ඉන්දියාවට අහිමි වූ පා දඟ පන්දු යවන්නා

ඉන්දියාවේ එක්තරා විශිෂ්ට දඟ පන්දු යවන්නෙක්ට ක්‍රිකට් ක්‍රීඩා දිවියට සමුදෙන්න සිදුවුනේ අතිශය අවාසනාවන්ත සිදුවීමක් නිසා.

1961/62 වසරේ එංගලන්තයට එරෙහිව ෆෙරෝස්z ශා කොට්ලා හි පැවති තෙවන ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය පිළ නවාතැන් ගෙන සිටියේ ඉම්පීරියල් හෝටලයේ.

තම හෝටල් කාමරයේ මෙම දඟ පන්දු යවන්නා ට අමතරව තවත් ක්‍රීඩකයෙක් නවාතැන් ගෙන සිටියා. 

මෙම අනෙක් ක්‍රීඩකයා, එම හෝටලයේම රාජකාරි කටයුතු කළ නිලධාරිනියකු හට ආරාධනා කළේ, තම හෝටල් කාමරයට පැමිණ, ඔවුන් සමඟ මත්පැන් සාදයකට සහභාගි වන ලෙසයි.

මෙයින් කෝප වූ එම නිලධාරිනිය, මෙම සිදුවීම ඉන්දීය කණ්ඩායමේ කළමණාකරු හට රපෝර්තු කළා.

ඒ අනුව, ඉහත හෝටල් කාමරයේ සිටි මෙම ක්‍රීඩකයින් දෙදෙනාටම තරග තහනම් වූ අතර පසුව හෙළි වූයේ මෙම සිදුවීමට එම දඟ පන්දු යවන්නා කිසිසේත් සම්බන්ධ නොමැති බවට.

එවකට ඉන්දීය ක්‍රිකට් නිලධාරින් , මෙම දඟ පන්දු යවන්නා ට සාධාරණ පරීක්ෂනයක් සිදු නොකිරීම නිසා මෙම දඟ පන්දු යවන්නා ගේ ක්‍රිකට් දිවිය එම සිදුවීමෙන් අවසන් වුනා.

අදටත් ඔහුගේ සමුගැනීම, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ බලවත් පාඩුවක්.

ඉහත ඉන්දීය දඟ පන්දු යවන්නා, ටෙස්ට් තරග 36 ක් ක්‍රීඩා කර කඩුලු 149ක් බිඳ දැමූ ඔහු සුභාෂ් ගුප්තේ.

සුභාෂ් ගුප්තේ

ගාෆිල්ඩ් සෝබර්ස්, ජිම් ලේකර් සහ එරපල්ලි ප්‍රසන්නා ට අනුව එකල සිටි විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා.

සුභාෂ් ක්‍රීඩා කරන සමයේ ඉන්දීය පිල කොටස් දෙකකට කැඩි තිබුණු බවට එවකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ව කටයුතු කළ නාරි කන්ට්‍රැක්ටර් පවසනවා.

එකල කණ්ඩායමේ පිල් බෙදී තිබුණේ , බොම්බේ සහ බැරෝඩා ක්‍රීඩකයින් ලෙසට. ඔවුන් එකිනෙකට මුහුණ දීමට කැමැත්තක් දක්වා තිබුනේ නෑ . එය කෙතරම් දරුණු ලෙස ඉන්දීය කණ්ඩායමට බලපෑවාද යත් වරක් සුභාෂ් ගුප්තේ එංගලන්ත පසු පෙළ පිතිකරුවෙක් ලෙස පැමිණි ෆ්‍රෙඩ් ට්රූමන් හට පන්දු යවන විට, පිතිකරුවා අසළ පන්දුරකින බැරෝඩා ක්‍රීඩකයින්, ට්රූමන් හට, සුභාෂ් යවන පන්දුව ගුග්ලියක් ද පා දඟ පන්දුවක් ද යන්න මුමුණා ඇති බවට කන්ට්‍රැක්ටර් පවසනවා.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසඥයෙකු වන මිහිර් බෝස්, ඔහු විසින් රචිත කෘතියක පහත අයුරින් ගුප්තේ ගේ ක්‍රිකට් දිවිය සඳහන් කළා.

"India's first great spinner ended his career because he happened to share a room with a man who wanted a drink with a girl"

*හෝටල් නිලධාරිනියකුට ඇරයුම් කළ ඉන්දීය ක්‍රීඩකයා A.G. ක්‍රිපාල් සිං

ක්‍රිපාල් සිං

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments