තරග පාවා දුන් තුන්කට්ටුව - 19

ටෙහෙල්කා මෙහෙයුම

.......................................................

2000 වසරේ හැන්සි හා සම්බන්ධ වූ සිදුවීම් දාමයෙන් පසු ඉන්දීය පුවත්පත් ආයතන, මාධ්‍යජාල, තරග පාවා දීම් පිළිබඳව තොරතුරු හැඟීම් උද්ධීපනය වන ලෙසින් තම ආයතන ඔස්සේ වේගයෙන් සහ අන් යට පෙර හෙළි කිරීමේ තරගයක නිරතවෙන අතරතුර එවකට නව සඟරාවක් වූ ටෙහෙල්කා ආයතනයේ තරුන් තේජ්පාල් සහ අනිරුද් බහාල් මෙම තරග පාවා දීම කෙතරම් ක්‍රිකට් හා කා වැදී ඇත්ද යන්න සොයාබැලීමට අපූරු ක්‍රමවේදයක් ආරම්භ කළා….


මේ සඳහා ඔවුන්ට තුන්වන අයෙක් අවශ්‍යව තිබූ අතර ඔහු ක්‍රිකට් හා සම්බන්ධ අයෙක් නම් මෙම ක්‍රමවේදය අතිශය සාර්ථක විය හැකි බවට තේජ්පාල් බහාල් යුගලයට තේරුම් ගියා..

මේ අතරතුර, එවකට විමර්ශනාත්මක වාර්තාකරණය සඳහා භාවිතාවේ නොතිබු ඉතාමත් කුඩා කැමරා කට්ටලයක් ගෙන්වා ගැනීමට තේජ්පාල් සහ බහාල් ට හැකිවුණා.. 

තේජ්පාල් සහ බහාල් ට අවශ්‍ය වූයේ මෙම ක්‍රිකට් තරග පාවා දීමේ පරීක්ෂනයට සහභාගි වූ පොලිස් පරීක්ෂකවරු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්, දේශපාලකයින් වැන්නන් සම්මුඛ සාකච්ඡාවට සහභාගි කරවා ගැනීමට යි.

ඔවුන්ට තෙවැන්නෙක් අවශ්‍ය වීමට ප්‍රබලම හේතුව වූයේ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝදෙනෙක් සතුව පාවාදීමේ රහස් ඇති බව ඔවුන් දැනසිටීමත් ක්‍රීඩකයින් ඉදිරියේ සම්මුඛව සාකච්ඡා කිරීමට ඔවුන් දෙපළට සිදු කිරීමට නොහැකි වීමත් නිසාය. 

ඒ අනුව, තරග පාවා දීමේ සිදුවීම් වලට සම්බන්ධ වූ බවට කියන හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් මෙයට සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට අවශ්‍යය වුනා. ඒ සඳහා ප්‍රභාකර් එකඟ වුනා.

ප්‍රභාකර් ද මෙයට එකඟ වන්නට හේතුව වූයේ පාවාදීම් සඳහා ඔහුගේ නමද අනූව දශකයේ දී වරින් වර මාධ්‍යය ඔස්සේ මතුවීම නිසාත් දායක වූ අය හෙළි කිරීමට ඔහුට දැඩි උවමනාවක් තිබීමත් නිසාය.

මින් පෙර අනිරුදා බහාල්, ප්‍රභාකර් සමඟ කුප්‍රකට තරග පාවා දීමේ හෙළිදරව්වක් අවුට්ලුක් සඟරාව ඔස්සේ පළකර තිබුනා. එකල ප්‍රභාකර් යනු මාධ්‍යයවේදින් නොරිස්සු පුද්ගලයෙක් ලෙස ප්‍රකටව සිටි අයෙක්. නමුත් බහාල් විසින් 1997 වසරේ ජුනි මාසයේ දී අවුට්ලුක් සඟරාවේ පළකළ ලිපියෙන් ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණා. 

අවුට්ලුක් සඟරාව -  1997 ජූනි 


මනෝජ් ප්‍රභාකර් රුව සහිත ක්‍රිකට් ටෝක් සඟරාවේ කවරය 

ඒ අනුව තේජ්පාල් සහ බහාල් ගේ උපදෙස් සහ සැලසුම් පරිදි ප්‍රභාකර් ගේ මුල්ම හමුවීම  හිටපු රූපවාහිනි ක්‍රිකට් විස්තර විචාරක නරෝත්තම් පූරි සමඟ යි. එම සාකච්ඡාව ටෙහෙල්කා ස්ටින්ග් ඔපරේෂන් (Tehelka Sting Operation) ලෙස නම් කළ දර්ශන පට යූටියුබ් හි නැරඹිය හැකියි .

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments