විශ්වනාත් කඩුල්ල 5 වරක් බිඳ දැමු අජිත් ද සිල්වා
70 දශකයේ සිට 2000 වසර පමණ වන තෙක් ප්‍රබල මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් සමාජ කණ්ඩායමක් වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ ආරම්භය 1890 දශකය තෙක් දිවයයි. බ්ලුම්ෆීල්ඩ් සමාජය සඳහා ස්ථිර ක්‍රිකට් පිටියක් කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ දී විවෘත වන්නේ 1970 දශකයේ දීයි. එය සැමරීම සඳහා බ්ලුම්ෆීල්ඩ් සමාජයේ නිලධාරින් ප්‍රමුඛව ඔවුන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමකට ආරාධනා කරන ලදී.
1975 වසරේ දී මෙරටට පැමිණි එම ඉන්දීය කණ්ඩායමේ, අජිත් වඩේකර්, ගුන්දප්පා විශ්වනාත් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූහ. ශ්‍රී ලංකා Board XI සමඟ තරග තුනකට ක්‍රීඩා කළ ඉන්දීය සුපිරි පිතිකරු ගුන්දප්පා විශ්වනාත් හට සිදුවූයේ අනපේක්ෂිත ආකාරයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජිත් ද සිල්වා ඉදිරියේ අවස්ථා 5 ක දී යාමටයි. විශ්වනාත් ට එරෙහිව අජිත් ද සිල්වා ඉනිම් 5කට ක්‍රීඩා කරමින් ඒ සෑම අවස්ථාවක දී ම ඔහුගේ කඩුල්ල බිඳ දැමීම සුවිශේෂි සිදුවීමක් ලෙස සැලකිය හැකියි.

Comments
Post a Comment