තරග පාවා දුන් තුන්කට්ටුව - 27
අත් ඔරලෝසු එකතුව
....................................................
මනෝජ් ප්‍රභාකර්, ටෙහෙල්කා මාධ්‍යවේදීන් හා එක්ව ගෙන ගිය රහසිගත සංවාද පටිගත කිරීමේ මෙහෙයෙමු දී රවී ශාස්ත්‍රී සහ සුනිල් ගවස්කාර් සමඟ සිදුකළ සංවාද තුළින් අසාර් ගේ නමත් හෙළි වුනා.
ශාස්ත්‍රී: ඔයා දන්නවද, එයා (අසාර්) පප්පු බුටානි එක්ක කරපු දේ ගැන ?
ප්‍රභාකර්: කවුරු එක්කද ?
ශාස්ත්‍රී: එයා (පප්පූ), ටෙන්ට් එකේ වාඩිවෙලා හිටියා. ඔයත් පිට්ටනියේ හිටියා. තරගය ඉවර වුනා විතරයි. මං හිතන්නේ ටයිටන් කප් එක හරි වෙන එකක්.
ප්‍රභාකර්: මම, ටයිටන් කප් ?
ශාස්ත්‍රී: එහෙනන් ඊළඟ එක. අසාර්, පප්පු ගාවට ගියා, ගිහින් එයාගේ අත් ඔරලෝසුව දිහා බලලා, ඒ ගැන වර්ණනා කළා.
බූටානි කිව්වා;
ඔව්, හැබැයි මේක එච්චර වටින්නේ නෑ.
අසාර් ඇහුවා;
කීයක් වෙනවද ?
බූටානි කිව්වා;
රුපියල් (ඉන්දියානු) ලක්ෂ 4ක් හෝ 5ක් වගේ.
අසාර්, මිනිහට මිනිත්තුවක් ඉන්න, කියලා, පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගිහින් ආයෙත් ආවා. එයාගේ අතේ ලක්ෂ 6යි. ඒ ඔක්කොම බූටානිට දීලා ඔරලෝසුව අසාර් ගත්තා.
ප්‍රභාකර්: ඒ ඔක්කොම දුන්නද ?
ශාස්ත්‍රී: ඔව්, අර මිනිහට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. පුදුම වෙලා. (සිනාසෙමින්)
ප්‍රභාකර්: (සිනාසෙමින්)
ශාස්ත්‍රී: පස්සේ, මට බූටානි කිව්වා, ඒ ඔරලෝසුව වටින්නේ ලක්ෂ 1-2ක් විතරයි කියලා. නිකන්, විහිළුවට වගේ ලක්ෂ 5ක් කියලා තියෙන්නේ (සිනාසෙමින්).
...............................................................................................
අසාර් ගේ අත් ඔරලෝසු වලට පැවැති කැමැත්ත පිළිබඳව තවත් උදාරහරණයක්, පහත දැක්වෙන සංවාදයෙන්..
ප්‍රභාකර්: එයා එංගලන්තේ දී තමයි ඔරලෝසුවක් අරගෙන තියෙන්නේ. චව්ලා සල්ලි දීලා.
ශාස්ත්‍රී: නෑ නෑ. මේ ළඟදී ගත්තා එකක්, ඩුබායි වල දී.
ප්‍රභාකර්: එහෙනන්, ඩුබායි වලින්, චව්ලා තමයි.
ශාස්ත්‍රී: මේ ළඟදී ගත්තේ, මේ අවුරුද්දේ .
ප්‍රභාකර්: ඩොලර් 10,000ක්.
ශාස්ත්‍රී: මට දැනගන්න ලැබිච්ච විදිහට ඩොලර් 20,000- 25,000ක් විතර
ප්‍රභාකර්: ඔරලෝසුව ට ?
ශාස්ත්‍රී: ඔව්, 25,000ක්.
ප්‍රභාකර්: සමහරවිට ඩොලර් 10,000 මදි වෙන්නැති.
ශාස්ත්‍රී: ඔව්, එයා (අසාරුද්දීන්) කිව්වා, එයා බොම්බේ (මුම්බායි) වලට කතා කරලා සල්ලි ගෙන්න ගත්තා කියලා.
...............................................................................................
ප්‍රභාකර්, මෙම ඔරලෝසු සිදුවීම පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් සමඟ ද විමසුවා. ගවස්කාර් සමඟ සංවාදය පහත පරිදි ය.
ගවස්කාර්: එයා (අසාර්), සිම්බාබ්වේ ඉන්නකොටත් ඔය වගේ ඔරලෝසු හරි රත්තරන් හුටපටයකට සම්බන්ධ වෙලා හිටියා. හැබැයි එයා ගාව සල්ලි නං තිබ්බේ නෑ. මං හිතන්නේ ඔය සල්ලි, එයාට දුන්නේ අර ලන්ඩන් වල ඉන්න මනුස්සයා, අර මේ කිට්ටු දවසක හෙළි කළේ, සංජේ කල්රා හරි සංජීව් කල්රා (සංජීව් චව්ලා සහ රාජේෂ් කල්රා පුද්ගලයින් දෙදෙනෙක්) හරි නමක් තියෙන, එයා හැංගිලා ඉන්නේ, හොයාගන්න විදිහක් නෑ. එයා තමයි, සල්ලි යැව්වේ ලන්ඩන් වල ඉඳන් අසාර් ට. එයා ඔරලෝසුව ගත්තේ සිම්බාබ්වේ වල හරි එංගලන්තයේ හරි. ඩොලර් 10,000ක් දාලා තියෙනවා.
ප්‍රභාකර්: සංජීව් කල්රා ?
ගවස්කාර්: ඔව්, මොකක් හරි නමක්, එයා එක්ක තමයි ඔය සම්බන්ධය.
................................................................................
පසු කලක CBI විසින් අසාර් ගෙන් පප්පු බූටානි ගැන විමසීම් කළ විට ඔහු පැවසුවේ, ඔහු බූටානි ව දැන සිටියත් කිසිදාකවත් ඔහුගෙන් අත් ඔරලෝසු මිලදී ගෙන නොතිබූ බවට. අසාර් , එයට අමතරව පැවසුවේ, බූටානි විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අජිත් වඩේකාර් හට ඉන්දීය රුපියල් 75,000/- ක් පමණ වටිනා රෝලෙක්ස් අත් ඔරලෝසුවක් ත්‍යාගයක් වශයෙන් දුන් බවට.
Comments
Post a Comment