Upright Stance
සෘජු ඉරියව්වක සිට පිතිකරණයේ යෙදෙන්නන් වර්තමානයේ දක්නට ලැබුනත් මෙම ඉරියව්ව ප්‍රචලිත වන්නට පටන්ගන්නේ 1970 දශකයේ දීයි. ඉන්දියානු සිවු දඟ පන්දුයවන්නන් බලඇණියේ ප්‍රබලයෙකු වූ භගවත් චන්ද්‍රසේකර් ගේ ගුග්ලි පන්දුවට මුහුණ දීමට ටෝනි ග්‍රේග් මෙම Upright ඉරියව්ව මඟින් ලකුණු රැස්කරගැනීමට සමත් විය.
1972/73 තරගාවලියේ දී චන්ද්‍රා විසින් යැවු පා දඟ පන්දුවටත් වඩා ගුග්ලි පන්දුව සාර්ථක වූ හෙයින්, ඔහු ශෝර්ට් ලෙග් ප්‍රදේශයේ පන්දු රකින්නන් 4ක්, මිඩ් විකට්, තර්ඩ් මෑන් සහ ස්ලිප් ක්‍රීඩකයින් රඳවා පිතිකරුවන්ට ඉදිරි පාදයේ ක්‍රීඩා කරමින් ඉදිරිපසට ලකුණු රැස්කිරීමට ඉඩ සැලැස්වූ අතර, එවැන්නකට උත්සහ කළ පිතිකරුවන් ගේ පිත්තේ අග්‍රයේ වැදී උඩ පන්දු කිහිපයක්ම ඉන්දීය පන්දුරකින්නන් රැක ගත්හ. ගුග්ලි පන්දුවට පසුපස පාදයේ සිට ක්‍රීඩා කළවිට ලකුණු රැස්කළ හැකි නමුත්, පන්දුව වේගයෙන් පිතිකරුවා වෙතට පැමිණෙන්නේ නම් ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමේ සම්භාවිතාවයක් ද තිබිණ.
මෙයට පිළියම් වශයෙන් ග්‍රේග් මෙම ඉරියව්වෙන් ක්‍රීඩා කිරීමට තීරණය කළ අතර ඔහුගේ උස නිසාම පන්දුව පහළින් පැමිණන විට පසුපස පාදයට නොයා පහර එල්ල කිරීමටත්, අනෙක් ඕනෑම පන්දුවකට පිත්ත කරකැවීමෙන් වැලකෙමින් ඉදිරි පාදයේ ක්‍රීඩා කර පහසුවෙන් ආරක්ෂා වීමටත් හැකිවිය. චන්ද්‍රා කෙටි පන්දුවක් යොමු කළ විට ද ග්‍රේග් පසුපස පාදයේ ක්‍රීඩා කරමින් ලකුණු රැස්කරන්නට විය. මෙය නොසිතූ ලෙස සාර්ථක වූ බව ඔහුට වැටහී ගිය හෙයින් එම තරගාවලියේ දී අනෙක් පන්දු යවන්නන් හට ද මුහුණදුන්නේ upright ඉරියව්වෙනි.
මේ ආකාරයෙන් පිතිකරණයේ යෙදෙන තවත් අයෙක් නම්, ග්‍රෙහැම් ගුච් ය. අඩි 6ක් පමණ උස ගුච්, එවැනි ඉරියව්වකින් පහර දීමට හේතුව ඔහු වේගයෙන් ඔහු වෙතට එන පන්දු වලට මුහුණ දීමට තිබු දැඩි කැමැත්තයි.
Upright ඉරියව්වෙන් හිටපු එංගලන්ත නායක මයික් බ්‍රියර්ලි ද පිතිකරණයේ යෙදී ඇත. 1974 වසරේ මැයි මාසයේ දී එජ්බැස්ටන් හී දි මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් බ්‍රියර්ලි ලකුණු 78ක් රැස්කරන ලද්දේ පැය 3ක් පමණ පිතිකරණයේ යෙදෙමින්. ඉනිම අවසන් වූ පසු හිටපු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත සහ එංගලන්ත ටෙස්ට් කඩුලු රකින්නා අර්නර්ස්ට් ස්මිත් නොහොත් ටයිගර් ස්මිත් (එවකට ඔහු 89 හැවැරිදි විය) බ්‍රියර්ලි හමුවී පැවසුවේ ඔහු පිතිකරණයේ යෙදෙන විට දැඩි කලබලකාරී බවක් පෙනෙන බවත් පන්දුව මුහුණ දෙන විට එයට නිදහසේ පහර එල්ල කිරීමට නම් ඔහු කෙලින් සිටිය (upright) යුතු බවයි. එය බ්‍රියර්ලිට වඩාත් පැහැදිලි වන සේ, 'ටයිගර්' තම හැරමිටිය භාවිතා කරමින් පිත්ත ශරිරය අසලින් අවලම්බයක් ක්‍රියා කරන අයුරින් ක්‍රීඩා කළ යුතු බවට පෙන්වා දෙන ලදී.
මෙම සරළ නමුත් අවස්ථානුකූලව භාවිතා කළ යුතු Upright ඉරියව්ව මෑත කාලයේ පිතිකරුවන් කිහිපදෙනෙකුම භාවිතා කර ඇත. චමින්ද වාස් (ක්‍රිකට් දිවියේ අවසන් භාගයේ දී), මාර්කස් ට්‍රෙස්කොතික් මෙයට නිදසුන් ය.
Image courtesy:
1) Tony Greig - the cricketer
2) Mike Brearley - Patrick Eager
3) Marcus Trescothick - Twitter



Comments
Post a Comment