පන්දු 8 පන්දුවාර

ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථා කිහිපයක දී පන්දුවාරයක පන්දු 8 බැගින් (නිත්‍යානුකුල) තරග පවත්වා ඇත .  එංගලන්තයේ දී 1939 වසරේ දී ,  ඕස්ට්‍රේලියාවේ දී 1924/25 , 1936/37, 1978/79 ටෙස්ට් තරග කාල සමයන් තුළ  සහ දකුණු අප්‍රිකාව ,  පකිස්තානය සහ නවසීලන්තයේ ත් අවස්ථා කිහිපයක දී ටෙස්ට් තරගයක පන්දුවාරයක පන්දු 8 බැගින් විය. 

ශ්‍රී ලංකාවේ දී ද 1973/74 සහ 1978/79 පළමු පෙළ ක්‍රිකට් සමයේ දී අවස්ථා කිහිපයක දී පන්දු 8 පන්දුවාර යොමුකර ඇත.


1938 වසරේ දී පන්දු 8 පන්දුවාර පිළිබඳව කතිකාවක් එංගලන්ත ක්‍රිකට් ප්‍රවීනයින් අතර ඇතිවූ අතර ඒ පිළිබඳව ක්‍රීඩකයින් පැවසුවේ මෙවැන්නක්;

"සෑහෙන කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වේවි" - ගබි ඇලන්

"පන්දු 8 පන්දුවාර වලට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි. තරගයක සෑහෙන කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වගේම මේ ක්‍රමය දැනටමත් ඕස්ට්‍රේලියාවේ අත්හදා බලලා තියෙනවා .  මේ වෙනකන් කිසිම පන්දු යවන්නෙක් ඒ පිළිබඳව චෝදනා කරලා නෑ" - ලෙස්ලි අමෙස් 

 "එකම චෝදනාව, අනවශ්‍යය ලෙස පන්දු යවන්නන් මහන්සියට පත්වෙන්න පුළුවන් වීම, ඒ හැරුණම මට නං වෙන අඩුපාඩුවක් පෙනෙන්නේ නෑ" - වොලී හැමන්ඩ්


"සර් පෙල්හැම් වෝනර් ගේ සමහර ප්‍රකාශ වලට මම බොහෝ විට එකඟ වුනත් ,  වෝනර් විසින් දත්ත ඔස්සේ තහවුරු කළ තරගයක මිනිත්තු 20ක් , පන්දු 8 පන්දුවාර මඟින් ඉතිරි කරගත හැකි බවට කළ ප්‍රකාශයට එකඟ නෑ. ඕස්ට්‍රේලියාවේ ජැක් ග්‍රෙගරි මෙවැනි පන්දුවාර යොමුකර පසුව වරින් වර විවේක ගන්වන්නට සිදුවුනා. සමහර පන්දුයවන්නන්, බොහෝ පන්දු ප්‍රමාණයක් යොමුකරන්නට සිදුවන නිසා අනවශ්‍ය ලෙස පන්දු යොමු කිරීමට කාලය වැඩි වශයෙන් ගනීවි. ඒක වඩා හානිකරයි".  - ජැක් හොබ්ස්



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments