"weight of all expectations, 42 million supporters depending on Shaun"

"weight of all expectations, 42 million supporters depending on Shaun"
කුමාර් චෝක්ෂ "නාද" සංගක්කාර ඉහත අයුරින් ශෝන් පොලොක් සමඟ වචන හරඹයක යෙදුනේ 2003 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී යි.
නමුත්, ඉන් මාස කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගාවලිය පුරාවටම ලාංකික පිතිකරුවන්ට, දකුණු අප්‍රිකානුවන්ගේ සමච්චලයට බඳුන් වූ වාක්‍ය ඛන්ඩ ඇසීමෙන් හෙම්බත්ව සිටියහ. ඒ වනවිටත් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වී සිටි අතර දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය වනවිට දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය උදෙසා හඹායාමට තිබුනේ ලකුණු 121ක් පමණයි.
එකල 25 හැවරිදි කඩුලු රකින පිතිකරු කුමාර් සංගක්කාර, ඔවුන්ට පහසුවෙන් එම ලකුණු හඹායාමට ඉඩ හසර ලබා නොදීමට වග බලාගත්තේ Sledge කිරීමක නිරත වෙමින්.
මුරලිදරන් ගේ පන්දු ඉදිරියේ අපහසුවෙන් පිතිකරණයේ යෙදී සිටි ඇන්ඩෲ හෝල් හට සංගා මෙලෙස පැවසුවේ ය,
"Where is the attitude now ? Where i s the arrogance and the attitude now ? Are you guys rattled ? Doubting yourself, man ? Self doubt, man ?"
එවකට දකුණු අප්‍රිකාණු ටෙස්ට් කණ්ඩායමට එක්වූ නවක පිතිකරු ඈශ්වෙල් ප්‍රින්ස් හට ද සංගා, තමන් Sledge කිරීමේ හපනෙක් බවට ඔප්පු කළේ මෙලෙසයි.
"Ashwell's become the scapegoat of the side. Why don't they like you Ashwell ? What did you do ?"
මෙම තරගාවලියට පෙර නිමාවූ මොරොක්කෝ කුසලානයේ මතක, ශෝන් පොලොක් හට ආවර්ජනය කර දීමට සංගා, අමතක කළේ නැත. ඒ වන විට දකුණු අප්‍රිකාණු පිලේ කඩුලු 7ක් ලකුණු 112ක් තුළ බිඳ වැටී අවසන් (ජයග්‍රහණය සඳහා ඉතිරිව තිබුණේ ලකුණු 8ක් පමණයි).

Image credit - Getty Images 
"We don't complain when we loose away. We don't cry like in Morocco and say this is not our conditions , this is not our conditions and go to the press conference and say the same F****** joke. If you win be gracious in both, man. Graceful, man, graceful Shaun. LEARN IT !!!!! "

පසුවිපරම:
*ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.
* හෂාන් තිලකරත්න දකුණු අප්‍රිකාණු බිමේ ශතකයක් වාර්තා කළ ප්රථම ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවා විය.
* පසුව පැවති එක්දින තරගාවලිය 4-1ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය.
*හසන්ත ප්‍රනාන්දු සහ චමිල ගමගේ දෙදෙනාම එම ටෙස්ට් තරගයෙන් පසුව නැවත ටෙස්ට් තරග ක්‍රීඩා කළේ නැත. දෙදෙනාගේම දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය වූයේ එම සෙන්චූරියන් තරගයයි.

Source: Sunday Times (2002)
Image Courtesy: Getty Images



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments