බැරෝමීටරය සහ අත්ඔරලෝසුව පිහිටෙන් තරගයක් දිනවූ ස්ටුවර්ට් සරිජ්
30 හැවරිදි වියේ දී පළමු පෙළ වරම් දිනු ස්ටුවර්ට් සරිජ් සරේ ප්‍රාන්තයේ නිත්‍ය ක්‍රීඩකයෙකු නොවුනත් 1950 දශකයේ දී නායකත්ව ධූරය හෙබවීමට පවා වාසනාව උදාකරගත් ක්‍රීඩකයෙකි. ප්‍රබල සරේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ටෙස්ට් තරග සඳහා කැඳවූ විට පමණක් සරේ මුල් ක්‍රීඩකයින් 11 සඳහා කැඳවුම් ලැබුවත් ඔහු ඔහුගේ උපරිම දායකත්වය සරේ ප්‍රාන්තයට ලබා දුන්නේ මඳ වේග පන්දුවෙන් සහ පිතිකරුවන් ආසන්නයේ පන්දු රකිමිනි.
ඉතා නිර්භය ක්‍රීඩකයෙකු ලෙසට සැලකෙන සරිජ් ඔහුගේ පන්දු යැවීම සහ පන්දු රැකීමේ හැකියාවට අමතරව ප්‍රගුණ කළ තිබු අනෙක් හැකියාව වූයේ අවස්ථානුකූලව තීරණ ගැනීමයි.
1954 වසරේ දී වොර්සෙස්ටර්ෂයර් ප්‍රාන්තයට එරෙහිව පැවති තරගයේ දී ස්ටුවර්ට් සරිජ් සරේ ප්‍රාන්තයේ ලකුණු ප්‍රමාණය 92/3ක් ව තිබිය දී ඉනිම අත්හිටුවා ප්‍රතිවාධි වොර්සෙස්ටර්ෂයර් ප්‍රාන්තයට දෙවන ඉනිම ආරම්භ කිරීමට ඉඩ ලබා දුන්නේ ය. වොර්සෙස්ටර්ෂයර් ප්‍රාන්තය පළමු ඉනිමේ දී ලකුණු 25ක් පමණක් රැස්කළ අතර ස්ටුවර්ට් සරිජ් හැරුනු විට සරේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සියල්ලන්ම බලාපොරොත්තු වූයේ වොර්සෙස්ටර්ෂයර් ප්‍රාන්තයට එරෙහිව පළමු ඉනිම සඳහා විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි බවය. නමුත් සරිජ් ගේ ඉහත තීරණය, ක්‍රීඩකයින්ගේ දෝශාරෝපණයට ලක්වූහ.
සරේ ප්‍රාන්තයේ සහ එංගලන්ත ටෙස්ට් පන්දු යවන්නා වූ ඇලික් බෙඩ්සර්, සරිජ් හමුවී මෙසේ අවවාද කළේ ය;
ඇලික් බෙඩ්සර්: "ඔවුන්ගේ එක ක්‍රීඩකයෙකු හරි, අපි වගේම ක්‍රීඩා කරන්න පුළුවන් බව දන්නවා ද ?, ඉක්මන් තීරණයකට යන්න එපා"
ස්ටවර්ට් සරිජ්: "විකාර කියවන්න එපා, ලකුණු 92 හොඳටෝම ඇති"
සරිජ් ගේ තීරණය අවසන් තීරණය වූ අතර වොර්සෙස්ටර්ෂයර් ප්‍රාන්තයේ සියලුම ක්‍රීඩකයන් දෙවන දිනය අවසන් වන්නට ප්‍රථම ලකුණු 40කට දැවී ගිය අතර සරේ ප්‍රාන්තය ඉනිමකින් සහ ලකුණු 27කින් ජයග්‍රහණය කළහ. නායක ස්ටුවර්ට් සරිජ්, එම තරගය පැවති ඕවල් ක්‍රීඩාංගණය අවට කාළගුණික තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරමින් ක්‍රීඩා කළ අතර ඔහුගේ කලිසම් සාක්කුවේ බැරෝමීටරයක් ද රඳවාගෙන තම අත් ඔරලෝසුවෙන් වෙලාව පරික්ෂා කරමින් තම කණ්ඩායම වාර්තාගත ජයග්‍රහණයක් කරා මෙහෙය විය.
ප.ලි - ස්ටුවර්ට් සරිජ් පළමු පෙළ තරග සඳහා කැඳවීම් නොලැබු විට ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් වූ ස්ටුවර්ට් සරිජ් ක්‍රීඩා උපකරණ සමාගමේ ව්‍යාපාර කටයුතු වල නිරත විය. ග්‍රෙහැම් ගුච්, විවියන් රිචර්ඩ්ස් වැන්නන් භාවිතා කළ ප්‍රකට සරිජ් පිති අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණියේ ඔවුන්ගෙනි.
Image Courtesy:
1) Kia Ovel - Stuart Surridge
2) Pintrest - S | S Bat Advertistment
References
1) The Bedsers : Twinning Triumps


Comments
Post a Comment