හූපර් අධ්‍යයනය (Studying Hooper)

"පිතිකරුවා තරගයේ ආධිපත්‍යය තමන් සතුකරගෙන ඉන්න වෙලාවක මම කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ කියලා සිතුවිල්ලක් එන අවස්ථා තිබ්බා...

හැබැයි මම විශ්වාස කරන්නේ, මම යවන ඊළඟ පන්දුව, මම යවන හොඳම එක කියලා, ඊළඟට කවූරුහරි රැකගන්න උඩපන්දුව, හොඳම උඩපන්දුව කියලා. ඒ හින්දම මම කුමන මොහොතක වත් තරගය අත් හැරලා දැම්මේ නෑ...

ඒ අතරින්, මට හොඳටම මතකයි වරක් කාල් හූපර් මගේ පන්දුවලට දිගට හරහට පහරදුන්නා. ඔහුගේ මේ නොනවත්වා පහර දීම හින්දම මගේ කේන්තිය අමාරුවෙන් පාලනය කරගෙන හිටියේ...



මේ දේ පන්දුවාර 3-4ක් තිස්සේ සිදුවුනාට පස්සේ අපිට දහවල් ආහාරය සඳහා තරගය නතරකරන්නට සිදුවුනා. කේන්තිය සහ වෙහෙසකාරි බව හින්දා හූපර් ට කළ යුත්තේ කුමක් ද යන්න ගැටළුව මගේ ඔලුවේ වැඩ කර කර තියෙද්දී මට බොබ් සිම්ප්සන් හමුවුනා. 
බොබ් කිව්වේ, 

"හූපර් අනිවාර්‍යයෙන්ම ඔබට යම් දෙයක් අඟවනවා, ඔහු ලොකු පහරවල් වලට යද්දී, ඔබ එය හඳුනාගත යුතුයි"

මං කිව්වේ "මට ඒ වගේ කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා" කියලා.

බොබ්: "ඔහුව මීටත් වඩා හොඳින් නිරික්ෂනය කරන්න"

වෝන්: "මම ඔහුගේ පාද චලනය, පිත්ත හසුරුවන ආකරය හැමදේම බැලුවා, මට හොයාගන්න බෑ කිසිම අඩුපාඩුවක්"

බොබ්: "ඔහුගේ ශරීරය දිහා බලන්න, ඔහු විශාල පහරකට යන විට යම් වෙනස්කමක් සිදුවිය යුතුයි"

ඉන් පසු, බොබ් ට මං කිව්වා මං උත්සහ කරන්නම් කියලා.

නැවත තරගය ක්‍රියාත්මක වුනා, මුල් පන්දුවාර කිහිපයේ දී මම පන්දු යවන විට, පන්දුව අතින් ගිලිහෙන අවස්ථාවේ දී පන්දුව නොයවා, මගේ දිව යාමේ (run up & front foot landing) ගැටළුවක් ඇති බව විනිසුරු ඇතුළුව සෑම දෙනෙක්ට හැඟෙන අයුරින් රඟ පෑමක් කරන්නට සිදුවුනා. 

එලෙස පන්දු යවන්න උත්සහ කරන විට හූපර් ගේ ශරීරයේ වෙනස්කමක් ඇත්දැයි නිරීක්ෂනය කළා. නමුත්, හූපර් අන් පිතිකරුවන් මෙන් නොව, එලෙස පන්දු නොයැවූවද ඔහු තම සීමා ඉරෙන් කිසිදු විටක තම පාද චලනය කළේ නෑ, ඔහුගේ ශරීරය එලෙසම යි.

ඉන්පසුවත් පන්දුවාර කිහිපයක් මම ක්‍රියාත්මක කළා, එවිට මට හැඟුනා හූපර් ගේ පිතිකරණ රටාවේ සුළු වෙනස්කමක් ඇති බව, නමුත් මට එය කුමක් ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වුනා...

නොනවත්වාම මම ඔහු නිරීක්ෂනය කළා, අවසානයේ දී මම සාර්ථක වුනා. හූපර් ගේ වෙනස්කම සොයාගත්තා...

ඔහු කළේ, ඔහු ලොකු පහරකට යන්නේ නැති අවස්ථාවක දී;
පිත්තෙන් බිමට තට්ටු කරන විට මුහුණ පහළට, ඉන් පසුව පන්දුව දෙසට, නැවත මුහුණ පහළට (පිත්තෙන් තට්ටු කරනවිට), නැවතත් පන්දුව දෙසට (tapping his crease & looking down -contd.)..

ඔහු, විශාල පහරකට යන්න උත්සහ කරන විට;
ඔහු පිත්තෙන් බිමට තට්ටු කළත්, ඔහු පන්දුව දෙස නොනවත්වාම බලා සිටීමයි (Staring at the ball), ඉන් පසුව පහර එල්ල කර, දිවීම සිදු කිරීමයි.


වෝන් සහ ඕස්ට්‍රේලියානුවන් පිතිකරුවන් සහ පන්දු යවන්නන් අධ්‍යයනය කරන්නේ මෙලෙසයි. එය, ක්‍රිකට් තරගයක ක්‍රීඩකයින් ට සැලසුම් සකස් කිරීමේ දී ඉතාම වැදගත් මූලධර්මයක් ලෙස සැලකිය හැකියි.

Image courtesy: 
1) Hooper - the cricket monthly
2) Warne - Cricket Australia

Source: Sky Sports

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments