තරග පාවා දුන් තුන්කට්ටුව - 30
අජේසිංජී ජඩේජා
..........................................
ටෙහෙල්කා මෙහෙයුමේ දී වඩාත් කතාබහට ලක්වූ පුද්ගලයින් දෙදෙනා වූයේ මොහමඩ් අසාරුද්දීන් සහ කපිල් දේව්. නමුත්, අජේ ජඩේජා පිළිබඳව සාකච්ඡා වූයේ ඉතාමත් කෙටියෙන්. අජේ ජඩේජා ද තරග පාවා දීම් සිදුවීම් දාමය හෙළි වීමෙන් පසු තරග තහනමට ලක්වූ එවකට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙක්. හිටපු ඉන්දීය භෞතචිකිත්සක අලි ඉරානි, ප්‍රභාකර් සමඟ සාකච්ඡාවේ දී ජඩේජා පිළිබඳව පැවසුවේ පහත පරිදියි.
ඉරානි: ජඩ්ඩු, කියන්නේ නොම්මර එකේ මැරයෙක්. ඔය, දන්නවද එයා මොකද්ද කරන්නේ කියලා ?.
ජඩ්ඩු, අසාර් ට කියනවා, "අසාර්, ඕනම දෙයක් මගෙන් කරගන්න ඕනේ නං, මට කියන්න" කියලා.
ප්‍රභාකර්: අසාර් මොකද්ද කියන්නේ ?
ඉරානි: අසාර්, අහනවා, ඔයා මේකට සම්බන්ධ වෙනවද කියලා ?
ඊට පස්සේ ජඩ්ඩු කරන්නේ එයාට ලැබෙන මුදල ආයේත් එයා ලොකු ගාණකට දාන එක (ඔට්ටු ඇල්ලීම සඳහා).
ප්‍රභාකර්: ඒ කියන්නේ, එයා දෙපැත්තෙන්ම සල්ලි ගන්නවා. ආසර් ගෙනුත් අනිත් අයගෙනුත්.
ඉරානි: *හිස සොලවමින්* (ඔව්)
CBI මඟින් මේ පිළිබඳව අජේ ජඩේජා ගෙන් දැඩි ලෙස විමසීම් කළද ඔහු මෙයට සම්බන්ධ නොවූ බවට දිගින් දිගටම පැවසුවේ ය. නමුත් ජඩේජා, රාජේශ් කල්රා, රතන් මෙහ්තා, උත්තම් චාන්ද්, කිශන් කුමාර් සහ අජේ ගුප්තා යන බුකීකරුවන් සමඟ සම්බන්ධතා පවත්වා තිබූ බවට CBI හි අවසන් වාර්තාවේ සටහන් වනවා.
ඉරානී විසින් CBI වෙතට වැඩි දුරටත් පැවසුවේ , ජඩේජා සහ අසාර්, තරග පැවැත්වෙන අතරතුර අන් අයට නොහැඟවන අයුරින් එක් එක් ක්‍රමවලට සන්නිවේදනය කළ බවට. තරග පාවා දීම් වලට අජේ ජඩේජා ද සම්බන්ධව සිටි බවට ඉරානී දැන සිටියේ කෙසේද යන්න CBI ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ, එක් අවස්ථාවක ජඩේජා විසින් ඉරානී හට, 'ඔහු අතීතයේ මුදල් සම්බන්ධයෙන් කළ ගණුදෙනු නතර කර ඇති බවට', පැවසීමෙන්.
- Aqeeb
Comments
Post a Comment