"ප්‍රමාදයට දඬුවම - දඬුවම ට පිළිතුර"
හිටපු අගමැති ඩඩ්ලි සේනානයක, කේම්බ්‍රිජ් අධ්‍යාපනයෙන් පසු දේශපාලනයට පිවිසියත්, තම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අමතක කළේ නෑ.
වරක්, කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) තරගයක් අතරතුර ප්‍රමාද වී පැමිණි එවකට යොවුන් ක්‍රීඩකයින් වූ ඩඩ්ලි සේනානායක සහ එකල මෙරට සිටි දක්ෂතම මැදපෙළ පිතිකරු, තාක්ෂනයෙන් පිරිපුන් සාගෝ ජයවික්‍රම දෙදෙනා දැක, SSC කණ්ඩායමේ නායක L.D.S. ගුණසේකර නොහොත් "චිපී" ගුණසේකර ගේ කෝපය ඉහ වහා ගියා.
වහාම, පා ආවරණ පැළඳ නව පන්දුවට මුහුණ දෙන ලෙස දෙදෙනාටම නියෝග කළ 'චිපී' ගුණසේකර බලාපොරොත්තු වූයේ ඔවුන් නව පන්දුවට නුපුරුදු බැවින් ඉක්මනින් දැවී යා හැකි බවට.
1938 වසරේ විවේකී සෙනසුරුදා දිනයක පැවති මෙම තරගයේ දී, ප්‍රේක්ශකයින් ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ ඩඩ්ලි සාගෝ යුගලය පළමු කඩුල්ලට දැවැන්ත ලකුණු 246ක් රැස් කළේ 'චිපී' ගුණසේකර විස්මයට පත්කරමින්.
![]() |
| ඩඩ්ලි සේනානායක |
![]() |
| සාගෝ ජයවික්‍රම |
දිනය නිමාවන විට,
ඩඩ්ලි සේනානායක නොදැවී ලකුණු 104
සාගෝ ජයවික්‍රම නොදැවී ලකුණු 134
Image Courtesy:
1) Getty Images - Dudley Senanayake
2) Palitha Jayakody - Sargo Jayawickrama


Comments
Post a Comment