කළු බ්‍රැඩ්මන්

කොදෙව් දූපත් සඳහා ටෙස්ට් වරම් හිමිවීමට ප්‍රථම එකල සිටි නවක ක්‍රීඩකයින් බොහෝමයක් නිසි ආදායමක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නොලැබෙන නිසාම ක්‍රීඩාව අත්හැර වෙනත් රැකියාවක් හෝ ඇමෙරිකාවට සංක්‍රමණය වන්නට පටන් ගත්තා.

එකල ඉතාම හොඳින් දස්කම් දැක්වූ නවක පිතිකරුවෙක් ට ද ඇමෙරිකාවට සංක්‍රමණය වීමට අවස්ථාවක් උදා වුනා. තම දෙමව්පියන් විසින් ඇමෙරිකාවේ සිට ජැමෙයිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි මෙම තරුණ දක්ෂ පිතිකරුවාට එහි රැකියාවකට එක්වෙන ලෙස (වෙනත් මූලාශ්‍ර සඳහන් කරන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව හැදෑරීමට) ඉල්ලීමක් කරමින් එයට කටයුතු සූදානම් කළා.

නමුත්, ඔවුන් විසින් යැවූ ලිපිලේඛන සහ විදේශ ගමන් බලපත්‍රය පැනමා හි දී අස්ථානගත වීම හෝ නිසි වේලාවට ඔහුට හිමි නොවීම නිසා එම දින කිහිපය අතරතුර කොදෙව් සංචාරයකට පැමිණි ලෝර්ඩ් ටෙනිසන් ගේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජැමෙයිකානු පිළට ක්‍රීඩා කිරීමට, මෙම පිතිකරුවාට අවස්ථාව ලැබුණා . 

ඒ අනුව ජැමෙයිකාව වෙනුවෙන් තම පළමු පෙළ වරම් දිනාගන්නා මෙම පිතිකරුවා තම මංගල තරගයේ දී ම දස්කම් දක්වන්නට පටන් ගත්තා.

වසර කිහිපයකට පසු මෙම පිතිකරුවාට කොදෙව් ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් හිමිවන අතර 1954 වසරේ දී ටෙස්ට් දිවියට සමුදෙන විට කොදෙව් ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ටතම පිතිකරුවා බවට පත්වුනා.

මෙම පිතිකරුවා, ටෙස්ට් තරග 22ක දී ලකුණු 2190ක් රැස්කළ (සාමාන්‍යය 60.83) පැනමා හි උපත ලද ජෝර්ජ් ඇල්ෆෝන්සෝ හෙඩ්ලි ය.

එහෙමත් නැත්නම් ;

කළු බ්‍රැඩ්මන් (Black Bradman)




aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments