමෙන්ම එම මුදල්, බැංකුවේ නොව තම  නිවසේම ඇති බවට දැනුම් දුන්නා,


මෙම මුදල් ලැබුනේ ඒවනවිට අවසන් වූ ඉන්දීය තරගාවලියේ නොව වසර මුල දී පැවැත්වූ සිම්බාබ්වේ සහ එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දී බවටත් ඔහු පැවසුවා..
එමෙන්ම හැන්සි වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ එම වැරදි තීරණ මෙවැනි තත්ත්වයක් දක්වා පැමිණීම ඔහු කවමදාකවත් බලාපොරොත්තු නොවූ බවට.

අලි බැකර්, මාධ්‍යය ට පැවසුවේ , ඉහත තරගාවලියේ දී දකුණු අප්‍රිකානු ජාතිකයෙක් සහ ඉන්දියානු සම්භවයක් සහිත ලන්ඩනයේ වාසය කරන බුකී කරුවෙක් හැන්සි ක්‍රොන්යේ සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට.


මාධ්‍යයට අදහස් දක්වමින් අලි බැකර් , පිළිතුරු දුන්නේ මේ ආකාරයට.

Bacher: "Hansie did confirm he had made contact with the parties by phone"

Journalist: "Did he say why he did it?"

Bacher: "No", in answer to the question: 

Bacher: "Hansie's contract has been suspended. Hansie will not be offered a new contract until the investigation has been completed, and in practical terms he will not receive a salary from us this month. He has a contract with us that expires on the 1st of May, but I have suspended that immediately. Next week we will be announcing for the core players for the next two years and its obvious his name will not be among them."

Bacher: "At the end of the 1996 tour of India there was an approach from a bookmaker was taken to a team meeting and was rejected immediately. [The current offer was made at] South Africa's game v Zimbabwe at the Wanderers."

ඉහත සංවාදය, අලි බැකර් මාධ්‍යය ඉදිරියේ හෙළි කරන අතරතුර වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

 "අපේ බලාපොරොත්තු සියල්ල කඬා බිඳ වැටී අවසන්, දකුණු අප්‍රිකානු එක්සත් ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු රජය විශාල රැවැටීමකට ලක්ව තිබෙනවා".

හැන්සි ගේ හෙළිදරව්ව සැළවූ වහාම අලි බැකර්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ට දන්වා සිටියේ, හැන්සි ක්‍රොන්යේ තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත්කර ඒ වෙනුවට නව ක්‍රීඩකයෙක් සහ නායකයෙක් පත්කරන ලෙසට. ඒ අනුව, එවකට කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ, වේගපන්දු යවන තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි ශෝන් පොලොක්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නව නායකයා ලෙස පත්වුනා. 

හැන්සි ගේ සිදුවීම් සියල්ලම අමතක කර තම ක්‍රීඩකයින් සමඟ ඔස්ට්‍රේලියාවට එරෙහිව කින්ග්ස්මිඩ් තරගයට සුදානම් වන බවට ෂෝන් පොලොක් නායකත්වයේ වැඩ කටයුතු භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට පැවසුවා. 


හැන්සි ක්‍රොන්යේ ගේ මේ සිදුවීම කෙතරම් වේගයෙන් ලොව ප්‍රධානතම පුවත බවට පත්වුනාද යත්  එදිනම ඇමෙරිකාවේ ප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව පළකලේ මේ අයුරින් ;

"CRICKET -- SOUTH AFRICA; Star Player Accused Of Fixing Match"

"තරගයක්, දහවල් ආහාරය සහ තේ පානය සඳහා නතර කිරීමේ අපුරු සංස්කෘතියට නම් දරණ ක්‍රිකට් ක්‍රීඩාවේ පරම්පරා ගණනාවක් තිස්සේ රැකගෙන ආ ක්‍රීඩාවේ ජීව ගුණය ට විශාල කළු පැල්ලමක්."

එවකට හිටපු දකුණු අප්‍රිකානු පුහුණුකරු බොබ් වුල්මර් පැවසුවේ ,  මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉදිරි අනාගතයේ දී කඩා වැටීමකට හේතු විය හැකි බවත්, හැන්සි ගේ ක්‍රිකට් දිවියේ අවසානය මෙයින් සනිටුහන් වන බව.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments