සිලෝන් හි හර්බට් සට්ක්ලිෆ්

- 1920 - 1935 වකවානුවේ දී මෙරට සිටි දක්ෂතම ආරම්භක පිතිකරුවා.
- 1925 දී මෙරට දී පැවති ටෙස්ට් තරගයක, ක්රීඩකයෙක් විසින් රැස්කළ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්යාවේ වාර්තාව පිහිටුවීම. යුරෝපියයන් ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 175 (යුරෝපීයයන් සහ සිලෝන් ක්රීඩකයින් අතර වාර්ෂිකව පැවති තරග, ටෙස්ට් තරග ලෙස හැඳින්වූවා, නමුත් මෙයට පළමු පෙළ තත්ත්වය හිමිව තිබී නෑ)
- වසර 4ක් යාමට මත්තෙන් ඉහත වාර්තාවම නැවතත් අලුත් කිරීමට සමත් වෙමින් ලකුණු 188ක් රැස්කිරීම.
- 1929 දී L.D.S. "චිපී" ගුණසේකර හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 186ක් එක්කරම්න්, මෙරට පැවති "ටෙස්ට්" තරගයක වාර්තාවක් පිහිටුවීම.
- 1929 දීම රාජ්ය ක්රිකට් ක්රීඩකයින්ගේ පිළ සහ වෙළඳ සේවා පිළ අතර තරගයේ දී නොදැවී ලකුණු 152ක් රැස්කරමින් වෙළඳ සේවා පිළ පරාජය කරවීම.
වැනි විශිෂ්ට දස්කම් දැක්වූ, එංගලන්තයේ හර්බට් සට්ක්ලිෆ් යන අන්වර්ථ නාමය හෙබි, මොහොට්ටී ඇල්බට් නම් ඒ පිතිකරුවා ගේ ඡායාරූපයක්.


Image Courtesy - Love of a Lifetime by Bertie Wijesinghe

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments