යාර පහ

නොටිංහැම්ශර් ප්‍රාන්තය සහ එංගලන්ත පිළ් නියෝජනය කළ, 1877 මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් මුල්ම පන්දුව යැවූ ඇල්ෆ්‍රඩ් ශෝ ට මරණෙන් පසු ඔහුව වැළලිය යුතු ආකාරය පිළිබඳව අපූරු උවමනාවක් තිබුණා.
කලක් ඔහුගේ අතිජාත මිත්‍ර සහ ඔහුගේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ආතර් ශ්‍රෙව්ස්බෙරි ගේ මිනීවළ සිට තණතිල්ලක දුරකින් ඔහුව වළ දැමිය යුතු බවට, ඔහුගේ අවසන් කැමැත්ත වුනා.
ඒ අනුව, ඔහුව ඒ අයුරින් යාර 22ක් දුරින් වළ දැමීමට ඔහුගේ හිතාදරයින් කටයුතු කළත් සති කිහිපයකට පසු ඔවුන්ට වැටහී ගියේ වැරදීමකින් යාර 22ක් වෙනුවට යාර 27ක් දුරින් ඔහු වළ දමා ඇති බවට..
මේ පිළිබඳව අයෙක් බලධාරින්ට දැනුම් දුන් අතර එක් නිලධාරියෙකු පැවසුවේ;
"අවුලක් නෑ, ඇල්ෆ්‍රඩ් කොහොමත් යාර 5ක් දුවගෙන ඇවිත් තමයි පන්දු යවන්නේ"
(Alfred always took a five-yard run)


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments