ඕස්ට්‍රේලියානු ටෙස්ට් විනිසුරු, ලූ රෝවන් මුහුණ දුන් ඇබැද්දිය'

ටෙස්ට් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ ලුයිස් පැට්‍රික් රෝවන්, ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සාජන්ට් වරයෙකු ලෙසට ද කටයුතු කර ඇත. 1974 වසරේ දී, ලූ රෝවන් බ්‍රිස්බේන් හී දී තම රථයෙන් පැයට සැතපුම් 100ක වේගයෙන් තවත් මෝටර් රථයක් හඹා ගිය අවස්ථාවක දී වැරදීමකින් තම රාජකාරී තුවක්කුව ක්‍රියාත්මක වීම නිසා තුවාල ලබා රෝහල්ගත වන්නට සිදුවිය. 

ලූ රෝවන් වඩාත් ප්‍රසිද්ධ වූයේ 1970/71 අළු බඳුන තරගාවලියේ දී ලබාදුන් කඩුල්ල මුවා කිරීමේ තීරණ වල දී එංගලන්ත ක්‍රීඩකයින්ගේ  දැඩි අප්‍රසාදය හේතුවෙනි. ප්‍රේක්ෂකයෙක් විසින් ජෝන් ස්නොව් සමඟ ගැටුමක් ඇතිකිරීමේ දී එයට මැදිහත් වූයේ ද ලූ රෝවන් විනිසුරුවරයා යි. එමෙන්ම, ජාත්‍යන්තර සීමිත ඕවර තරග ඉතිහාසයේ මුල්ම තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේ ගෞරවය ද ඔහුට හිමියි.



Image Courtesy:
1) Sportswiki
2) Warwick Daily News

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments