කවුඩ්‍රි ට ලැබුණු පණිවිඩය

1955 ඇඩ්ලේඩ් ටෙස්ට් තරගයේ දී, එංගලන්ත පිතිකරු කොලින් කවුඩ්‍රි වගකීම් රහිතව පහරවල් කිහිපයක් එල්ල කරන බව දැකගත් ක්‍රීඩක අට්ටාලයේ සිටි එවකට එංගලන්ත නායක ලෙන් හට්න්, දොළොස් වැනි ක්‍රීඩක වික් විල්සන් හරහා, කොලින් කවුඩ්‍රි ට පණිවිඩයක් යැවීය..

ඕස්ට්‍රේලියානු බ්ලේසරය පැළඳ සිටි වික් විල්සන්, ඉතාමත් සන්සුන් ලෙස කවුඩ්‍රි වෙතට පිය නැඟු අතර, බ්ලේසරයේ සඟවා තිබු කෙසෙල් ගෙඩි දෙකක් කවුඩ්‍රි ට ලබා දුන්නා..

"මට මොකට ද මේවා ???" 

කවුඩ්‍රි , විල්සන් ගෙන් විමසුවේ තරමක් කෝපවූ ස්වරූපයකින්..

"වැරදි පාරවල් දෙක තුනක් ගහද්දී නායකයා හිතුවේ උඹට බඩගිනි වෙලා කියලා...උඹට බඩගිනි නැත්තන් කලබල නැතුව ගහන්න කියලා කිව්වා..."
වික් විල්සන් එලෙස පවසමින්, සන්සුන්ව නැවත ක්‍රීඩාගාරය දෙසට පියමං කළා...

කොලින් කවුඩ්‍රි 


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments