තරග පාවා දුන් තුන්කට්ටුව - 29
අලි ඉරානී ගේ හෙළිදරව්ව
..............................................................
ටෙහෙල්කා මාධ්‍යවේදීන් එවකට හිටපු ඉන්දීය භෞතචිකිත්සක දොස්තර අලි ඉරානි ගෙන් ද රහස්‍ය සංවාදයක් පටිගත කිරීමට සමත් වුනා. මේ සඳහා සම්බන්ධ වුනේ මනෝජ් ප්‍රභාකර්. 1987 එක්දින ලෝක කුසලානයේ සිට 1997 වසර දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා කටයුතු කළ ඉරානී ට 2000 වසරේ සිදුවීම් දාමයෙන් පසු ඔහුද වරදකරුවෙකු බවට පත්වුනා.
![]() |
දොස්තර අලි ඉරානී |
ඉරානි: අද වෙද්දි චන්ද්‍රබාබු නායිදුට (පසු කලක ආන්ද්‍රා ප්‍රදේශ් හි මහ ඇමති) පාර්ලිමේන්තුවේ ආසන 46ක් තියෙනවා. අසාර් ගේ නම උඩට ආවොත්, වජ්පායි ගේ රජය වැටෙනවා.
එයා, ජංගම දුරකථනයෙන් චන්ද්‍රබාබු ට කතාකරලා කියලා තියෙනවා, එයා චන්ද්‍රබාබුව හමුවෙන්න එනවා කියලා. චන්ද්‍රබාබු ගෙදරට ආපු අමුත්තෝ ඔක්කොම යවලා තියනවා. (සිනාසෙමින්) අසාර් කරපු වැඩ හෙළිවුනොත් වජ්පායි ලට බඩු පැක් කරලා යන්න තමා වෙන්නේ.
![]() |
චන්ද්‍රබාබු නායිදු |
තෙලුඟු දේසම් පක්ෂය TDP (Telugu Desam Party) ලා ඕනම ප්‍රශ්නයක් උඩට අරගෙන මධ්‍යම රජයෙන් ඉවත් වෙන්න බලනවා. චන්ස්‍රබාබු නායිදු ඕක කළේ නැත්තන්, අසාර් පෞද්ගලිකවම ගිහිල්ලා මන්ත්‍රී ලා දහදෙනෙක්ටවත් ඕක කියනවා.
ප්‍රභාකර්: ආන්ද්‍රා වල ? මන්ත්‍රී ලා 40ක්.
ඉරානි: ආසන 46ක්, මේස රෙද්දක් අදිනවා වගේ තමා. ඔක්කොම කඩාගෙන වැටෙනවා. හරියට ජයලලිතා කළා වගේ. ඒ වගේම තමා.
අද වෙද්දි, බිල් ක්ලින්ටන් කියන්නේ එයා මුම්බායි, දිල්ලි යනවා කියලා නෙමෙයි, හයිද්‍රාබාද් යනවා කියලා. එයා (නායිදු) වෙනම ලෙවල් එකේ පොරක්.
පසු කලක , ඉරානී , CBI වෙත පැවසුවේ , 90 දශකයේ දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විවේකාගාරයට විවිධ පුද්ගලයින් පැමිණි බවත් , ක්‍රිකට් ක්‍රීඩක අජේ ශර්මා වැන්නන් ද කිසිදු හේතුවක් නොමැතිව ක්‍රීඩකයින් හමුවීමට පැමිණි බවත් සමහර දකුණු ඉන්දීය ක්‍රීඩකයින් ඔහුට තරයේ විරෝධය පළ කල බවත් (1996/97 ශ්‍රී ලංකාවේ පැවතී ටෙස්ට් තරග අතරතුර). එමෙන්ම චන්දීගාර් වල තරගයක් පැවැත්වෙන විටත් අජේ ශර්මා එහිදී දක්නට ලැබූ බවට ඉරානී පැවසුවා (අජේ ශර්මා ඒ කිසිදු තරගාවලියක් තුළ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කලේ නෑ). එහිදී අජේ ශර්මා විසින්, අසාරුද්දීන් හට පිති කිහිපයක් රැගෙන ආ බවත් පැවසුවා.
![]() |
අජේ ශර්මා |
අලි ඉරානී ගේ තවත් හෙළිදරව්වක් වූයේ 1997 කොදෙව් හි පැවති තරග සිතාමතා පරාජය වීමට ඉන්දීය ක්‍රීඩකයින් කටයුතු කළ බවත් එයට හේතු වුයේ කඩුලු අතැතිව ඉන්දීය ක්‍රීඩකයින් ඔතාමත් සෙමින් පිතිකරණයේ යෙදීමයි. එවකට ඉන්දීය ක්‍රීඩකයින්, එම පරාජයන් සඳහා හේතු ලෙස පැවසුවේ සමහර ප්‍රේක්ෂකයින් හූනියම් කටයුතු තරගය අතරතුර පවත්වා ගෙන යෑම.
-Aqeeb
Comments
Post a Comment