ලේ කැටෝ සටනේ දී දිවි බේරාගත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා

1908 වසරේ දී සසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ වරම් දිනූ ඇලන් ග්‍රැන්විල් ලූතර්, එම වසරේ දී පළමු පෙළ තරග 17ක් ක්‍රීඩා කර ලකුණු 383ක් රැස්කිරීමට සමත්වුනා. 

නමුත් ක්‍රීඩාවට අමතරව ඔහු යුද නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම නිසා වෘත්තීය මට්ටමෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පූර්ණ අවධානයක් යොමු කිරීමට හැකි වුනේ නෑ. 
1914 වසරේ අගෝස්තු මස 26 වන දින ජර්මන් හමුදාව පැමිණීම වැළක්වීමට ලේ කැටෝ (Le Cateau) හි දී ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය හමුදාව එක්ව සිදුකළ සටන අතරතුර දරුණු ලෙස තුවාල වූ මේජර් ඇලන් ලූතර් ඇතුළු හමුදා කණ්ඩායමේ සියල්ලන්ගේම පොකැට්ටු පරික්ෂා කරමින් සිටි ජර්මානු හමුදාවේ එක් සොල්දාදුවෙකු, ඇලන් ලූතර් ගේ මුදල් පසුම්බියේ තිබූ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සාමජික පත දැක, ලූතර් විස්මයට පත්කරමින් මෙසේ පැවසුවා;
"උඹට, ආයෙත් ක්‍රිකට් නං ගහන්න බැරිවේවී..". 
එම ජර්මානු සොල්දාදුවා ඉන් වසර කිහිපයකට පෙර එංගලන්තයේ දී රැකියාවේ නිරත වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල රසිකයෙකි. එම නිසාම, ජර්මානු සොල්දාදුවා සහ ඇලන් ලූතර් අතර ඉක්මන් මිත්‍රත්වයක් ගොඩනැගුණු අතර, ලූතර් හට වෙනත් කිසිදු අනතුරක් නොවන පරිදි ආරක්ෂිතව බ්‍රිතාන්‍ය පාලන පෙදෙසට පිටත් කළා.



ප.ලි. - 1937 දි පමණ, හිට්ලර් ගේ පාලන කාලයේ දී එක් එංගලන්ත කණ්ඩායමක්, බර්ලින් නුවරේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇත. එයට හිට්ලර් ගේ ද විශේෂ අවධානය යොමුවුනා.

ඒ පිළිබඳව වැඩි විස්තර මෙම ලිපියෙන්: 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments