මාධ්‍යවේදීයෙකු නිසා ඉතිහාසගත නොවූ ලංකාවේ උපත ලද මුල්ම ටෙස්ට් ක්‍රීඩකයා
1898 වසරේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු පොතක් එළි දක්වනවා. එය නම් කර තිබුනේ "සවුත් ඔස්ට්‍රේලියන් ක්‍රිකටර්ස්" යනුවෙන්..
මෙහි ක්‍රිකට් පිළිබඳ ඉතිහාසය මෙන්ම තෝරාගත් ක්‍රිකට් තරග වල ලකුණු දත්ත සඳහන් කර තිබුණා...
මෙහි දී ඔහු සමහර තරග කිහිපයක් ලැයිස්තුගත කර තිබූ අතර එය පසු කලක ඉතා වැදගත් වුණා..
ක්ලැරන්ස් පී. මූඩි නම් වූ ඔහු ගේ මේ ලැයිස්තුගත කළ තෝරාගත් සමහර එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු තරග, ඔහු එම පොතේ සටහන් කළේ "ටෙස්ට් මැචස්" ලෙස.
මෙම ලැයිස්තුව පදනම් කරගෙන මෙම තරග 'ටෙස්ට් තරග' ලෙස නිල වශයෙන් නම් කිරීමත්, ඉන් පසුව පැවති තරග සඳහා ටෙස්ට් තත්ත්වය උපයෝගී කරගනිමින් ටෙස්ට් තරග ලැයිස්තුගත වන්නට පටන් ගත්තා..
ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ටෙස්ට් තරග සියල්ලම, එක් පුද්ගලයෙකුගේ ලැයිස්තුවක් පදනම් කරගෙන වාර්තා පොත් අතරට යාම , පුදුමාකාර සිදුවීමක්..
පහත ඇති 1878 තරගය (මාර්ලිබෝන් සහ ඔස්ට්‍රේලියන්ස්) ,ක්ලැරන්ස් මූඩී ගේ ලැයිස්තුවේ නොමැති වීම නිසා එයට ටෙස්ට් තත්ත්වය හිමිව නෑ..
මේ නිසාම, ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය විසින් රැස් කළ අඩුම කණ්ඩායම් ලකුණු ගණන වාර්තා පොත් අතරට එක්ව නෑ..
එමෙන්ම මෙම තරගයට ක්‍රීඩා කළ, ජෝර්ජ් බේලි (මෑතක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩා කළ ජෝර්ජ් බේලි ගේ මී මුත්තා) ටෙස්ට් තරග ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙක් ලෙස ඉතිහාසගත වනවා..
එය ටෙස්ට් තරගයක් වුනා නම්, ලංකාවේ (Born in Ceylon) උපත ලද මුල්ම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ජෝර්ජ් බේලි ඉතිහාසගත වන්නට ඉඩ තිබුණා..




Comments
Post a Comment