අරුමය දනවන දුවද්දී දැවීයාමක් !

1948 ජනවාරි මස ක්‍රිකටර් සඟරාවේ, ජෙරාල්ඩ් බ්‍රොඩ්රිබ් නම් අසහාය ක්‍රිකට් ඉතිහාසඥවරයා විසින් ලිපියක් පළකලේ "A Strange Run-Out" යන මාතෘකාව යටතේ යි. 

1947 නොවැම්බර් මස සිඩ්නි හිදී ඕස්ට්‍රේලියානු පිළ සමඟ පැවැති පුහුණු තරගයක දී ඉන්දියාවේ විනූ මාන්කඩ් විසින් ආරම්භක පිතිකරු බිල් බ්‍රවුන්ට අවවාද කරන්නේ,පන්දුව පිතිකරුවාට යැවීමට පෙර පන්දුයවන සීමාවට එපිටින් නොසිටින ලෙසයි. එම අවවාදය ද පිළිනොපැදීම නිසා ඉන් පසුව කඩුල්ලේ බේල්ස් ඉවත් කර, බිල් බ්‍රවුන් දුවද්දී දැවී යාමකට ලක් කළ විනූ, ඉන් නොනැනවතී නැවතත් සිඩ්නී හී දීම පැවති දෙවන ටෙස්ට් තරගයේ දී නැවතත් මීට සමාන අයුරින් දුවද්දි දැවී යාමකට බිල් බ්‍රවුන් හසුකරගන්නවා.

අද එම, දවාගැනීමේ සංකල්පය "මන්කඩ් කිරීම" යනුවෙන් හැඳින්වෙනවා.



Comments