තරග පාවා දුන් තුන්කට්ටුව - 31
CBI ප්‍රශ්න කිරීම් හමුවේ ජඩේජා
............................................................................
හොටෙල් පාර්ක් රෝයල් හි කාය වර්ධන මධ්‍යස්ථානයට නිතර යන එන තැනැත්තෙක් වූ අජේ ජඩේජා, එහිදී, ඔහුට රාජේශ් කල්රා සහ කිශන් කුමාර් හමුවූ බව ජඩේජා පැවසුවා.
එම පුද්ගලයින් දෙදෙනාද එම කාය වර්ධන මධ්‍යස්ථානයට නිතරම ගොස් ඇත. නමුත් ඔවුන් ඔට්ටු අල්ලන්නන් බව ඔහු නොදැන සිටි බව ජඩේජා පැවසුවා.
රතන් මෙහ්තා පිළිබඳව විමසූ විට, ජඩේජා ගේ පිළිතුර වී ඇත්තේ, ඔහුව වසර ගණනාවක් තිස්සේ හඳුනන මිත්‍රයෙකු මෙන්ම ඔහුගේ අවන්හල ට ද නිතරම ගොස් ඇති බව..
CBI විසින් , රතන් මෙහ්තා තරග පාවා දීම් සඳහා සහ ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ බව දැනසිටියාද යන්න ජඩේජා ගෙන් විමසූ විට, ඔහු ඒ පිළිබඳව නොදැන සිටි බව පැවසුවා.
1999 ලෝක කුසලානය අතරතුර දිල්ලි පොලීසිය විසින් රතන් මෙහ්තා ගේ සොයුරිය වූ මෝනා මෙහ්තා, තරග සඳහා ඔට්ටු ඇල්ලීම නිසා අත්අඩංගුවට ගත් බව දැන සිටියාද යන්න විමසූ විට, එයද නොදැන සිටි බවට ජඩේජා පැවසුවා.
![]() |
රතන් මෙහ්තා |
මුකේෂ් කුමාර් ගුප්තා නොහොත් M.K. නොහොත් ජෝන් නම් තැනැත්තා පිළිබඳව ජඩේජා ගේ පිළිතුර වී ඇත්තේ, ඔහුව හමුවී නැතත්, ඔහු වාසය කළේ නිකිල් චෝප්‍රා ගේ නිවස ආසන්නයේ ඩිෆෙන්ස් කොලනියේ බව දැන සිටි බවය..
ඊට අමතරව 1996 වසරේ දී අජේ ජඩේජා සහ ක්‍රිකට් ක්‍රීඩක අජේ ශර්මා, කාන්තාවක් සමඟ ගුප්තා ගේ නිවසට නොගිය බවත්, ඔහු පුද්ගලයින් රැසක් හමුවී ඇති නමුත් ඔවුන් සියල්ලන්ගේම නම් මතකයේ නොමැති බවත් ගුප්තා ගෙන් ඉන්දීය රුපියල් 50,000ක මුදලක් ලබා නොගත් බවත් අජේ ජඩේජා CBI වෙත කරුණු දක්වමින් පැවසුවා.
මොහමඩ් අසාරුද්දීන් සමඟ තරග පාවාදීමේ ක්‍රියාවලියක නිරත වුනා දැයි CBI විසින් ජඩේජා ගෙන් විමසූ විට එයට පිළිතුර වූයේ ද "නැත" ලෙසයි.
චෙන්නයි හි වාසය කළ උත්තම් චාන්ද් නම් පුද්ගලයා හඳුනනවාදැයි විමසූ විට ඔහුව ද නොදැන සිටි බවට ජඩේජා වැඩිදුරටත් පැවසුවා.
එවිට, CBI විසින්, උත්තම් චාන්ද් ගේ දුරකතන අංකය භාවිතයෙන් අමතා ඇති දුරකතන අංකවල පිටපතක් ජඩේජා ට පෙන්වා එහි එම දෙදෙනා අතර සංවාද රැසක් තරගයකට පෙර සහ අතරතුර වරින් වර පවත්වා තිබීම ගැන ප්‍රශ්න කළහ. එවිට, ජඩේජාගේ පිළිතුර වූයේ එම දුරකතන අංකය ඔහු හොඳින් දන්නා එකක් නමුත් ඔහුව හඳුනාගෙන සිටියේ "ගුප්තා" යන නමින් බවත්ය.
එමෙන්ම උත්ත්ම් චාන්ද් එම දුරකතන අංකය භාවිතා කළ බව ඔහු නොදැන සිටි බවත් වරින් වර කතාකරමින් ඔහුගේ දුරකතන ඇමතුමට පිළිතුරු නොදෙන්නේ නම් අවාසනාව පසුපස පැමිණෙතැයි තර්ජනය කළ බවත්, ජඩේජා එය තදින්ම විශ්වාස කිරීම නිසා අකමැත්තෙන් වූවද එම දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාරය ලබාදුන් බවත් පැවසුවා.
උත්තම් චාන්ද් ඔට්ටු අල්ලන්නෙක් බව දන්නවාදැයි CBI ජඩේජාගෙන් විමසූ විට, ඔහු සමඟ කතාබහ කරනවිට ඒ පිළිබඳව යම් ඉඟියක් ඔහුට හැඟුණු බවට ජඩේජා පැවසුවා.
ඔහු සමඟ සංවාදයේ යෙදීම නතර නොකළේ ඇයි ? යන්න විමසූ විට යන ජඩේජාගේ පිළිතුර වූයේ, ඔහුට එය විස්තර කිරීමට අපහසු කාරණාවක් බවයි.
අවසාන වශයෙන් තමන් ඔහු සමඟ තරග පාවාදීම පිළිබඳවත්, ඔට්ටු ඇල්ලිම පිළිබඳවත් කිසිදු දෙයක් සාකච්ඡා නොකළ බව සහ ඔහුගෙන් කිසිදු මුදලක් ලබා නොගත් බවත් සහතික කළා.
- Aqeeb
Comments
Post a Comment